IMG-LOGO

විශ්මිත විශ්මි - විශ්මි ගුණරත්න

 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාර රුවැත්තිය ඇයයි. මෙලෙසින් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනයට වරම් ලබා සිටින ඇය තවමත් පාසල් අධ්‍යාපනය හදාරමින් සිටින ශිෂ්‍යාවකි. රාජපක්ෂ මුදියන්සේලාගේ විශ්මි දෙව්මිණි ගුණරත්න නමැති මේ රුවැත්තිය ඉගෙනුමට ද වඩා දක්ෂ බව කිව හැකිය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ ඇය, සා/පෙළ A-9ක් හෙවත් විශිෂ්ට සාමාර්ථ 9 ක් ලබා ගැනීමට සමත් වූ ශිෂ්‍යාවකි. ලාංකීය ක්‍රිකට් පිටියේ පාසල් ශිෂ්‍යාවක ලෙස මේ දක්වා ඉනිමක දී ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු - ‘417’ වාර්තාවට හිමිකම් දරන්නේ ද ඇයයි. පන්දු 128 කින් ඇය ඒ ලකුණු 417 ලබා ගැනීම විශිෂ්ට වාර්තාවකි. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන හැඩකාර නුවණක්කාර ‘විශ්මි’ එක්ක අපි පිළිසඳරකට එක්වෙමු.
 
  • ‘විශ්මි’ කොහොමද ටීම් එකේ අය කතා කරන්නෙ ?
විෂි (wishy) කියලා.
 
  • ‘විෂි’ගෙ පවුලේ තොරතුරු දැන ගන්න කැමතියි ?
අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි.
 
  •  ගම?
ගම්පහ.
 
  •  ‘විශ්මි’ගෙ පාසල?
‘රත්නාවලි’ බාලිකා ගම්පහ.
  •  උසස් පෙළ හදාරන්නෙ?
වාණිජ අංශයෙන්.
 
  •  ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වුණේ?
තුන වසරේ ඉඳලා.
 
  •  ‘‘ක්‍රිකට්’’ ක්‍රීඩා කරන්න එන්න විශේෂ හේතුවක් තිබුණ ද?
අයියා ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාම, ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕනෑය කියලා කිව්වා. ඒ නිසා එයාට ක්‍රිකට් ක්‍රීඩා කරන්න නිට්ටඹුව ක්‍රීඩා සමාජයට බැඳුණාම, අක්කයි - මමයි ඒ ක්‍රීඩා සමාජයේම පුහුණුවීම්වලට බැඳුණා. ඒ විදිහට තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ. අක්කා නෙත්මි ගුණරත්න.
 
  •  අයියයි - අක්කයි - ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාද ‘විශ්මි’ ට ක්‍රිකට් ගැන හිත ගියේ ?
‘අයියා’ ක්‍රිකට් පටන් ගත්ත නිසා තමයි අක්කයි - මායි පුහුණු වෙන්න ගියේ. ඊට පස්සෙ දිගටම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තා. ශිෂ්‍යත්ව සමත්වෙලා රත්නාවලි බාලිකාවට ආවාම ඉගෙනීම් වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් දිගටම කළා.
 
  • ‘විශ්මි’ගෙ අම්මා - තාත්තා ගැන විස්තර සඳහන් කළොත් ?
තාත්තා ඉංජිනේරුවරයෙක්. අම්මා ඉඩම් පරිහරණ සැළසුම් නිලධාරිණියක්.
 
  •  අම්මයි - තාත්තයි, කැමතිද?
අම්මයි - තාත්තයි, මගේ ක්‍රිකට් ක්‍රීඩාවට උදවු කරනවා. ගෙදරින් ලැබෙන සහයෝගය නිසා තමයි ඉගෙනීම් කටයුතු වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් හොඳින් කරන්න ලැබී තිබෙන්නෙ. ගෙදරින් ලැබෙන සහයෝගය ඉහළයි.
 
  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ පාසල් යන ක්‍රීඩිකාවකට ඉන්නෙ ‘විශ්මි’ විතර ද?
‘‘ශෂිනි’’ නංගි ඉන්නවා. 
 

 

  •  ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට ‘විශ්මි’ට අවස්ථාව මුලින්ම විවර වුණේ ?
2021 අන්තර් සමාජයීය තරගාවලියේ දී ශතකයක් ලබා ගත්තා. සීනිගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේ. හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ශතකය ලබා ගත්තෙ. එයින් පසුව අවස්ථාව ලැබුණා. මුලින්ම අන්තර්ජාතික තරගයක් ලෙස ක්‍රීඩා කළේ මලයාසියාවේ දී ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව.
 
  •  ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුණාම කොහොම ද ලැබුණු පිළිගැනීම ?
නායිකා චමරි අක්කා ඇතුළු හැමෝගෙන්ම ලැබුණෙ ලොකු පිළිගැනීමක්. පළපුරුදු ක්‍රීඩිකාවන් ගොඩාක් ඉන්නවා. එයාලා එයාලගෙ අත්දැකීම් අපි වගේ නවක අය එක්ක නිතර බෙදා ගන්නවා. අපට කියා දෙනවා.
 
