
- පෙර වසරට සාපේක්ෂව සියයට 9.2 ක අඩුවිමක්
- සැප්තැම්බරයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 185.6 ක්
මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදයම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,245 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 2,248 ක ආදායම හා සැසඳීමේදී සියයට 9.2 ක අඩුවීමකි.
මෙම මාස නවය තුළ පැමිණි සංචාරකයන් 1,693,679 ක් හරහා මෙම ආදායම හිමිව තිබේ. පසුගිය වසරේ මුල් මාස නවය තුළදී සංචාරකයන් 1,725,494ක් පැමිණි අතර, මේ වසරේදී එය සියයට 1.8 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.
සැප්තැම්බර් මාසයේදී පැමිණි සංචාරකයන් 158,557 දෙනකු හරහා හිමි වූ ඩොලර් මිලියන 185.6 ක ආදායමත් සමගින් මෙම සමස්ත ආදායම වාර්තා වී තිබේ. මෙම ආදායම 2025 සැප්තැම්බර් මාසයේදී පැමිණි සංචාරකයන් 157,971 ක් හරහා ලැබුණු ඩොලර් මිලියන 182.9ක ආදායමට සාපේක්ෂව සියයට 1.5ක වර්ධනයකි.

