IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුව නොපා හඬපෑ අමරණීය කොවුලා ගුණදාස කපුගේ

සාහිත රසකතා


" බිඳින බ්දින තරමට සුවදයි - සුධවල සඳුන් ගසේ "

ලියන කාමරයේ තියෙන පුංචි රේඩියෝවේ ප්‍රියාගෙ ගීයක් වාදනය වෙනවා. ගීතයේ පද ප්‍රේමකීර්තිගෙ.ලියමින් හිටපු පෑන පොඩ්ඩකට පැත්තකින් තියලා මම ඇස් පියාගත්තා.

ප්‍රේමකීර්තිගෙ පද ඇතුළේ තියෙන්නෙ ගැඹුරු සත්‍යක්. සමහර මිනිස්සුන්න්ට ගහන්න, ගහන්න රිද්දවන්න රිද්දවන්න ඒ මිනිස්සු තව තවත් මුවහත් වෙනවා. සමහරු වෙන තැන්වල අලුත් විදියට පිපිලා ඒ මුළු පළාතම ආලෝකමත් කරනවා. 

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ කියන්නෙත් එහෙම කෙනෙක් කියලයි මට හිතෙන්නේ. 

කපුගේ තරම් රැකියාවෙ වැඩ තහනම් වුණු, ස්ථාන මාරු ලැබුණු කෙනෙක් ගැන මම මෙතෙක් අහලා නැහැ. විශේෂයෙන්ම ඔහු දැරූ දේශපාලන මතයම ඔහුට මේ විඳින්නට වුණු බොහෝ දුක් වේදනාවලට  හේතු වුණා කියල තතු දන්නෝ කියනවා. නා නා ප්‍රකාර ක්‍රම යොදාගෙන ගුණදාස කපුගේ කියන විශිෂ්ට සංගීතවේදියා ගේ නම ක්ෂේත්‍රයෙන් අතුගා දමන්න විවිධ පුද්ගලයන් උත්සාහ කරත් ඒක සාර්ථක වුණේ නැහැ. ලූෂන් බුලත්සිංහල ගේ " තාරාවෝ ඉගිලෙති" නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරනකොටත් ගුණදාස කපුගේ සූරීන් වැඩතහනමකට ලක්වෙලා යි හිටියෙ. නාට්‍යයේ මංගල දර්ශනය දවසේ ඒක නරඹන්න ආපු එවකට රජයේ ප්‍රධානියෙක් නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය ගැන පැහැදිලා ඒ ගැන විමසා තිබෙනවා. එතකොටයි ඔහු දන්නේ මේකෙ සංගීත අධ්‍යක්ෂකවරයා කපුගේ බව. එතැනදි ඔහු දැනගන්නවා මේ වන විට කපුගේ රැකියාව අහිමිවෙලා ඉන්න බව.පස්සෙ අර රජයේ ප්‍රධානියා මැදිහත්වෙලා කපුගේ ආපහු සේවයේ පිහිටුවනවා. පුද්ගලයෙක් වශයෙන් කපුගේව විනාශ කරන්න උත්සාහ දරපු අයට කපුගේ ගේ ප්‍රතිභාව විනාශ කරන්න බැරිවුණු නිසා කපුගේට ආයෙ රස්සාව ලැබෙනවා.

තවත් වතාවක් කපුගේට දඬුවම් මාරුවක් විදියට රජරට සේවයට ස්ථාන මාරුවක් ලැබෙනවා. ගුවන් විදුලි පරිපාලනයට අවශ්‍ය වුණේ ස්ථාන මාරුව හරහා කපුගේට රිදවීම වුණත් කපුගේ ගෙ රජරට ආගමනය රජරට ගුවන් විදුලියේ ස්වර්ණමය පරිච්ඡේදයක ආරම්භය වෙනවා.  කරුණාරත්න දිවුල්ගනේ, සේනානායක වේරලියද්ද, ක්‍රිෂාන්ත එරන්දක වගේ ප්‍රතිභාපූර්ණ ගායකයො වගේම මහින්ද චන්ද්‍රසේකර, මහින්ද දිසානායක වගේ විශිෂ්ට ගේයපද රචකයො රජරට සේවය හරහා බිහිවෙන්නේ කපුගේ යුගයේ.

