
MAS Holdings හි සම නිර්මාතෘ සහ සභාපති දේශමාන්ය මහේෂ් අමලියන් මහතා සහ අනෙකුත් නිලධාරීන් 2014 Eco Go Beyond ශිෂ්ය ප්රදර්ශනය නරඹමින්
|
MAS Holdings හි සම නිර්මාතෘ සහ සභාපති දේශමාන්ය මහේෂ් අමලියන් මහතා 2014 Eco Go Beyond සම්මාන උළෙලේදී ජයග්රාහී ශිෂ්යාව වෙත සම්මාන හිමිකර දුන් අයුරු |
MAS සමූහය සිය Eco Go Beyond තිරසාර පාසල් ව්යාපෘතියේ 20 වැනි වසර සනිටුහන් කරමින්, එහි දශක දෙකක විශිෂ්ටත්වය සමරනු ලබයි. මෙම කාලය තුළ පාසල් 250කට අධික සංඛ්යාවක සිසුන් 377,000කට වැඩි පිරිසකට තිරසාරභාවය පිළිබඳ අධ්යාපනය ලබාදීමට මෙම වැඩසටහන සමත්ව ඇත. එමෙන්ම, මෙම ගමනේදී තරුණ තරුණියන්, ගුරුවරුන්, පවුල් මෙන්ම ප්රජාව ද සක්රීයව දායක කර ගැනීමට මෙම ව්යාපෘතියට හැකි වී තිබේ.
අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය සමග එක්ව 2006 වසරේදී ඇරඹි මෙමEco Go Beyond වැඩසටහන නිර්මාණය වූයේ, වඩාත් තිරසාර අනාගතයක් ගොඩනැගීම උදෙසා අධ්යාපනයට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිය යන විශ්වාසය පෙරදැරි කරගෙනය. MAS සමූහය හා බැඳුණු ප්රජාවන්හි පිහිටි පාසල් කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය, දැනුවත් කිරීමකට පමණක් සීමා නොවී, පවතින තිරසාරත්ව අභියෝග හඳුනා ගැනීමටත්, ඒවා ජයගැනීමේදී තමන්ට පැවරෙන වගකීම වටහාගෙන එම දැනුම ප්රායෝගික ක්රියාවට නැංවීමටත් සිසුන් දිරිමත් කරයි.
පසුගිය දශක දෙකක කාලය තුළ Eco Go Beyond වැඩසටහන, ගෝලීය තිරසාරත්ව අරමුණු මෙන්ම සිසුන්, ප්රජාවන්, රට සහ සමස්ත පෘථිවියේම වෙනස් වන අවශ්යතාවලට අනුකූලව අඛණ්ඩව වර්ධනය වී ඇත. මෙහි ආරම්භක ප්රවේශය පාසල පදනම් කරගත් ඉගෙනුම් ක්රමවේදයකට සීමා වුවද, වර්තමානය වන විට එය සිසුන්ගේ මූලිකත්වයෙන් ක්රියාත්මක වන ව්යාපෘති දක්වා ඉදිරියට ගොස් තිබේ. එමගින් ප්රජා මට්ටමින් විශාල බලපෑමක් ඇති කරන අතරම, මීළඟ පරපුර සතු දැනුම, ආත්ම විශ්වාසය සහ ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට ද උපකාරී වේ.
වඩාත් සංකීර්ණ වන වත්මන් ලෝකය හමුවේ, තිරසාරත්ව අධ්යාපනය සතු සුවිශේෂී කාර්යභාරය පිළිබඳව සුබවාදී දෘෂ්ටියකින් බැලීමට MAS සමූහයට මෙම සංවත්සරය කදිම අවස්ථාවකි.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් MAS සමූහයේ ප්රධාන විධායක නිලධාරී සුරේන් ප්රනාන්දු මහතා පැවසුවේ, “වඩාත් තිරසර අනාගතයක් ගොඩනැගීමේදී අප විසින් ආයෝජනය කළ යුතු වන්නේ අද දවසේ විසඳුම් සඳහා පමණක් නොව අනාගතයේ උදා විය හැකි ගැටලු සඳහාද මුහුණ දිය හැකි පිරිසක් ගොඩනැගීම වෙනුවෙනි. Eco Go Beyond තිරසාර පාසල් වැඩසටහන හරහා, අර්ථාන්විත වෙනසක් ඇති කිරීම සඳහා අවශ්ය දැනුම, ආත්ම විශ්වාසය සහ වගකීම් සහගත හැඟීමෙන් යුතු තරුණ පරපුරක් මෙරට මෙන්ම විදේශයන් හීද බිහිකිරීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා.” යනුවෙනි.
