ශ්‍රීලංකන් ගුවන් සේවය ජපන් සංස්කෘතික රිද්මය ලංකාවට රැගෙන එයි



ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ”‍Wadaiko Daigen-gumi ”‍ බෙර වාදන ප්‍රසංගයේ නිල ගුවන් සේවා සහකරු ලෙස එක්වෙමින්, ජපානයේ ”‍Ota Ward ”‍ හි වෘත්තීය ජපන් බෙර වාදකයන් පස්දෙනකු ලංකාවට කැඳවාගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය.

ටෝකියෝ සිට කොළඹ දක්වා UL455 ගුවන් යානයෙන් පැමිණි ඔවුන්, කලාකරුවන් පමණක් නොව ජපන් තායිකෝ (Taiko) බෙර සහ සාම්ප්‍රදායික ”‍KOTO”‍ ඇතුළු වාද්‍ය භාණ්ඩ ද රැගෙන ආහ. 

එම භාණ්ඩ බොහොමයක් විශාල ප්‍රමාණයේ ගමන් මලු‍ (Oversized Baggage) ලෙස ආරක්ෂිතව දිවයිනට රැගෙන ඒම සිදු විය. දැඩි සැලකිල්ල, නිවැරදිභාවය සහ වෘත්තීයභාවය පෙරදැරි කරගනිමින්, ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම කලාකරුවන් සහ ඔවුන්ගේ අගනා වාද්‍ය භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම තහවුරු කළ අතර, එය ගුවන් සේවයේ කැපවීම සහ ප්‍රවීණතාව මනාව පිළිඹිබු කරයි.

2026 ඔක්තෝබර් 07 වන දින මොරටුව විශ්වවිද්‍යාලයේදී සහ ඔක්තෝබර් 08 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ‘Wadaiko Daigen-gumi”‍ කණ්ඩායම විසින් ජපන් බෙර වාදනයේ මිහිරි රසය ලාංකේය ප්‍රේක්ෂකයන්ට සමීප කරවීය.