(රංජන් කස්තුරි)
ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංකා සතොස අලෙවිසැල් සති අන්තයේ පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි.
ඒ අනුව සෙනසුරාදා (27) සහ ඉරිදා (28) යන දිනවලද රටපුරා සියලු ලංකා සතොස අලෙවිසැල් විවෘතව තැබෙන අතර ඇතැම් ශාඛා රාත්‍රී 9 දක්වා විවෘතව තබාගැනීමේ බලය ශාඛා කළමනාකරුවන් වෙත පවරා තිබෙන බවද එම ආයතනය පවසයි.
සියලුම සතොස ශාඛාවල පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව ලබා දී තිබෙන බවද එම ආයතනය පවසයි.

