( තිළිණි ද සිල්වා)
එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව ලබන 18 වැනිදා සිට පස්වන ගුවන් ගමනත් , ලබන 27 වැනි දා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව එම සමාගම සඳහන් කරයි.
මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ ඉල්ලූම සපුරාලීමට සැලසුම් කර තිබේ.

