මිරිහානට අලු‍ත් තේ රසයක් සමග Tea Avenue Daily Brew විවෘත වෙයි



තේ කෝප්පයක් කියන්නේ අපේ දෛනික ජීවිතයේම කොටසක්. උදේ දවස පටන් ගන්න තේ එකක්, වැඩ අතරේ පොඩි විවේකයක් ගන්න කෝපි එකක්, යාළුවෙක් එක්ක හමුවෙලා කතාබහක් කරන අතරේ බොන තේ එකක් අද වෙද්දි මේ හැම දෙයක්ම Café සංස්කෘතියත් එක්ක එකතු වෙලා.

ඒ අත්දැකීමට තවත් අලු‍ත් තැනක් එක් කරමින් Tea Avenue Daily Brew හි නවතම ශාඛාව පසුගියදා මිරිහානේදී විවෘත කෙරිණි.

65E, මිරිහාන, නුගේගොඩ පිහිටි මෙම නව Café එක Hexora (Pvt) Ltd විසින් Tea Avenue franchise එකක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

Tea Avenue කියන්නේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සමග දිගු කාලයක සිට සම්බන්ධ නමක් වන Empire Teas සමග බැඳුණු සන්නාමයක්. ඒ නිසා Tea Avenue හි විශේෂත්වය වන්නේ අපේ තේ සංස්කෘතිය නවීන Café අත්දැකීමක් සමග එකතු කිරීමයි.
Tea Avenue හි කළමනාකාර අධ්‍යක්ෂ සජීව් ද සිල්වා මහතාගේ දැක්ම යටතේ වර්ධනය වූ මෙම සංකල්පය සාම්ප්‍රදායික තේ කඩයකට වඩා වෙනස්. 

තේ සහ කෝපි සමග උදෑසන ආහාර, සැන්ඩ්විච්, පැස්ටා, බර්ගර්, Loaded Fries, වොෆල් සහ අතුරුපස වැනි ආහාර රැසක් මෙහිදී රසවිඳින්න පුළුවන්.

ඒ නිසා උදේ කෑමකට යන කෙනකුට වගේම, දවල් කෑමකට, සවස කෝපි එකකට හෝ යාළුවෝ එක්ක රෑට හමුවෙන්නත් මේක ගැළපෙන තැනක්.

අද Café එකකට යන එක කෑමක් හෝ බීමක් ගන්න එකකට විතරක් සීමා වෙලා නැහැ. වැඩක් කරන්න, Laptop එකක් අරගෙන පැය කිහිපයක් ඉන්න, යාළුවෙක් හමුවෙන්න, පවුලේ අය එක්ක කෑමකට යන්න වගේ අවස්ථා ගොඩකට Café එකක් භාවිතා වෙනවා.

 “අපිට ඕන වුණේ මිරිහානට තවත් Café එකක් විතරක් ගේන්න නෙවෙයි. හොඳ තේ, කෝපි සහ කෑම රසවිඳින ගමන් යාළුවන් එක්ක හමුවෙන්න, වැඩක් කරගන්න හෝ සරලව සුවපහසු විදිහට කාලය ගත කරන්න පුළුවන් තැනක් හදන්නයි,” යනුවෙන් Hexora (Pvt) Ltd හි අධ්‍යක්ෂ අසංග එගොඩවෙල මහතා පැවසීය.