අසූව දශකයේ මෙරටට රූපවාහිනී ආගමනය සිදුවෙන්න කලින් මෙරට ශ්‍රාවකයගේ හදවත වෙලා තිබුණේ ගුවන් විදුලිය. අද වගේ ජනමාධ්‍ය පුළුල්ව නොතිබුණු එසමයේ සිය කටහඩින් රටක් වසඟයට ගත් ගායකයන්ට, පූරකයන්ට සිතින් ප්‍රේමකළ බොහෝ පිරිසක් මෙරට තුළ සිටියා. කපුගේ ගේ හඬට ත් ඒ වගේම අසීමිතව ප්‍රේමකළ එක්තරා තරුණියක් රජරට සිටියා. ඇය කපුගේ ගෙ හඬට කොයිතරම් ප්‍රේමළාද කියනවනම් එකපාරක් කපුගේ හොයාගෙන මේ තරුණිය රජරට ගුවන් විදුලියට ගියා. ඒ නිකම්ම නොවෙයි. තමන් ආදරය කරන ගායකයට තෑගිබෝග එහෙම අරගෙන. තරුණිය ගුවන් විදුලියට යනකොටත් කපුගේ පටිගත කිරීමක යෙදිල හිටියෙ. ගුවන් විදුලියේ විමසීම් කවුන්ටරයට තරුණිය තමන් ආපු කාරණය දැනුම් දුන්නා.

"කපුගේ මහත්තයා රෙකෝඩින් එකක. මිස් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න. අපි කපුගේ මහත්තයට දැනුම් දෙන්නම්"

විමසීම් කවුන්ටරයෙන් දැනුම් දුන් අන්දමට තරුණිය ගුවන් විදුලියෙ ලොබියට වෙලා කපුගේ එනකම් වාඩිවෙලා හිටියා. ටිකවෙලාවකින් පටිගත කිරීම ඉවරවෙලා කපුගේ ලොබියට ආවා.

" මාව මුණගැගෙන්න ආවා කිව්වෙ කවුද ? ඔයාද ?"

ලොබියෙ වාඩිවෙලා හිටපු තරුණිය ගෙන් කපුගේ විමසුවා.

"මේ මිස්ටර් කපුගේ ද?"

"ඔව්"

"අර සින්දු කියන ගුණදාස කපුගේ ?"

"ඔව්"

කපුගේ ගෙ පිළිතුර හමුවේ තරුණිය අන්දමන්ද වී මුහුණ ඇදවී යනු කපුගේට පෙනුණා.

'ඇයි සහෝදරී ? මොකක් හරි ප්‍රශ්නයක් ද ?"

තරුණිය බිම බලාගෙන කතාකරන්නට වුණා.

"ඇත්තටම මම මිස්ටර් කපුගේ ගෙ සින්දු වලට ගොඩක්ම කැමතියි. ඒ කටහඬට පිස්සුවෙන් වගේ කැමති වුණු නිසයි මම මේ විදියට ආවෙත්"

" හ්ම්! ඉතින් අපි දැන් මුණගැහුණා නේ. 

" ,ඔව්! ඒත් මම මිස්ටර් කපුගේ ගෙ රූපය ඔයිට වඩා වෙනස් විදියකටයි හිතාගෙන හිටියේ"

තරුණියගේ එක්වරම සිදුවුණු වෙනසට හේතුව කපුගේ වටහා ගත්තා.

