දවල් විවේක කාලයේ පන්තියෙන් බැහැරට නොගිය සුගත් වීරසේකර පන්තියේ තම අසුනේ වාඩි වී පොතක් බලමින් සිටියේ ය .
" ෂ් ෂ් ෂ් ", පන්තියෙන් පිටතින් ශබ්දයක් ඇසුණි .
පන්තියත් කොරිඩෝවත් වෙන් කරන කෙට් බිත්ති කැබැල්ලට ඉහළින් කොටු දැල් අතරින් ඇය සිනහසෙමින් සිටියාය .
"ඕනෙද ? " කොටු දැලෙන් එහා පැත්තෙ සිටි දමයන්ති අත්ල විදහාලමින් ආරාධනාත්මක බැල්මක් හෙලුවාය .
සුගත් වීරසේකර පන්තියේ පිටතට ගොස් ඇය අතවූ වෙරළු ගෙඩි කීපය තම අත්ලට ගෙන මිට මොලවා ගත්තේය .
"යාළුවන්ට කියන්න එපා " ; සිනහවෙමින් පැවසූ දමයන්ති කොරිඩෝව දිගේ ඈතට දිව යනු සුගත් බලාගෙන සිටියේ ය .
මිට මොලවා ගත් අතළ දිගහළ සුගත් එම වෙරළු ගෙඩි නැහැයට සමීප කළේය.
දමයන්ති ගේ කුඩා ටොෆි පෙට්ටියේ තිබූ කියුටිකිරා පියර සුවඳ ඔහුගේ නැහැපුඩුවලට දැනෙන්නට විය.
එක් දහස් හැට ගණන්වල ,යොවුන් වියේ එළිපත්තේ සිටි මා ඇතුළු බොහෝ දෙනා ප්‍රේමයේ විරහවෙන් මුසපත් කළ "ගොළු හදවත " නවකතාවේ ,සුගත් සහ දම්මි අතර
සබැඳියාව ඇරඹෙන්නේ එවැනි සිද්ධි මාලාවකිනි.
එකල යොවුන් වියේ සිටි අප බොහෝ දෙනෙකුගේ ප්‍රේමයේ බයිබලය වූයේ කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නවකතාව.
ජී එස් ප්‍රනාන්දු චිත්‍ර ශිල්පියා විසින් "ගොළු හදවත " මුල් පොත සදහා ඇද තිබූ පිටකවරය තවමත් මට මතකය.
එහිවූයේ එක අතක් දිගුකරගෙන මේසයක් වැනි යමක් මත හිස තබාගෙන සිටින තරුණයකි.ඔහු ඉදිරිපිට මේසයේ වීදුරුවක් පෙරළී එහි කිසියම් දියරයක් ගලායමින් තිබුණි.
1962 වසරේ රාජ්‍ය සාහිත්‍යය සම්මාන උළෙලේ දී හොඳම නවකතාව සදහා සම්මාන හිමිවූ ගොළු හදවත නවකතාව මෙතරම් තරුණ හදවත් වලට සමීපවූයේ එය කරුණාසේන ජයලත් ගේ පුද්ගලික අත්දැකීමක් නිසාය යන්න එම අවදියේත් සාහිත්‍යය ලෝලීන් අතර කතා බහක් විය.
එය ස්ථිරවූයේ 2005 වසරේදී , ඩී . බී .කුරුප්පු තම ජීවිත කතාව "හැන්දෑවට පායන හිරු " යනුවෙන් ප්‍රකාශයට පත්කිරීම ත් සමගය.
කුරුප්පු ,කරුණාසේන ජයලත් හදුනාගන්නේ ඔවුන් හොරණ තක්ෂිලාවේ ඉගනුම ලබමින් සිටියෙදීය
එකල ඔහු හැදින්වූයේ ඩී . කේ. ජයලත් යනුවෙනි .
