(නිමල කොඩිතුවක්කු)
පාසල් දරුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයෙන් වසර දෙකක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූ පාසල් ගුරුවරිය සම්බන්ධ නඩු තීන්දුව පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
ඒ සම්බන්ධයෙන් වන නීතිමය ක‍්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටින බව එම සංවිධානයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ලංකා ගුරු සේවා සංගමය මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද (5) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එම ගුරුවරිය අදාළ සිසුවාට දඬුවම් කර ඇති බවට කිසිදු තැනක සඳහන් වී නොමැති බවත් කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සිදුකළ විමර්ශනයකින් පවා මේ බව තහවුරු වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.