IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ශ්‍රී ලංකාවේ පළමු නිර්පාර්ෂික ජනාධිපති

අමාත්‍ය මණ්ඩලය සමග


“එවං මේසුතං සම්පති ලංකාදීපෙ
බුද්ධ මාමකො සිහලො ලංකිස්සර පදප්පත්තොති”

“සඛොපන විලියම් ගොපල්ලව නාමො
පුබ්බවුත්ථස්ස මිච්ඡා දිට්ඨිකස්ස 
අච්චයෙන බුද්ධ මාමකෙන ලද්ධං ඉමං 
පදවිං නිස්සාය සමුස්සාහිත මානසේහි 
තස්ස ඥාතකෙහිව මිත්තෙහිව තෙන සද්ධිං 
ගත කිවිවාරේ තියාමි රත්තිං 
පරිත්ත ධම්ම දෙසනා කාරාපිතා”
1962.03.05 (දවස)

ශ්‍රී මත් ඔලිවර් ගුණතිලකයන්ගෙන් පසුව මෙරට නව ආණ්ඩුකාර ධුරයට පත් ශ්‍රීමත් විලියම් ගොපල්ලව උතුමාණන්ගේ පදවි ප්‍රාප්ති උළෙල බුද්ධභාෂිත පාලි බසින් එදා දවස පත්‍රය වාර්තා කළේ එසේය. 

නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ “නිර්පාක්‍ෂික ජනාධිපතිවරයා” ලෙස හැඳින්වෙන බැවින් 1972 මැයි 22 දින සම්මත කරගනු ලැබූ ජනරජ පනත අනුව ප්‍රථම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් විලියම් ගොපල්ලව මහතාද ප්‍රථම නිර්පාක්‍ෂික ජනාධිපතිවරයා ලෙස හැඳින්වීමේ වරදක් නොමැත. 

එතුමා සතුවූ නිරහංකාර හා චාම් බවත්, ආගමික හැදියාව තුළින් ලැබූ ආධ්‍යාත්මික ගුණවගාවත් චරිතය තුළින් විදහා දක්වන බැවින් මහසඟරුවන පවා එතුමා හැඳින්වූයේ “මහොපාසක” යන ගෞරව නාමයෙනි. 

1897 සැප්තැම්බර් 17 දින මාතලේ දුල්ලෑව මහවලව්වේ උපත ලැබූ කුඩා විලියම් මූලික අධ්‍යාපනය ලැබූවේ දුල්ලෑව ගමේම පාසලෙනි. 

ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා මහනුවර ගැටඹේ කිතුනු පාසලට ඇතුළත්ව ඉන් මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වූ ඔහු පාසලේ සාහිත්‍ය හා කලා අංශවල උසස් දස්කම් පෑ බව පැවසේ. අනතුරුව ශාන්ත අන්තෝනි විදුහල තුළින් විද්‍යා අධ්‍යාපනයට නැඹුරුවිය. 

1917 කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත් වූ පසු යළි මාතලේට ගිය ගොපල්ලව මැතිඳුන් බෞද්ධ පාසලක ගුරුවරයකු ලෙස කටයුතු කරමින්ම පාසලේ තත්ත්වය උසස් කරලීමට වෙහෙස ගත්තේ වැටුප පවා නොසලකමිනි. තම වියදමින් පුස්තකාලයක් අරඹා බාලදක්‍ෂ කණ්ඩායමක් මෙන්ම ප්‍රබල සමාජ සේවා සංගමයක් පිහිටුවා දරුවන්ගේ නැණ නුවණද පොදුජන ජීවිතද ඉහළ තලයකට ගෙන ආවේය. 

1924 දී නීතිඥ විභාගය සමත්ව මාතලේ ප්‍රදේශයේ නීතිමය කටයුතුවල නියැළුණු ඔහුට ජනතාවට වඩාත් නැඹුරුව සේවය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙසට “දේශපාලනය” පෙනී ගියේය. 1926 පළාත් ආණ්ඩු සභා මැතිවරණයෙන් මාතලේ (දකුණු කොටස) ජයග්‍රහණය කිරීමට ඔහුට හැකි විය. 

