

කඳු නගින්න පරිසරයේ සුන්දරත්වය විඳගaන්න කැමති අය බොහෝ ප්‍රිය කරන ගමනාන්තයක් වන “ඇල්ල රොක්” - ඇල්ල පුරවරයට උරුමකම් කියන අතිශය සුන්දර කඳුවැටියක්.
|
ක්ලේරා |
|
ජුලියා |
|
ධම්මිකා |
ඇල්ල සංචාරක කලාපය තුළ උඩරට දුම්රිය වගේම විස්මිත ඉදිකිරීමක් වන ඇල්ල ගොටුවල පිහිටි “ආරුක්කු 9 පාලම හෙවත් නයින් ආච්”, පුංචි ශ්‍රීපාදය, රාවණාඇල්ල, රාවණා ගුහාව, යනාදී ආකර්ෂණීය ස්ථාන අතර ඇල්ල රොක් කඳුවැටියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.
ඇල්ලට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ අනිවාර්ය සංචාරයක් වන ඇල්ල රොක් උස මුහුදු මට්ටමේ සිට අඩි 4514 කි. කිතල්ඇල්ල ගම්මානයේ සිට ඊට ඉහළින් පිහිටි රොක් තරණය කිරීමට අඩි දහසක් (1000) ක් පමණ ඉහළට පා ගමනින්ම යායුතු අතර, ඇල්ල රොක් කන්ද තරණය කිරිමට ප්‍රධාන වශයෙන් මාවත් දෙකක් ඇත.
ඇල්ල රොක් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ඓතිහාසික වැදගත්කමක් ද දරණු ඇත. එය වරක් යටත් විජිත යුගයේ උපායමාර්ගික වාසිදායක ස්ථානයක් වූ අතර, අවට නිම්න සහ තේ වතු පිළිබඳ පරිදර්ශක දසුනක් සපයයි.
ඇල්ල රොක් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය පරිපාලකයින් සහ මිනින්දෝරුවන්ගේ නිරීක්ෂණ ස්ථානයක් වූ අතර, විශාල තේ වතු අධීක්‍ෂණය කිරීමට සහ ප්‍රදේශයේ මිනිසුන් සහ භාණ්ඩ ගමන් කිරීම නිරීක්ෂණය කිරීමට ඔවුන් මෙම පර්වතයේ උස් ස්ථානය භාවිත කර ඇත. ප්‍රදේශයේ යටත්විජිත බලපෑම නිසා ඇල්ල හරහා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ද හේතු වි ඇත.
කොළඹ සිට එන අයෙක් නම් ඇල්ල Railway Station එකට පැමිණ එතැන් සිට කිතල් ඇල්ල Railway Station එකට කිලෝමීටර් 3 ක් දුර පාගමනින් ගමන් කර එතැන් සිට කිතල්ඇල්ල ගම හරහා කඳු මුදුනට කිලෝ මීටර් 2 ක් පමණ දුර ගෙවා ඇල්ල රොක් වෙත ලඟා විය හැකිය.
එමෙන්ම ඇල්ල නගරයේ සිට Zion View Green Retreat Hotel අසලින් වැටී ඇති මාර්ගයෙන් කිතල්ඇල්ලට ගමන් කර, එතැන් සිට ද ඇල්ල රොක් තරණය කළ හැකිය.
කිතල්ඇල්ල දුම්රිය ස්ථානයේ සිට විනාඩි 10 ක් පමණ ගතවෙන කෙටි දුරක් දුම්රිය මග දිගේ පාගමනින් ගමන් කර හෙළ කිතල්ඇල්ල ගම්මානය දෙසට විහිදුන ගුරුපාරේ ගමන් කළෙමි.එම පාර වැටී ඇත්තේ එම ගම්මානය මැදිනි. ඒ අවට වගාබිම්ය. කුඩාවට ඉදිකළ අවන්හලකි. එය මානා සෙවිලි කළ දැකුම්කලු එකකි. ගැමියෙකුට අයත්ය. බොහෝ විදේශිකයෝ යන - එන ගමන් මෙම අවන්හලට ගොඩවන්නේය.
කොස් මාළුව හෝ හතුමාළුව සමග මෙහිදී ලැබෙන රොටී බොහෝ විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති බව දැනගන්නට ලැබිණ.
ප්‍රංශයේ සිට පැමිණි ජුලියා සහ ඩෙන්මාර්ක් සිට පැමිණ ක්ලේරා මට හමුවූයේ ද මෙම සොඳුරු සෙවණේ දීය.
ගැමියන් හරිම ලෙන්ගතු බව එම කතුන් පැවසූහ.
මම ජුලියාට සවන් දුනිමි.
“මම ලෝකයේ බොහෝ රටවල සංචාරය කරලා තියෙනවා. ඔබේ රටෙත් සති 3 ක් ඉන්නවා. දැනට සංචාරය කළ ප්‍රදේශ අතරින් වඩාත් සිත්ගත් ප්‍රදේශය තමයි ඇල්ල. ලෝකයේ කොහේවත් නැති තරම් සුන්දර දේවල් මෙහි තිබෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අනෙකුත් සංචාරක පුරයන්ට වඩා ඇල්ල රොක් කියන්නේ ආරක්ෂිතව ඕනෑම කෙනෙකුට තනිවම වුණත් තරණය කළ හැකි කඳුපන්තියක්. මේක පහසු ගමනක් නොවුණත් සුන්දරත්වයට කැමැති කවුරුත් අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් කියල මට හිතනෙවා. මම මෙතෙක් දැකපු වඩාත් සුන්දරම ‘හිරු උදාව’ දැක්කේත් රොක් කඳු මුදුනෙදි ඒ ගැන හරිම සතුටුයි”
“මට ජුලියා මුණ ගැසුණේ මේ ගමනෙදි. ඒක නම් මිහිරි අත්දැකීමක්. රත්පැහැ ගැවුණු හිරු පියවරින් පියවර කඳු අතරින් මතුවෙද්දි මේක වෙනම ලෝකයක් කියල මට හිතුණා. මීදුමට තුරුලුවෙලා අපි දෙන්නා අසීමිත ලෙස මේ පරිසරය වින්දා. තවත් සංචාරකයෝ හුඟාක් මේ අත්දැකීම ලබාගන්නා අයුරු දැක්කා” යැයි ක්ලේරා සිනා සෙමින් කීවාය.
(මග දිගට හමුවූයේ පුවක් ගෝනි, වී ගෝනි, වැනි බර කරතබා ගෙන ගමන් කරන ගැමියන්ය).
මේ ධම්මිකා ය. ඈ කතාව පටන් ගත්තාය.
“සර්.. මේ සංචාරකයෝ හරිම හොඳයි. වෙලාවකට අපිට පුදුමත් හිතෙනවා. දවසක් මම රේල් පාරෙ ඉඳල වී ගෝනියක් ගේන්න බැරිව නතර වෙලා හිටියා.විදේශික තරුණයෙක් හිනාවෙලා ඒ වී ගෝනිය කර තබාගෙන අපේ ගෙදරට ගෙනැත් දීලා ගියා.


බදුල්ලේ
පාලිත ආරියවංශ
2025 දෙසැම්බර් මස 04
377
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරකයන් වශී කර ELLA ROCK