
මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්
මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ළයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදි වන ඇසි පියෙන්
බිඳී සුන් වන ලොවක,
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකි බිඳියි කම්පාව
දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුළට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඬු නියෙන්
පැහැර සඟවන අතර,
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව
සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැලි පෙරළන්න
මවගෙ ඇකයෙහි පහස
නො දත් දැරියකි සිඟිති
කිරිගරුඬ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්
දයාසේන ගුණසිංහ
'රන්තැටියක කඳුළු' නමින් 1974 දී තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළකොට ඇති දයාසේන ගුණසිංහ කවියා දශක දෙකක පමණ කාලයක් තුළ කාව්‍ය සංග්‍රහ තුනක් පළකොට අප අතරින් වියෝවුණු නිර්මාණශීලි කවියෙකි. ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය 'නොවඳිමි සිදුහත්' වූ අතර අවසාන කවි එකතුව 'දොරමඬලාව' නම් වීය. රූපකාර්ථවත් බස, කාව්‍ය අනුභූතියෙහි විශද කරනු ලබන අපූර්වත්වය මෙන්ම ජීවිත පරිඥනය, යථාර්ථවාදී ගුණය දයාසේන ගුණසිංහ කවියාගේ කවි මගෙහි කැපී පෙනෙන සාධනීය ලක්‌ෂණවේ.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රන් තැටියක කඳුළු