මාතලේ පළාත් ආණ්ඩු සභාවේ සභාපති ධුරයට පත්වූ සී. අරියනායගම් මහතා සෞඛ්‍ය හේතු මත ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට පත්වූ විලියම් තරුණයා මෙරට ළාබාලතම පළාත් ආණ්ඩු සභාපතිවරයා විය. 

මෙම කීර්ති නාමය රාජ්‍ය මන්ත්‍රණ සභාවට යාමට තරම් ප්‍රබල වේයැයි සිතූ ඔහු 1936 එම මැතිවරණය සඳහා මාතලේ අසුනට තරග වැදුණේය. එකල පක්‍ෂ ක්‍රමය වෙනුවට කවුරුත් තරග කළේ ස්වාධීනවය. අනිකුත් තරගකරුවන් වූ එඩ්වඩ් ද සිල්වා, ඩබ්.ටී.සී. කරලියද්දේ හා විලියම් ගොපල්ලව පරදවා බර්නාඩ් අලුවිහාරේ අසුන ජයගත්තේය. පරාජයෙන් පාඩම් ඉගෙන ගත් විලියම් ගොපල්ලව දේශපාලනයෙන් සමුගත්තේ සැබෑ ජනතා සේවයට තරගයක් අවශ්‍ය නැති බව පසක් කරගෙනය.

1939 මහනුවර නාගරික කොමසාරිස් ධුරයට සුදුස්සා වූ ඔහු නගරයේ ගැටලු පිළිබඳව හැලහැප්පුණේ දේශීය මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ නිලධාරී පෙළැන්තිය සමගය.

මහනුවර ගැටඹේ ප්‍රදේශයේ ජනදිවිය නිරතුරුව බිලිගන්නා මහ ගංවතුර ගැටලුවට පිළියම ලෙස දංගොල්ල යෝජනා ක්‍රමය ඇරඹීමෙන් ජනතාවගේ හදවත දිනාගත් ඔහු 1951 කොළඹ නාගරික කොමසාරිස් ලෙස පත් කෙරිණ. 1953 මහා හර්තාලය සමයේ විශේෂ කොමසාරිස්වරයා ලෙස කොළඹ නගරය පාලනය කළේ එතුමාය. 

1957 දී විලියම් ගොපල්ලව මැතිඳු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියත් ඔහුගේ දක්ෂකම් ගැන හොඳාකාරව දැන සිටි අගමැති බණ්ඩාරනායක චීනයේ ලංකා තානාපති ධුරයට 1958 ජුනි 18 දා එතුමා පත් කරනු ලැබිණ. 

“චීනය සමාජවාදී රාජ්‍යයක්. ඇමරිකාව ධනවාදී රාජ්‍යයක්. ඒත් බණ්ඩාරනායක අගමැතිතුමා මට වගකීම් පැවරුවා ඇමරිකානු තානාපති වශයෙන් අක්තපත්‍ර දීමට. ඒක දුර්ලභ අවස්ථාවක්.” 

1961 සැප්තැම්බර් 07දා ධවල මන්දිරයේදී ජනාධිපති ජෝන් කෙනෙඩි හමුවේ එතුමා දිවුරුම් දුන්නේය. විලියම් ගොපල්ලව තනතුරු සොයාගිය නිලධාරියකු නොවුණත් තනතුරු ඔහු සොයා ආවේ ඔහු සතු අචල, නිරහංකාර, අවංක ප්‍රතිපත්ති නිසාය. එසේ සිටියදීම 1962 පෙබරවාරි 03 දා කියුබාවේ, ලංකා තානාපති ලෙස කටයුතු කිරීමට නියම වූයේ ඒ නිසාය. මැක්සිකෝවේ දිවා භෝජන සංග්‍රහයට එක්ව සිටියදී අගමැතිනි සිරිමාවෝ වහාම ඔහුට සියරටට එන ලෙස විශේෂ නියෝගයක් නිකුත් කළාය.

“වොෂිංටනයේ පදිංචිව ඇමරිකානු මෙන්ම කියුබානු තානාපති ධුර උසුලන විලියම් ගොපල්ලව මහතාට වහා මව්බිමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය තුමිය නියෝග කළාය” යනුවෙන් මැදියම් රෑ ගුවන් විදුලි ප්‍රවෘත්තිවලින්ද නිවේදනය විය. ඒ අති විශේෂ රාජකාරියකටය. ඒ එසේ මෙසේ රාජකාරියකට නොවේ. 

