
ඔයිල් පාම් එහෙම නැතිනම් කටුපොල් කියපු ගමන් ගොඩාක් අයගේ හිතට යන්නේ මොකක්ද? පොළවේ තියෙන ජලය ටික සම්පුර්ණයෙන්ම උරාගන්නා, පොළවේ පෝෂණ කොටස් සියල්ල නැති කරන පරිසරයට විනකරන ශාකයක් පිළිබඳ චිත්‍රයක්. එහෙම තමයි සමාජයට මේ භෝගය පිළිබදව හදලා තියෙන චිත්‍රය. ඒත් ඒක එහෙම භෝගයක්ද? මෙහෙම චිත්‍රයක් මැව්වේ කව්ද ? එහෙම කියන්න විද්‍යාත්මක සාධක තියෙනවද? නැහැ. මේ කතාවලට කිසිම විද්‍යාත්මක සාධක නැහැ.
ඔයිල් පාම් (කටුපොල්) ශාකය හා භූගත ජලය අතර ඇති සම්බන්ධය
මෙම ශාකය පොල්, කිතුල්, පුවක් වැනි තාල වර්ගයට අයත් ශාකයකි.
එනම් මෙම ශාකයට මුදුන් මුලක් නොමැති අතර තන්තු මුල් පද්ධතියකින් පමණක් සමන්විතවේ.
මුදුන් මුලක් නොමැති නිසා මතුපිට පසෙහි ඇති ජලය හා පෝෂණ කොටස් පමණක් ලබාගතහැකි වේ.
මේ භෝගයේ අස්වැන්නෙන් අපි මොනවාද කරන්නේ?
මේ භෝගයේ අස්වැන්නෙන් අපි කරන්නේ තෙල් හදන එක. පාම් ඔයිල් කියන්නේ මේ තෙල් තමයි.
මේ තෙල්වලට අපි මොකද කරන්නේ?
ඔබ උදෑසන අවදි වූ අවස්ථාවේ සිට රාත්‍රියේ නින්දට යන තෙක් පරිභෝජනය කරන බොහෝ නිෂ්පාදනවල මෙම තෙල් අන්තර්ගතවී ඇතිබව සමහරවිට ඔබ නොදන්නවා විය හැක. උදේම පාවිච්චි කරන දන්තාලේපයේ, සියලු බේකරි නිෂ්පාදනවල, සබන් වර්ගවල, ශරීරයේ ගල්වන ආලේපනවල, මාගරින් කර්මාන්තයේ, චොක්ලට් කර්මාන්තයේ, බිස්කට්, අයිස් ක්‍රීම්, නුඩ්ල්ස්, පිටිකිරි, කෙටි කෑමවල මේ තෙල් අඩංගු බව සමහර විට ඔබ නොදන්නවා විය හැක. දැන හෝ නොදැන එදිනෙදා ජීවිතයේදී අපි මේ නිෂ්පාදන කීයක් පරිභෝජනය කරනවාද?
මේ තෙල් සෞඛ්‍යයට අහිතකර නැද්ද ?
ඔබ දන්නවද තෙල් කන එකටත් වඩා අහිතකර වන්නේ පිටි කන එක කියලා. බෝ නොවන රෝගවලින් බොහොමයක්ම සැදෙන්න මුලික හේතුව සීනි. තෙල් පරිභෝජනයත් අපි පාලනය කළ යුතුයි. නිසි ප්‍රමිතියෙන් යුතු තෙල් පරිභෝජනය කිරීම ඉතාම වැදගත්.