මෙම වැඩසටහනේ ආරම්භයේ සිටම ඊට දායක වූ MAS සමූහයේ තිරසාර ව්යාපාර අධ්යක්ෂිකා අමන්ති පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය. ‘වසර විස්සක් යනු සුවිශේෂී සන්ධිස්ථානයක්. එහෙත් මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ මෙම ගමන සාර්ථක කරගැනීමට සියලු දෙනා දැක්වූ සාමූහික කැපවීමයි. Eco Go Beyond වැඩසටහනට මෙතරම් දුරක් පැමිණීමට හැකි වූයේ තීරණ ගන්නන්, ගුරුවරුන්, සිසුන්, මවුපියන් සහ සමස්ත ප්රජාවම තිරසාරත්ව අධ්යාපනයේ වැදගත්කම නිරන්තරයෙන් විශ්වාස කරමින් මේ අරමුණ වටා රොද බැඳගත් නිසයි. මෙහි සැබෑ බලපෑම මැනිය යුත්තේ අප සම්බන්ධ කරගත් තරුණ පිරිසගෙන් පමණක් නෙවෙයි. ඔවුන් ලබාගත් දැනුමෙන්, තීරණ සහ යහපත් ක්රියා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට මෙන්ම සමාජයට දායාද කිරීමට ඔවුන් කටයුතු කර ඇති ආකාරයෙනුයි.”
Eco Go Beyond වැඩසටහනේ සාර්ථකත්වයට මූලිකම හේතුව වන්නේ, තිරසාරත්ව අධ්යාපනය එදිනෙදා ජීවිතය සමග සම්බන්ධ කළ විට එය වඩාත් ඵලදායී වනවා යන අදහසයි. මෙහිදී සිසුන් තමන්ගේ පාසල සහ ප්රජාව තුළ පවතින ගැටලු හඳුනා ගැනීමටත්, ඒ සඳහා ප්රායෝගික විසඳුම් සෙවීමටත් දිරිමත් කෙරේ. මෙමගින් සිසුන්ට පන්ති කාමරයෙන් පිටතට ගොස් ප්රායෝගික අත්දැකීම් ලැබීමට අවස්ථාව සැලසෙන අතර, මෙම වැඩසටහනේ සාර්ථක ප්රතිඵල එක් සිසුවකුට පමණක් සීමා නොවී සමස්ත සමාජය වෙතම ව්යාප්ත වෙයි. නව පාරිසරික සහ සමාජයීය ප්රමුඛතාවලට ගැළපෙන සේ Eco Go Beyond වැඩසටහනේ අන්තර්ගතය සහ ඉගැන්වීම් ක්රමවේද නිරන්තරයෙන් වැඩිදියුණු කෙරේ. එසේ වුවත්, ක්රියාවෙන් ඉගෙනීම සඳහා ලබාදෙන මූලික වැදගත්කම සැමවිටම නොවෙනස්ව පවතී.
Eco Go Beyond වැඩසටහන සිය තෙවන දශකයට පා තබන මෙම අවස්ථාවේදී, ඉදිරියේදී මතුවන නව පාරිසරික සහ සමාජයීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට MAS සමූහය කටයුතු කරනු ඇත. ඒ සමගම, අනාගතය තීරණය වන්නේ වර්තමාන ක්රියාමාර්ග මත පමණක් නොව, මීළඟ පරම්පරාව සතු ගුණධර්ම, දැනුම සහ ඔවුන් සතු ස්වාධීන ශක්තිය මත බව සමූහය විශ්වාස කරයි.



