අද සිට රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අවලංගුයි


(මහින්ද නිශ්ශංක)

අද රාත්‍රියේ සිට සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇතැයි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ් ඩී පද්මලාල් මහතා පවසයි.

කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගයේ සියලු දුම්රියද අවලංගු කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

වයිරසය සම්බන්ධයෙන් රටේ පවතින තත්වය අනුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව, කොළඹ- බදුල්ල, කොළඹ-මඩකලපුව, කොළඹ-ත්‍රිකුණාමලය සහ කොළඹ- ගාල්ල යන තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.