සුගත් ,දම්මි ,නිහාල් , තුන්කොන් පෙම්කතාව ඩී .බී .කුරුප්පු එනම් බෝල්ඩ්වින් කුරුප්පු හැන්දෑවට පායන හිරු
තම ජීව්ත කතාවේ විස්තර කරන්නෙ මෙසේය.
" තක්ෂිලාවේ මා ඇතුළුවන පන්තියේ ම දැරියක් මා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළාය. එය අන්‍යෝන්‍ය ප්‍රේමයක් බවට පත්වූයේ අනුක්‍රමයෙනි. පන්තියේ දී හැර අප දෙදෙනාට මුණගැහෙන්නට අවසරයක් නොවීය. අවම වාච්ක සන්නිවේදනය සහිතව ක්‍රියාත්මක අප බැඳීම ක්‍රමයෙන් වැඩුණි."
කරුණාසේන ජයලත් උගත්තේ බෝල්ඩ්වින් කුරුප්පු ගේ අල්ලපු පන්තියේය.පන්ති දෙකේ ඉගනුම ලැබුවත් දෙදෙනා ගජ මිතුරෝය.
බෝල්ඩ්වින් ගේ පන්තියේ ගැහැනු ළමයින් සමග එකතුවී කරනා කතා බහට ජයලත් ද එකතු විය.ඔහු දැරියන් අතර ජනප්‍රිය සිසුවෙක් විය.
"දැරියන් සමග මෙසේ නිදැල්ලේ කතා බහ කරන අතර වාරයේ ජයලත් එක දැරියක් කෙරෙහි ඇදී ගියේය. ඒ මා සිත්ගත් දැරියම බව තබා ඔහු දැරියකට පෙම්කරන බවවත් මම නොදන්නෙමි. මේ සියල්ල මා දැනගන්නේ ගහෙන් ගෙඩි එන්නා සේය."
එක් දිනක් මම උදෙන්ම හොරණ කළු මහත්තයා ගේ පොත් සාප්පුව ට ගොඩවීමි.එහි ජයලත් ලොකු ලිපියක් මට තබා තිබුණි.
පෙම් බැඳුම පමණක් නොව අනපේක්ෂිත ආකාරයට එය හමාර කිරීමට සිදුවීමෙන් ඇතිවූ චිත්ත වේදනාවද එහි දීර්ඝව ලියා තිබුණි.
තමන් සහ තම මිතුරා ජයලත් පෙම්කර ඇත්තේ එකම තරුණියකට බව බෝල්ඩ්වින් කුරුප්පු දැනගන්නේ එව්ටය.
කරුණාසේන ජයලත් සහ ඩී .බී.කුරුප්පු ගේ ආදරයට මැදිවන හොරණ තක්ෂිලාවේ ඉගනුම ලැබූ ඇය පද්මා ලාලනි කුරුප්පු ය .
කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නවකතාවේ කියවෙන්නේ , ඩී බී. කුරුප්පු ,කරුණාසේන ජයලත් පද්මා ලාලනී අතර ඇතිවන තුන්කොන් පෙම්කතාවය.
පද්මා ලාලනි දම්මිය.
ඩී බී කුරුප්පු නිහාල් ය.
කරුණාසේන ජයලත් සුගත්ය.
මීට වසර කීපයකට පෙර පද්මා ලාලනි මියගිය අතර ලක්බිම ඉරිදා සංග්‍රහය වෙනුවෙන් ලිපියක් ලියන්න පද්මාගේ දියණිය ශ්‍යාමා ගුණරත්න මුණගැසුනෙමි.
"ජයලත් අංකල් ගොළු හදවත නවකතාවේ ලියල තියෙන බොහොමයක් ඇත්ත .අම්ම මං එක්ක ඒවා කියල තියෙනවා ."
ගොළු හදවත නවකතාවේ දම්මි ඉස්සර වෙලාම වෙරළු ගෙඩි දෙනව කියලයි ජයලත් අංකල් ලියල තියෙන්නේ.ඒත් අම්ම කිව්වෙ අම්ම ඉස්සෙල්ලාම ජයලත් අංකල්ට දුන්නෙ කටු ලොවි කියලා.
