(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මත් පැන් විකිණූ 42 හැවිරිදි පුද්ගලයෙකු අද (22) බෝගහගොඩ කබරගලදී අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ නීති විරෝධීව මත්පැන් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරු අධිකරණයෙන් දඬුවම් ලබා ඇති අයෙකු බවයි.
ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. වී. කේ. උපුල් කුමාර මහතා
උපාය දූතයෙකු යොදවා ගනිමින් සැකකරුගෙන් මත්පැන් මිලයට ගන්නා අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

