IMG-LOGO

උපුලා

සිලුවටය

එළියේ සිටින අප අඳුරට බියපත්ව
හඬනා කලට නුඹ සිටියේ තැන්පත්ව
එළියේ තැවෙන විට අප හද හෙම්බත්ව
හිටියේ අඳුර විඳ විඳ නුඹ දැනුවත්ව 

අපටත් වඩා ආලෝකය කියවමිනි
මැදිහත් සිතින් ඝන අඳුරේ කිමිදෙමිනි
පොහොසත් හදින් විඳිනා දුක අනුහසිනි
පැහැපත් කවිය පිරුණේ බෝසත් පෙමිනි

අඳුරක නොවේ එළියෙ දි අතපත ගෑව 
පුහුදන පිඹින කල ජීවන හොරණෑව
අඳුරෙන් නෙලාගෙන කවි මල් පලදාව
උපුලා හදවතින් ගැලුවෙ ම කරුණාව

ඉකිලන ලොවක කඳුළක සිහිලස ගිහිණී
පිරිසිඳ ගලන සුවිපුල් හැඟුමින් පොහොනී
විනිවිද දකින අඳුරක රස අනුහසිනි
නුඹ හදමඬල පතුලෙ ම කවි පිළිසිඳුණි

තුන්බිය විඳින නූපන් කලලයක පටන් 
ගින්දර ගිලින සංසාරික නපුර  යටින් 
සුන්දර සිහින ගෙන පෙම්බර හදක උපන්
අම්බලමක දි   හමුවී    කවි   කියමු මචං

මතකය දිගේ දාඩිය රස අතුරාන
නොකියන රිදුම් උඩ සිතුවිලි මතුරාන
කකියන හැඟුම් ගඟ කවියක අතුරාන 
අපමණ පෙමින් දොඩමළු වෙමු මිතුරාන



අදහස් (0)

උපුලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1557 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site