ඉතාලියේ කොරෝනා මරණ 4800 ඉක්මවයි


ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ  ගණන 4,825 දක්වා ඉහළ ගොස් ඇත. 
  
ඊයේ (21) දිනයේදී පමණක් 793 දෙනකු මියගිය බව ඉතාලි බලධාරිහු පවසති.
 
 එම සංඛ්‍යාවත් සමඟ එක ළඟ දින දෙකකදී ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව පිළිවෙළින් 600 සහ 700 ඉක්මවා ගියේය. සිකුරාදා දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 627ක් වාර්තා විය.මේ අනුව  අසමස්ත මරණ  ගණන 4,825 ඉහළ ගියේය. 
 
ඉතාලිය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට සති හතරක් වන අතර එම කාලය තුළ දී වැඩිම මරණ ගණනක් වාර්තා වූ දිනය ලෙස ඊයේ දිනය සටහන් විය.
 
ඉතාලියේ මරණ ගණන වැඩි වීමත් සමඟ කොරෝනා වයිරසය හේතුවෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ ගණන 5,000 ඉක්මවා ඇතිදිනයේදී සමස්ත මරණ ගණන 12,000 ඉක්මවා ගොස් ඇත.
 
රොයිටර්
 
055