ඇඳිරි නීතිය නැති පෙදෙස්වල බැංකු අරින්න මහ බැංකුවෙන් උපදෙස්


පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශයන්හි පිහිටි සියලුම බලපත්‍ර ලාභී වාණිජ බැංකු ශාඛා සහ බලපත්‍ර ලාභි විශේෂ බැංකු ශාඛා, හෙට (23 වැනිදා) දිනයේ පැය දෙකක කාලයක්වත් මහජනයාගේ හදිසි මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී.

එසේ වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනයාගෙන් කරනු ලබන ප්‍රධානතම ඉල්ලීම වන්නේ හැකි තරම් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ගනුදෙණු කිරීමටත් සෙනඟ අඩුවෙන් ගැවසෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතා කරමින් තමන්ගේ ගනු දෙනු කරගන්නා ලෙසත්ය.

එලෙසින්ම අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග තදින්ම පිළිපදින ලෙසද ශ්‍රී ලංකා මහබැංකුව සියලුම බැංකු සේවක සේවිකාවන්ට අවවාද කර සිටී,

055