1962 ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක උතුමාණන්ගෙන් පසු මෙරට අග්‍රාණ්ඩුකාර ධුරය ඉසිලීමට එකම සුදුස්සා ලෙස විලියම් ගොපල්ලව මැතිඳුන් සුදුසු බවට බ්‍රිතාන්‍ය මහ රැජිනට මෙරට පිහිටි මහ රැජිනගේ ආණ්ඩුව හෙවත් ලංකාණ්ඩුව කළ යෝජනාව පිළිගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් විය. 

1965 මාර්තු 22 දින මහ මැතිවරණයෙන් මැතිනියගේ ආණ්ඩුව පරාජය වී ඩඩ්ලි සේනානායක මැතිඳුන් ප්‍රමුඛ ආණ්ඩුව බිහිවිය. 1965 මාර්තු 25 දා ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව උතුමාණන්ට භාරදුන් අතර රජගෙදරට කැඳවනු ලැබූ ඩඩ්ලි සේනානායකයන්ට නව ආණ්ඩුව පිහිටුවීමට ඇරයුම් කෙරිණ.

1970 දී එජාප ආණ්ඩුව පරාජය වී යළි සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව බලයට පත්වූ විටද ආණ්ඩුකාරතුමන් අතින් නව ආණ්ඩුවට ආශීර්වාදය ලැබිණි. එම මැතිවරණයේදී මැතිනිය ඇතුළු සමගි පෙරමුණ දුන් ප්‍රධාන පොරොන්දුව වූයේ ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ජනරජයක් කරන බවය. 

1972 මැයි 22 දින නව ජනරජ පනත සම්මත වූ බවට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සභාපති ස්ටැන්ලි තිලකරත්න මහතා අත්සන් තැබූ අතර ඒ සමග මහ රැජින සමග තිබූ සබඳකම් අවසන් විය. “සිලෝන්” වෙනුවට ශ්‍රී ලංකාවත් එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස බණ්ඩාරනායක මැතිනියත් ඉතිහාසයට එක්විය.

ශ්‍රී ලංකාව ජනරජයක් වීමත් සමගම එතෙක් ආණ්ඩුකාර ධුරය දැරූ විලියම් ගොපල්ලවයන්ගේ තනතුරු නාමයද වෙනස් විය. එම නාමය ජනාධිපති විය. ඒ අනුව ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති ධුරයේ එතුමා දිවුරුම් දුන් අතර, රජගෙදර ජනාධිපති මන්දිරය බවට පත්විය. මහජනතාව අමතා ජනාධිපතිවරයා මෙසේ කීය. 

“ශ්‍රී ලංකා ජනරජය මගින් අපේක්‍ෂිත ශ්‍රී සෞභාග්‍යය මුළු මහත් ජනතාවට උදා වේවා. ඒ අභිමාන යුගයේ සමාරම්භක ලක්‍ෂණය වශයෙන් අපේ ස්වාධීන ධජය සදහටම බැබළෙන සේ ඔසවමි” යැයි ජාතික කොඩිය පූර්ණ කුඹ කොට එසැවීය. 

1972 මැයි 22 වැනිදා පක්‍ෂ භේදයකින් තොරව ජනාධිපති ධුරයේ ස්ථාපිත වූ එතුමාගේ සේවා කාලය 1976 මැයි 22 දිනට අවසන් වීමට නියමිතවූ අතර අගමැතිනිය එතුමාගේ වටිනාකම ගැන බෙහෙවින් දැනුම්වත්ව සිටි නිසා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව අනුව ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කළාය. එහෙත් එය දෙවසරකට සීමා වූයේය. 

1977 ජූනි 23 වැනිදා මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය හයෙන් පහක බලය ලබා ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැතිවරයා ලෙස ජනාධිපති විලියම් ගොපල්ලව ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙසේ මහ මැතිවරණ තුනක කාලසීමාවකදී අපක්‍ෂපාතව විශ්වාසවන්තව තම රාජකාරිය කළ ගොපල්ලව ජනාධිපතිවරයා කිසිවිටෙකවත් ගමේකම අමතක නොකළ පුද්ගලයෙකි. නිර්ව්‍යාජ ගැමියෙකු ගේ ගතිපැවතුම් එතුමා තුළ මියයන තුරුම තිබිණ.

