ජයමාල් චන්ද්‍රසිරි
රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව් මහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (6) විවෘත කෙරිණි.
එම අවස්ථාවේ දී සංස්ථාවේ නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට නිකුත් කිරිම ද සිදුවිය.
ගොඩනැගිල්ල විවෘත කිරිමෙන් පසු පැවති උත්සව සභාවේ දී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව නිෂ්පාදන පෙළෙහි මුල් නිෂ්පාදන ජනාධිපතිවරයා වෙත බාර දුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.




