
වීදි සරනා මවක දුටුවෙමි
දෑස කඳුළින් තෙමි අඳවුනු
ඇගේ ළමැදෙහි ගුලිව නිහඬව
නොමළ බිලිඳෙකි සෙමින් මියයන
කිසාගෝතමික ලෙසින් ඇය
ලොවට අත පා අයැද සිටියේ
මියැදි බිලිඳුට නැවත පණ නොව
මියෙන පොඩි පුතු රකින මඟකිය
මංසලෙන් සල නැගුණු තොරණින්
මහරු සම්බුදු සිරිත දිස් විය
උවැසි උවැසිය ගැයූ බැති ගී
අමර පිස වාගැබට එක්විය
නැඟෙන සැණකෙළි හඬින් සිව්දෙස
පිරි අබිසෙස් ලැබී සොම්නස
විදුලි එළියෙන් පුරය එකලුව
අසිරිමත් සුරලොවක් බිහිවිය
රැයහි මැදියම ගෙවන මොහොතෙහි
දනන් කෙළිලොල් හඬනිමාවිය
මවක් ඉකි බිඳ වැලපෙනා හඬ
පාළු විදිය වසා මතු විය.
දයාසේන ගුණසිංහ
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කිසාගෝතමියක නොවේ