"මගේ රූපය දිහා බලන්නෙ නැතුව කටහඬ විතරක් අහන්න සහෝදරී"

කපුගේ තරුණියට දුන්නු පිළිතුර ඒක. මෑත යුගයේ විවිධ මාධ්‍ය නාලිකාවලින් මතයක් ගොඩනගන්න හැදුවා ගායකයෙක් වෙන්න නම් පෙනුම තියෙන්න ඕන, ප්‍රාසාංගික ගුණය තියෙන්න ඕන කියලා. ඒත් කපුගේ කියන්නෙ ඔය දෙකම තිබුණු කෙනෙක් නොවෙයි. එදා මෙදාතුර කපුගේ නාමය ශ්‍රාවක හදවත් තුළ තිබෙන්නේ ඔහුගේ අනන්‍යවූ හඬින්ම පමණමයි. එදා මෙදාතුර මිනිසුන් ගායකයකු ලෙස වැළඳගන්නේ සිය කටහඩින් තමා පිනවන්නෙක් බවට වර්තමානයේ ඇති හොඳම උදාහරණය තමයි චාමර වීරසිංහ. ඔහුටත් අර මාධ්‍ය නාලිකා ඉදිරිපත් කරපු නිර්ණායක දෙකම වලංගු නැහැ. ඒත් ඔහු තමයි අද රටේ ඉන්න වැඩිම ඉල්ලුමක් තියෙන හදවතේ ගායකයා. ඔහුට සමාන්තරව වර්තමාන ගායන තලයේ ඔය කියන මාධ්‍ය නාළිකා වලින් එළියට දාපු අර නිර්ණායක තුළ ඉන්න ගායකයොත් ඉන්නවා. ඒත් ඒ කිසිම කෙනෙකුට චාමරගෙ ළඟටවත් එන්න පුළුවන් වෙලා නැහැ. මේකෙන් තේරුම් ගන්න පුළුවන් දේ තමයි කිසියම් පුද්ගලයෙක් වාණිජ පරමාර්ථ උදෙසා ගොඩනගන්න හදන මතයත් මිනිසුන්ගේ හදවතේ මතයත් යන දෙක එකිනෙකට බොහෝ පරස්පරයි කියන එක. 

කපුගේට තියෙන්න්නේ " සොහොන් හඬක්" කියලා ඇතැමෙක් අර්ථකථනය කරනවා. ඒ සමහර විට විරහව, සමාජ විසමතා වැනි කරුණු ඔස්සේ ලියැවුණු ගී ඔහු රහට ගයන නිසා වෙන්න ඇති.  රාජා බීඩියක් තරම් කෙට්ටු වුණු ඔහුගේ ශරීර කූඩුව ඇතුළේ මෙච්චර ප්‍රබල හඬක් තිබුණාද යන්න ඇත්තටම විස්මයට කරුණක්. ගීත ගායනයේ පමණක් නොවෙයි තනු නිර්මාණය තුළත් කපුගේ සූර දස්ක්ම් දැක්වූවා. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා පද රචනය කරල කපුගේ ගයන " සුමනෝ" ගීතය ඔහු නිර්මාණය කරල තිබුණේ "මේවර කෙලියේ"  එන කවිගායනා ඌරුව ආශ්‍රයෙන්. ඒ වගේම මහින්ද චන්ද්‍රසේකර ලියලා කරුණාරත්න දිවුල්ගනේ ගයන " උතුරින් එන දුම්රිය දේවී" ගීතයට කෝච්චියක් ධාවනය වන රිද්මයට තනුව නිර්මාණය කර තිබීමත් කපුගේ කරපු සුපිරි වැඩක්. ඒ වගේ සින්දු සියගණනක් ගැන මේකේ සටහන් තියන්න පුළුවන්. 

කපුගේ අකාලයේ අපෙන් සමුගන්නකොට ඔහුට අවුරුදු පනස් හතයි. ජීවත්වෙලා හිටපු අවුරුදු පනස් හතට තව අවුරුදු සියගණනකට රසවිදින්න පුළුවන් නිර්මාණ සම්භාරයක් කපුගේ අපට ඉතිරිකරල ගිහින් තියෙනවා. සුජීවත්ව සිටි සමයේත් අපි විසින් කපුගේ හරියට කියවාගත්තාද කියන ගැටලුව මට තියෙනවා. කපුගේ කියන්නේ වසරක් පාසාම පුළුල් කියැවීමකට ලක් කළයුතු ගායකයෙක් විදියටයි මම දකින්නේ.

කපුගේ සුජීවත්ව සිටියා නම් අදට අවුරුදු අසූවක්

 



අදහස් (0)

රුව නොපා හඬපෑ අමරණීය කොවුලා ගුණදාස කපුගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site