1978 නව ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධනයන් ප්‍රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ විලියම් ගොපල්ලව ශ්‍රීමතාණන්ගේ සේවය නිමා කරමිනි. සුදු අසුන් බැඳි අශ්ව කරත්තයකින් රාජ්‍ය ගෞරව සහිතව එතුමාට යළි ගම් පෙදෙසට යාමට විධායක ජනපති ජේ.ආර්. ඉඩහසර සැලසීය.

ශ්‍රීමත් විලියම් ගොපල්ලව නම් මහෝපාසක රාජ්‍ය පාලකයාගේ ජීවන සෙවණැල්ල මෙන් ඔහුට ශක්තියත්, රැකවරණත්, උපදේශනයත් දුන් බලවේගය වූයේ එතුමාගේ බිරිඳවූ සීලවතී ගොපල්ලව මැතිනියයි. 

අශෝක ගොපල්ලව, මොන්ටි ගොපල්ලව යන පුතුන් දෙදෙනාද අයිරාංගනී රත්වත්ත හා චින්තා මැදිවක යන දූවරුන් දෙදෙනාද පියාට හා මවට සවිබල දුන්හ. අයිරාංගනී රත්වත්තේ යනු සිරිමාවෝ මැතිනියගේ සොයුරු මැකී රත්වත්තගේ පුතණුවන්ගේ බිරිඳය. 

1962.03.01 දින ලංකේශ්වර පදවියේ දිවුරුම් දීමට රජගෙදරට පැමිණි අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව ශ්‍රීමතාණන් පිළිගැනීමට පරිසරය සැකසුණු අයුරු පසුදා දවස පත්‍රය වාර්තා කළේ මෙසේය. 

රජගෙට අදින් නෙත
අද තුනුරුවන් වැඩ ඇත
බුදු පිළිමෙ දෙන සෙත 
පෙනෙයි පසෙකින් පිනවමින් සිත 

බෙර හඬ නඟන්නෝ 
මංගල ගී ගයන්නෝ 
පසෙකින් සිටින්නෝ 
මොහොත එනතෙක් බලා ඉන්නෝ 

අගමැතිනි ඇතුලූ 
පිරිසක් වූහ ඇතුලූ 
රජගෙදර බැබලූ 
පිරිස බැලුමට දෙඇස් මදිලු

අටකුත් පනස් හත 
වූවා නැකත් ළඟ ඇත
දිවුරුම් දෙන මොහොත 
මෙයයි ලකිසුරුතුමාණන් ඉත

ආචාර වෙඩිමුර – නැගුණා රටම හැඩකර 
විසි එකක් තත්පර – එයට ගෙවුණා සතුට මතුකර

බ්‍රිතාන්‍ය රාජ්‍ය අමුත්තන් පිළිගැනීමේ උළෙලකදී විලියම් ගොපල්ලව (වම්පස) එවකට කොළඹ නගරාධිපති ටී.රුද්‍රා මහතා සහ එම මහත්මියද බ්‍රිතාන්‍ය රාජකීය යුවල සමග  සිටි 



පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි


 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ පළමු නිර්පාර්ෂික ජනාධිපති

ඔබේ අදහස් එවන්න

 

Recommended News

සැමියා නිවෙසට යවා බිරිඳ බංකරයට
2025 මාර්තු මස 19 3 0

ජාත්‍යන්තර කාන්තා දිනය ගෙවී සතියක් ගත විය. එම දිනය නිමිත්තෙන් ඉකුත් සතිය පුරා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ගේ හැකියාවන්, ක්‍රියාකාරකම


මාර ඔරලෝසුව
2025 මාර්තු මස 19 4 0

දැන් “කෘත්‍රිම බුද්ධිය” එසේත් නැති නම් “ඒ.අයි.” නැති තැනක් නැත. ලොව රටවල් බොහොමයක ජනතාව හැම දේකටම කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම පුරුද්දක් කරගෙන තිබේ.


ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 332 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 271 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 61 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ
2025 මාර්තු මස 12 199 0

ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 944 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 335 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site