යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හත්වැනි සංවත්සරය සමරයි


 

  • මේ දක්වා ගුවන් මගීන් 167,237ක් සහ ගුවන් යානා මෙහෙයුම් 5,109 ක් හසුරවලා

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (JIA) අද (19) සිය හත්වැනි සංවත්සරය සමරන බව ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි. 2019 වසරේ ඔක්තෝබර් 19 වැනිදා එය නිල වශයෙන් ගුවන් යානා මෙහෙයුම් සඳහා විවෘත කෙරිණි. 

ගත වූ මෙම වසර හතක කාලය තුළදී යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ගුවන් මගීන් 167,237ක් හසුරුවා ඇති අතර, සිදු කර ඇති ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 5,109 ක් වන බවත් පැවසෙයි. 

ඉදිරියේදී කොළඹ සහ යාපනය අතර අභ්‍යන්තර ගුවන් ගමන් සහ යාපනයේ සිට සහ ඒ වෙත සිදු කරන ජාත්‍යන්තර ගුවන් සේවා මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තවදුරටත් සංවර්ධනය කිරිමට අපේක්ෂා කරන බව වත්මන් රජය සඳහන් කර තිබේ.