(ශිරාන් රණසිංහ)
කුඩා මෝටර් රථ ආනයනයට අදාලව රජය පැනවු බද්ද නිසා රජය සැළසුම් කළ පරිදි වාහන ආනයනය කිරීම සීමා වි ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.
එන්ජින් ධාරිතාව 1000 ට අඩු මෝටර් රථ පසුගිය කාලයේ විශාල ලෙස අලෙවි වු අතර විදේශ විනිමය විශාල ලෙස පිටරටට ඇදී ගියේය.
ඒ නිසා වාහන ආනයනය සීමා දැමීම වෙනුවට බද්ද වැඩි කිරීම හරහා රජය සිය අරමුණු කරා ළඟා වුවද වාහන ආනයනය කර විකිණිමේ ව්‍යාපාරය මේ වන විට සම්පුර්ණයෙන්ම බිඳවැටී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.

