

- මත්ස්යයන් 2,996 දෙනකුගෙන් කිලෝ 1,202ක සමස්ත අස්වැන්නක්
- රුපියල් 696,000ක ආදායමක් උපයලා
ත්රිකුණාමලය අමදෝරු අමරජීව
ත්රිකුණාමලය හා අනුරාධපුර ප්රදේශවල කෘෂිකාර්මික කටයුතුවලට දියවර සපයන යාන්ඔය ජලාශයේ ක්රියාත්මක කළ කූඩු තුළ මත්ස්ය නිෂ්පාදන නියමු ව්යාපෘතියෙන් සාර්ථක අස්වැන්නක් ඉකුත් 16 දා ලබා ගැනීම හැකිවූ බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි.
මෙරට වාර්ෂික මත්ස්ය හිඟය පියවීමට අවශ්ය අතිරේක මත්ස්ය ටොන් 300,000 ක ප්රමාණය සපුරාලීමට සහ ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට හඳුන්වා දුන් මෙම ක්රමවේදය, ආහාරයට ගන්නා මත්ස්යයන් වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට මෙරට රවුම් කූඩුවක් භාවිත කළ පළමු අවස්ථාවයි. මෙම ව්යාපෘතිය යටතේ 2026 මැයි 18 වන දින මත්ස්ය ඇඟිල්ලන් 15,000ක් ඇති කිරීම ආරම්භ කළ අතර, පසුව ග්රෑම් 50ට වඩා බරින් යුත් උසස් ඇඟිල්ලන් 3,600ක් පසුගිය ජූලි 30 වන දින අදාළ රවුම් කූඩුවට තැන්පත් කෙරිණි.
එහි අස්වනු නෙළීමේදී මත්ස්යයන් 2,996 දෙනකුගෙන් කිලෝ 1,202ක සමස්ත අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ අතර, කිලෝවක් රුපියල් 600 බැගින් අලෙවි කර රුපියල් 696,000ක ආදායමක් උපයා ඇත.
නෙළාගත් අස්වැන්නෙන් මත්ස්ය කිලෝ 500ක් ලංකා ධීවර සංස්ථාව විසින් ද, තවත් කිලෝ 660ක් ප්රදේශයේ පෞද්ගලික මත්ස්ය අලෙවිකරුවකු විසින් ද මිලදී ගෙන තිබේ.
අස්වනු නෙළීමේ මෙම සුවිශේෂී අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්රිය, එම අධිකාරියේ අධ්යක්ෂ (ව්යාප්ති) ආර්.එච්. පොතුවිල් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙන්ම යාන්ඔය ධීවර ප්රජාව ද එක්ව සිටියහ.