  •  දැන් ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන යනවද?
සා/පෙළ විශිෂ්ට සාමාර්ථ ‘9’ ක් (A-9) ගත්තා. ඒ – ලෙවල් විභාගයත් විශිෂ්ට විදියට සමත්වීමට උත්සාහ ගන්නවා. මට හරි විදියට ඒ ලෙවල් ලියන්න තියෙන්නෙ 2024 දී. ඒත්, ලෝක කුසලාන තරගාවලිය නිසා 2025 දී කරන්නෙ.
 
  •  සංචාර අතරේ නිවාඩු කාලය පාඩම්වලට ද යොමු කරන්නෙ ?
පාඩම් කරන්න නම් ලැබෙන්නෙ නැහැ. ඒත් වීඩියෝ මාර්ගයෙන් ඉගෙන ගන්නවා. ප්‍රශ්න පත්‍ර ලියන්නෙත් ඒ විදිහට. ඒවා අතපසු කරන්නෙ නැහැ.
 
  •  උසස් පෙළ සමත් වෙලා, ඊළඟට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
‘ක්‍රිකට්’ ක්‍රීඩාව හැමදාටම කරන්න බැහැ. ඒ නිසා ඒ කාලය ඉවර වුණාම අධ්‍යාපන සුදුසුකම් තියෙනව නම්, හොඳ වගකීමක් තියෙන රැකියාවක් කරන්න පුළුවන්.
 
  •  මොන වගේ ජොබ් එකක් කරන්න ද හිතාගෙන ඉන්නෙ?
ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා ඒ අංශයේ රැකියාව කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.
 
  •  ‘විශ්මි’ මොන විදිහෙ කෙනෙක් ද?
පවුලට ගොඩාත් හිතවත්, මිත්‍රශීලි කෙනෙක්.
 
  •  ඉගෙන ගන්නත් දක්ෂයි, ක්‍රිකට් ක්‍රීඩාවටත් දක්ෂයි?තව මොන මොනවට ද දක්ෂ?
ඉගෙනීම් සහ ක්‍රිකට් තමයි.
 
  •  ගෙදර වැඩත් කරනවද?
වෙලාවක් ලැබුණොත් කරනවා.
 
  •  කණ්ඩායමේ අය විවේකයට මොනවද කරන්නෙ?
අපි සාකච්ඡා කරනවා, ඊට අමතරව සිංදු කියනවා. ඒ වගේ දේ තමයි කරන්නෙ.
 
  •  කාටද ලස්සනට සිංදු කියන්න පුළුවන්?
අනුෂ්කා සංජීවනී අක්කට පුළුවනි.
 
  •  විශ්මි ෆැෂන් කරන්න වඩා කැමතිලු නේද?
ඔව් ඒක නම් එහෙම තමයි.
 
  •  අල්මාරි කීයක් පුරවලා ඇඳුම්  තියෙනව ද?
ප්‍රමාණයක් තියෙනවා ඉතින්.
 
  •  ලෝක ක්‍රිකට් පිටියේ ‘විශ්මි’ අනුගමනය කරන්නෙ ?
ශෂිකලා සිරිවර්ධන අක්කා. 19න් පහළ කණ්ඩායමේ දී මට කෝච් කළේ ශෂිනි, නෙතාලි රාජ්, චමරි අතපත්තු අක්කා වගේ අය තමයි මම අනුගමනය කරන්නෙ.
 
  •  ක්‍රිකට් හැර රශ්මි වඩා කැමති ?
ඒ කාලයේදී මලල ක්‍රීඩා කළා. සමස්ත ලංකා පවා තරග කළා.
 
  •  ‘විශ්මි’ විවේකය ගත කරන්න කැමති ?
පවුලේ අය එක්ක ඇවිදින්න යන්න කැමතියි. නැත්නම් කෑමකට එළියට යන්න කැමතියි. අත්තම්මාගෙ ගෙදර යන්න තමයි ආසම.
 
  •  ක්‍රිකට් වෙනුවෙන් වැඩියෙන්ම සංචාරයට කැමති ?
දකුණු අප්‍රිකාවේ. මට ගොඩාක් උදවු කරන මිනිස්සු වගේම ජීවිතයට උපදෙස් දෙන මිනිස්සු පවා හමුවුණා.
 
  • විශ්මි වගේ හොඳින් ඉගෙන ගෙන ක්‍රීඩා එහෙමත් හොඳින් කරන්න නම් මොන වගේ දෙයක් අනුගමනය කළ යුතුය කියල ද ඔබගෙ වයසෙ තරුණියන්ට කියන්නෙ?
ක්‍රීඩාවත් එක්ක අධ්‍යාපනය කිරීම ලෙහෙසි නැහැ. බොහෝම මහන්සිවෙලා ආවාම පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැහැ. ඒත් ඒ මහන්සිය නොබලා, තමුන්ගෙ අනාගතය ගැන හිතලා අද දවසේ මහන්සි වී කටයුතු කරන්න. ලැබෙන නිදහස් කාලය විනෝදයට යොදන්නෙ නැතුව අධ්‍යාපනය යෙදවීම කළොත්, ප්‍රතිඵලත් හොඳ වේවි.
 

සඳුන් ගමගේ



අදහස් (0)

විශ්මිත විශ්මි - විශ්මි ගුණරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 321 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 800 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site