(සුනිල් ආනන්ද පැරිසියේ සිට )
පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක‍්‍රීඩාංගනයේ දි ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත් වුයේය. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත‍්‍රානුකුලව හිසතෙල් ගෑමෙන් දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලූ පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග‍්‍රහ වලින් පසු උත්සවයේ කටයුතු ආරම්භ වුයේය .
ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප‍්‍රමාණයක් සහභාගි වන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරඟ වලින් සමන්විත වුයේය. කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමරු කුමරියන් සඳහා දහම් පාසැලේ දු දරුවන් බොහොමයක් සහභාගි වුයේය.
පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දු දරුවන්ගේ අළංකාර නර්තන වලින් සංස්කෘතික ප‍්‍රසංගයේ බක්මහ වේදිකාව වර්ණවත් වුනි. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිස් කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා, ඇතුලූ ගෞරවණීය අමුත්තෝ රැසක් සංස්කෘතික ප්‍රසංගයට සහභාගී වුහ.







2025 දෙසැම්බර් මස 18
259
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරීසියේ සිංහල අවුරුදු උළෙල මහ ඉහළින්