IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සුඟක් ගී ලියා - හුඟක් දේ කී - කිත්සිරි නිමල්ශාන්ත

සාහිත රසකතා

 

කිත්සිරි නිමල්ශාන්ත යනු අකලට පරවුණු මහනෙලකි.  අපේ රටේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වගේම ගේයපද රචකයකු වූ ඔහු අනිතමානී කලාකරුවෙකි. ගීයක් ඇසෙද්දි හුඟදෙනකුට ඒ ගීතය ගැයූ ශිල්පියා හෝ ශිල්පිණිය මතක් වුණාට මට ඒක එහෙම නොවෙන්නෙ ඇයි කියල අදටත් හිතාගන්න බෑ.

කිත්සිරි නිමල්ශාන්ත අවුරුදු 46ක් තරම් කෙටි කාලයක් ජීවත් වුණත් ඒ කෙටි දිවියෙදි සදාකාලිකවම මතක් වෙන ගීත ගොන්නක් තබල ගිය කෙනෙක්.මේ අතරින් මම වඩාත්ම ආස ඔහු ටී. එම් ට ලියපු මෙන්න මේ ගීතයට.

අකීකරු හිනාවෙන් 
කවුළු දොර ළඟට විත්
බලන් දඟකාරියේ එදා වාගේ අදත්
පුංචි රතුමල් වැටුණ
දිග ගවුම ඇඳ ඇවිත්,
බලන් දඟකාරියේ එදා වාගේ අදත්...

ගීතයක් ලියද්දි අද වගේ ඔහේ අකුරු  ගොන්නක් ලියල ඒකේ රිද්මයට අඩුපාඩු වෙන තැන්වලට සක්ක ගහනව වගේ වචන ඔබල එළියට විසිකරන පුරුද්දක් ඔහුට තිබුණෙ නෑ.. ඔහු ලියාපු සෑම ගීයකම ඒ ආදරණීය බව තැවරිලා තිබුණ. 

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නෙ අප පැතුම්
ළාසඳ පායනා රැයේ 
දිලිසේ තරු සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්......

ක්ලැරන්ස් විජේවර්ධන හා නීලා වික්‍රමසිංහ ගැයූ මේ ගීතය අද බොහෝ අය විවිධ තැන්වල ගැයුවත් ඒ ගීතයේ පණ ගැහෙන වචන ලියපු කෙනා ගැන දන්නෙ කීයෙන් කී දෙනාද?ඒවගේම ඔහු විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් ලියූ "ආදරයේ වේදනාව හදට දැනුණ යම් දවසක" ගීය වුණත් එහෙමයි. දිවයින පුවත්පතේ උප කර්තෘවරයකු විදියට කටයුතු කළ ඔහු ජීවිතයෙන් සමුගන්නා විට දිනපතා ලක්බිම පුවත්පතෙහි කර්තෘවරයා විදියට කටයුතු කළා. ඒ වගේම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජන සන්නිවේදනය පිළිබඳව දේශකවරයකු ලෙසටත් කටයුතු කළ අයෙක්.

කිත්සිරි නිමල්ශාන්තයන් ලියූ ගීත කිහිපයක් ඔබට මතක් වෙන්න මෙසේ ලියා තබන්නම්..

ආදරේ නෑ ආදරේ - සනත් නන්දසිරි

යොවුන් සඳැල්ලේ - ඉන්ද්‍රාණි පෙරේරා

ලොවේ කොයිකාටත් හොරෙන් - රෝහණ සිරිවර්ධන 
මා නෙතු පියවී - ටී එම් ජයරත්න 
සඳකැන් දහරින් - මාලනී බුලත්සිංහ.

එසේම ඔහු මෙරට ප්‍රථම කැසට්පට නිෂ්පාදකයා වූ තරංගා අධිපති විජය රාමනායකයන් සමග ඒ කටයුතුවලට පවා මුල්වී කටයුතු කළ අයෙකි. ඒ පිළිබඳව ඔහු ලියූ නොබලන් කුමරිය නම් ගි පොතෙහි මෙසේ සඳහන්ව ඇත.

" මේ වනවිට කැසට්පට ඉතාමත් ජනප්‍රිය ශ්‍රව්‍ය මාධ්‍යයක් බවට පත්ව හමාරය.ගීත කැසට්පට අප රටෙහි මහා පරිමාණයෙන් ව්‍යාප්ත වීමට පිඹුරුපත් සැකසුන සාකච්ඡාවක් ගැන මෙසේ කෙටි සටහනක් තැබීම යුක්ති යුක්තයැයි මට හැඟේ. හැත්තෑව දශකයෙහි අවසාන අදියරේ එක් දිනෙක විජය රාමනායකගේ ඉල්ලීම පරිදි මමත් , කුලේත් ( කුලරත්න ආරියවංශ ) දිසාත් ( ප්‍රේම් දිසානායක ) ඔබරෝයි හෝටලයේදී සිංගප්පූරු ජාතිකයෙකු සමග සාමීචියකට එක්වීමු. එරට මුද්‍රණ  හා කැසට් ව්‍යාපාරිකයකු වන චාලිවෑන් සමඟ විජය එම කතාබහ කළේ අඩු මිලට හොඳ ගීත කැසට්පට අප රටේ ව්‍යාප්ත කිරීම සඳහාය.."

මෙසේ සිංහල ගීතයට සහ සමාජයට පුවත්පත් කලාවේදියකු, කවියකු, ගීත රචකයකු ලෙස සේවා රැසක් කළ මෙවැනි විශිෂ්ට  මිනිසුන් ගීතයක් ඇසෙද්දී හෝ නිති සිහිපත් කිරීම උදාර කාර්යයක් නො වෙි ද?

 



අදහස් (0)

සුඟක් ගී ලියා - හුඟක් දේ කී - කිත්සිරි නිමල්ශාන්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 624 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site