මහජන බැංකුවේ වාසි කෝටියයි 2026 දිනුම් ඇදීමේ ජයග්‍රාහකයෝ 32ක් තෝරා ගැනේ



මහජන බැංකුවේ People’s Remittance වාසි කෝටියයි 2026’ දිනුම් ඇදීමේ 2026 ජුනි 4 සිට සැප්තැම්බර් 23 දක්වා වන ජයග්‍රාහකයන් තිස් දෙදෙනකු තෝරා ගැනීමේ දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී පසුගියදා පැවැත්විණි.

මෙම දිනුම් ඇදීම යටතේ, සෑම සතියකම ජයග්‍රාහකයන් දෙදෙනකු තෝරා ගනු ලබන අතර, ඔවුන්ට රුපියල් 100,000/- බැගින් මුදල් තිළිණ හිමි වේ. 

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඒ.යූ.ඒ. අන්සාර්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ කාඩ්පත්) - අයි.කේ. ඉන්දික, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව ආරක්ෂණ) විරාජිනි මුණසිංහ, සහකාර සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, ප්‍රධාන කළමනාකාර (එතෙර ගනුදෙනු සේවා) එන්. අරුද්සෙල්වන්,  ප්‍රධාන කළමනාකාර (අභ්‍යන්තර විගණන) අමීන් රබාන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනි බී.එස්. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.