( දිල්රුක්ෂි ග්‍රේරු)
ඇඳිරිනීතිය ඉවත් කළ සියලු ප්‍රදේශවල තිබෙන සියලු බැංකු විවෘතව තබන්නැයි රජය ඉල්ලීමක් කර ඇත.
ඒ සඳහා සීමීත සේවකයින් පිරිසක් කැඳවා ගන්නැයිද බැංකු කළමණාකාරවරුන් දැනුම්වත් කර තිබේ.
මේ කාර්යයට සහාය වන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලංකා බැංකු සේවක සංගමයෙන් ද ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

