සියලු ජාත්‍යන්තර ගුවන් සමාගම් යළි මගී මෙහෙයුම් අරඹන්න යයි


( තිළිණි ද සිල්වා )

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට මගී මෙහෙයුම් සිදු කළ සියලුම ජාත්‍යන්තර ගුවන් සමාගම් නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹිමට එකඟත්වය පල කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද(21) පැවසීය .

සංචාරකයන්ට රට විවෘත කරමින් වානිජ ගුවන් ගමන් ආරම්භ කළ අද දිනය තුල පමණක් වානිජ ගුවන් ගමන් 15 ක් පමණ සිදු වූ බවද අමාත්‍යවරයා කීය.

කොවිඩ් 19 වසංගතය රට තුල පැතිරීමට පෙර තිබූ තත්වයටත් වඩා දියුණු තත්වයකට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම රජයේ අපෙක්ෂාව බව පැවසූ ඇමතිවරයා ඒ සදහා කිසියම් කාලයක් ගත විය හැකි බවද කියා සිටියි.

සංචාරකයන්ට රට විවෘත කිරීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (21) උදෑසන කොළඹ දී පැවති උත්සවයකදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය. සංචාරක සංවර්ධන අධිකාරිය එය සංවිධානය කර තිබුණි. 

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කිවේය.
    
මේක  ජාතික යුතුකමක් සහ වගකීමක් හැටියට අපේ අමාත්‍යාංශය හදුනාගත් නිසා මාස 10 ක් තිස්සේ සංචාරකයන්ට වසා දමා තිබූ රට අද සිට නැවත විවෘත කරනවා. අපේ එකම අරමුණ සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් වසංගතය බෝවීම වැලැක්වීමයි ඒ සදහා අපි ගත හැකි ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ශ්‍රී ලංකාව සුරක්ෂිතයි. සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සදහා මේ සුන්දර දිවයිනට එන්නැයි අපි ලෝකය පුරා සිටින සියළුම සංචාරකයින්ට ආරාධනය කරනවා. 

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර අපේ රටට ජාත්‍යන්තර ගුවන් සමාගම් 35 ක් පමණ මගී මෙහෙයුම් සිදු කලා. ඒ සියළු ගුවන් සමාගම් අප සමග යලි වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පල කර තිබෙනවා. අපි දෛනිකව ගුවන් මෙහෙයුම් 80ක් පමණ සංඛ්‍යාවක් 
කටුනායක ගුවන්තොටුපොල තුල සිදුකලා. ලෝකයේම ක්‍රියාත්මක නව සාමාන්‍යකරන වැඩ පිළිවෙල යටතේ එවැනි තත්ත්වයකට පැමිණීමට ටික කාලයක් යාවි. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් එය සිදුවේවියැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීමත් මාස 06, 07ක් 
 
යනකොට යථා තත්ත්වය පත්වේවි යැයි  අපි අපේක්ෂා කරනවා. රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. ඒකට කාලයක් ගතවේවි. 
 
නැවත වතාවක් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා සියළුම අයගේ සහාය ඉල්ලා සිටිනවා. නැවතත් සංචාරකයන්ට ආරාධනා කරනවා. දැන ඔබට මේ රට විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරක්ෂිත ගමනාන්තයක් සදහා මේ දිවයිනට එන්න.
යනකොට යථා තත්ත්වය පත්වේවි යැයි  අපි අපේක්ෂා කරනවා. රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. ඒකට කාලයක් ගතවේවි. 
 
නැවත වතාවක් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා සියළුම අයගේ සහාය ඉල්ලා සිටිනවා. නැවතත් සංචාරකයන්ට ආරාධනා කරනවා. දැන ඔබට මේ රට විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරක්ෂිත ගමනාන්තයක් සදහා මේ දිවයිනට එන්න.‘