(පාලිත ආරියවංශ)
අත්‍යාවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පැමිණිමේදී සිදුවන තදබදය අවම කිරීම සඳහා එම ආහාර ද්‍රව්‍ය පාර්සල් කර සැපයීමේ වැඩසහනක් ක්‍රියාත්මක කිරීමට ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත ඌව පළාතේ පොලිස් ස්ථානය පියවරගෙන තිබේ.
මේ වැඩසටහන අනුව සතොස හා සමුපකාරවල මැදිහත් වීමෙන් නිශ්චිත මුදල් ප්‍රමාණයන්ට සරිලනසේ වියලි ආහාර ද්‍රව්‍ය හා කිරි පිටි පාර්සල් සකස් කරන අතර සාතොස හා සමුපකාර වාහන වලින්ම ප්‍රවාහනය කර බෙදාහරින බව පොලිසිය සදහන් කළේය.
ඒ සඳහා ඇදිරි නීතිය බල නොපත්වන බවද සඳහන් කළේය.
මේ අතර පුද්ගලික ආයතන මේ වැඩසටහනට සහභාගි කරවා දුරකථනය මගින් ඇනවුම් භාරගෙන පාර්සල් සකස් කර පාරිභෝගියන්ට සැපයීමටද සැලසුම් කර තිබේ. ඔවුන්ටද මෙසේ ප්‍රවාහණය කර විකිනීමට අවසර දී තිබේ.
ශබ්දවාහිනි යන්ත්‍ර මගින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන අතර වැඩි විස්තර බදුල්ල පොලිස් අධිකාරි (-071 8591508) බදුල්ල සහකාර පොලිස් 1( 0718591510 ) බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක (0718591511) සහ ළඟම පොලිස් ස්ථානවලින් ලබාගත හැකි බවද පොලිසිය පවසයි .