ලංකාවේ පොල් මිල ඉතාමත් ඉහළයි. ඒ වගේම තමයි, පොල් ආශ්‍රිත ඉතා මිල අධික නිෂ්පාදන රාශියක් තියෙනවා. ඉතින් පොල්වලින් ඒ නිෂ්පාදන කරලා වැඩි මුදලක් ඉපයීම තමයි බොහෝ දෙනෙක් කරන්නේ. හැබැයි අපේ රටේ බොහෝ දෙනෙක් ඉල්ලන්නේ පොල් තෙල්. ඒක සාම්ප්‍රදායිකව අපේ ජනතාව පුරුදු වෙච්චි දෙයක්. මේ නිසා වෙළෙඳපොළේ වැඩියෙන් විකුණන්න තියෙන්නෙත් පොල්තෙල් තමයි. හැබැයි මේ තෙල් නියම ප්‍රමිතිගත පොල්තෙල් නම් නෙමෙයි. මේ මිලට හොඳ පොල්තෙල් දෙන්න ලංකාවේ පොල් මිලත් එක්ක අපහසුයි කියල පොල් මිල සංසන්දනය කළොත් ඔබට අපහසු නැහැ. ඒ විතරක් නෙමෙයි. ලෝක වෙළෙඳපොළෙත් පොල් තෙල් මිල ඉතා අධිකයි.
කොහොමද මේ මිලට පොල් තෙල් දෙන්නේ ?
අපේ රටේ ජනතාව ඉල්ලන්නේ පොල්තෙල්නේ. ඉතින් අනෙක් තෙල් වර්ග ගෙනාවත් පොල්තෙල් ටිකක් කලවම් කරලා පොල්තෙල් කියල විකුණන එක තමයි කරන්නේ. ඒ විතරක් නෙමෙයි පාවිච්චි කරල ඉවත් කරපු තෙලුත් කලවම් කරල ආයෙත් පොල්තෙල් කියල විකුණන්න තියෙනවා.
හැබැයි පාම් තෙල්, සාපේක්ෂව මිල අඩු නිසා කලවම් කරන්නේ නැතිව ගන්න පුළුවන්.
ශ්‍රී ලංකා ආර්ථිකයට පාම් ඔයිල් කර්මාන්තයේ දායකත්වය
ශ්‍රී ලංකාවේ වාර්ෂික තෙල් අවශ්‍යතාව මෙ.ටො. 260,000 ක් පමණ වේ.
දේශීය තෙල් නිෂ්පාදනය මෙ.ටො. 60,000 ක් පමණ වන අතර, මින් මෙ.ටො 30,000 ක් පමණ දේශීය පාම් ඔයිල් වන අතර ඉතිරිය පොල් හා අනෙකුත් තෙල් වර්ග වේ.
මෙම කර්මාන්තයෙන් දැනටමත් රටට වාර්ෂිකව ඩොලර් මිලියන 30 ක් පමණ ඉතිරි කරදෙනු ලබයි.
ලංකාවට අවශ්‍ය ඉතිරි තෙල් ප්‍රමාණය (මෙ.ටො. 200,000 ක් පමණ) ආනයනය කිරීමට සිදුවන අතර මේ සදහා ආසන්න වශයෙන් ඇ.ඩො. මිලියන 200 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වේ.
මෙම භෝගය ග්‍රාමීය සුළු ගොවින් වෙත ද ලබාදෙන්නේ නම්, ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීමටද එය මනා පිටිවහලක් වනු ඇත.
පාම් ඔයිල් කර්මාන්තය ආශිතව සෘජු රැකියා 5000 කට අධික සංඛ්‍යාවක් හා වක්‍ර රැකියා 21000 කට අධික සංඛ්‍යාවක් මේවන විටත් ගොඩනැගී ඇති අතර, අනෙක් වගාවන්ට වැඩි අදායමක් ද ඔවුන් ලබා ගනියි.
ලෝක තෙල් නිෂ්පාදනය හා භුමියේ ඵලදායිතාව
මේ සංඛ්‍යාලේඛනයෙන් ඔබට පේනවා ඇති, අපේ රටේ තියෙන සීමිත භුමි ප්‍රමාණය අනුව හා රටේ ඉල්ලුම අනුව වැඩිම ඵලදායිතාවක් ඇති භෝගය වන ඔයිල් පාම් භෝගය වගා කළහොත් රටේ තෙල් අවශ්‍යතාව මෙන්ම වගාකරුවන්ට වැඩි ලාබදායිත්වයක් ලබාගතහැකි වනු ඇති බව.
එනිසා තවත් මිථ්‍යා මතවාද මත පදනම්ව තීරණ ගන්නවාද, දත්ත මත පදනම්ව තීරණ ගන්නවාද? තීරණය කළ යුතුය.

