IMG-LOGO

දුම්මල ගලට ගිය අම්මා

සිලුවටය


දුම්මල ගල ඉමේ මහ                  මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු                  නඟන්නේ
කන්දේ පරවේණී                      උලලේනියන්නේ  
රෑ සමයමේ ඇයි මා බය              කරන්නේ

 

අපෙ අම්මා දුම්මල ගලවන්න                    ගියා
ඒවා මිටි බැඳං වඳුරඹ පොළට                    ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක්             තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්     නියා

 

වැහි වැහැලා ගල ආඳා බඩේ                 උනා
අම්මා එදත් ඒ ගල මුදුනටම                  වුණා
රූටා ගිහිං පාමුල ගලටත්                     රිදුණා
අම්මා තිව් විලාපය තවමත්                  ඇසෙණා

 

ඇළබඩ රුප්පාව ළඟ රෑ                      හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල              පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල              දුන්නේ
අම්මා පෙරළුවත් තරහක් නෑ               හිතුණේ

නන්දන වීරසිංහ 
ගිං ගඟේ විලාපය | 1984



අදහස් (0)

දුම්මල ගලට ගිය අම්මා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1556 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site