එදාම අම්මගෙ පැන්සලේ තුඩ කැඩිල ජයලත් අංකල්ගෙන් පැන්සලක් ඉල්ල ගත්තෙ .එදාම ඉස්කෝලේ ඇරිල එද්දි අම්ම ජයලත් අංකල් ගෙන් ටොෆි ඉල්ල තියෙනවා . ඒ සිද්ධින් ගොළු හදවත නවකතාව ට ඇතුළත්වෙලා තියෙනවා. ශ්‍යාමා ගුණරත්න තම මවගෙන් අසාගත් තොරතුරු මා සමග පැවසූවාය.
සුගත් සහ දම්මි ගොළු හදවතේ රබර් යාය මැද්දෙන් දම්මිගේ නිවෙසට සාරි ගෙනයෑමට ප්‍රථම ,පද්මා සහ ජයලත් එම රබර් ගස් යාය මැදින් සාරි ගෙන ඒමට පද්මාගේ පුංචම්මාගේ නිවෙසට ගියහ.
හොරණ තක්ෂිලාවෙන් පසු ඩී බී. කුරුප්පු කොළඹ නාලන්ද විදුහලේත්.කරුණාසේන ජයලත් නුගේගොඩ නාලන්ද ඇකඩමියේත්, පද්මා ලාලනි මොරටුව කන්‍යාරාමයේත් ඉගෙනුම ලැබූහ.
තක්ෂිලාවන් සමුගත් පසු ජයලත් කුරුප්පු,පද්මා නැවත මුණගැහෙන්නේ ගොළු හදවත නවකතාවේ කියවෙන පරිදි තක්ෂිලාවේ පැවැත්වෙන සැණකෙළියකදීය.
අම්ම මට කියල තියෙන විදියට එදා සැණකෙළියේදී අම්ම බෝල්ඩ්වින් අංකල් එක්ක ඉන්නව ජයලත් අංකල් දැකල තියෙනවා .එයා මොනවා හරි බිබී හිටිය වීදුරුව බිඳිලා පොඩිවෙනකම් අතින් මිරිකුවලු. අත තුවාල වෙලා ලේත් ආවලු.හැබැයි ඒක නවකතාවේ නැහැ.
නමුත් මේ තුන්කොන් සත්‍යය ප්‍රේම කතාවේ කිසිවෙකු එකිනෙකා සමග විවාහ වූයේ නැත.
එච්.ඒ.ජේ. හුලුගල්ල නම් පත්‍ර කලාවේදියා මෙරට වඩාත් ප්‍රකට ඩේලි නිවුස් පුවත්පතේ කතුවරයා ලෙසය. ඉන්දියාවේ සිට ‘ජේනස්’ නමින් ඩේලි නිවුස් පුවත්පතට ලිපි ලිය
රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා.එතන යකා වැහී ආවේ ටයිටස් තොටවත්ත. හේතුව දොස්තර හොඳහිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට
කිත්සිරි නිමල්ශාන්ත යනු අකලට පරවුණු මහනෙලකි. අපේ රටේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වගේම ගේයපද රචකයකු වූ ඔහු අනිතමානී කලාකරුවෙකි.
දවල් විවේක කාලයේ පන්තියෙන් බැහැරට නොගිය සුගත් වීරසේකර පන්තියේ තම අසුනේ වාඩි වී පොතක් බලමින් සිටියේ ය .
ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් සසර වසනතුරු නිවන් දකිනතුරු ගීතය ලියු හැටි ද හරිම අපූරුය.
‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගොළු හදවත ඇත්ත කතාව
ANUSHA Tuesday, 11 February 2025 10:59 AM
හරිම දුකයි
kamal Thursday, 13 February 2025 02:24 AM
කොහොමහරි අපිව පිස්සු වැට්ටුවා