IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලොව කාන්තා අගමැති භූමිකා - 03 කොටස

 චන්ද්‍රිකා බණ්ඩාරනායක 
 කුමාරණතුංග 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග


 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග  පළමුව බස්නාහිර පළාත් මහ ඇමතිනිය වී පසුව ජනපතිවරිය වීමට පෙර මාස දෙකක කාලයක් සඳහා අගමැතිවරිය ලෙස කටයුතු කර ඇත. මහ ඇමතිනිය, අගමැතිනිය සහ ජනපතිවරිය ලෙස කටයුතු කළ ලොව එකම කාන්තා චරිතය ඇය වන අතර, එය ලෝක වාර්තාවකි.

 ක්ලෝඩට් වර්ලෙයි 

1995-1996 කාලයේදී  හයිටි  රාජ්‍යයේ  අගමැතිනිය ලෙස කටයුතු කළේ, ක්ලෝඩට් වර්ලෙයි ය.  ඇයගේ පියා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ චරිතයක් විය.  කෝපි පිටරට යවන ව්‍යාපාරයක්  මේ පවුල සතු වූ අතර, මව හට වෙනත් ව්‍යාපාරික ආයතනයක් ද තිබිණ.

ක්ලෝඩට් වර්ලෙයි  දෙස් විදෙස් වශයෙන් සමාජීයීය කටයුතුවල නියැළෙමින් ජාත්‍යන්තරව ප්‍රසාදය දිනාගත් කාන්තාවකි. ඇය අගමැතිනිය වීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලය 17 දෙනෙකුට සීමා කළ අතර, එකී 17 දෙනා අතරට කාන්තා චරිත හතරක් ඇතුළත් කිරීමට ඇය වල බලා ගත්තාය. කෘෂිකර්ම, බලශක්ති, මාර්ග සංවර්ධන අංශ දියුණු කිරීමේ අභිලාෂයෙන් කටයුතු කරන අතර වාරයේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ගැනීමට හයිටිය මුහුණ පා සිටි ණය ගැටලුව විසඳිමටද ඇයගේ නායකත්වයට හැකිවිණ. කෙසේ වෙතත් එළැඹි වසරේදී ජනපතිවරයකු පත් වීමත් සමග ආණ්ඩුව ගෙනයාම වෙනුවෙන් නායකත්වය ගැනීමට ඇය හට නොහැකි වූයේ අගමැතිනිය ලෙස යළි කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ  බහුතර ඡන්දය ලබා ගත නොහැකි වීම නිසාය.  ඒ සමගම රට හැර ගිය ඇය  ඉනික්බිතිව ඇයගේ සේවය ජාත්‍යන්තර වශයෙන් ලබා දීමට කටයුතු කළ කාන්තාවකි.

 ෂෙයික් හසීනා 

කාන්තා චරිතයක් ලෙස වරින්වර අගමැති භූමිකාවට පත්වෙමින් අගමැතිනිය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ කාන්තාව ලෙස වාර්තා තබා ඇත්තේ බංග්ලාදේශයේ ෂෙයික් හසීනාය. ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ චරිතයක් ලෙස දේශපාලන කරළියට පැමිණ සිටි ඇය දේශපාලනයට ලැදි පවුලකින් පැවත එන කාන්තාවකි. ඇමතිවරයකු, රාජ්‍ය නායකයකු, ලෙස ලෙස කටයුතු කළ ඇයගේ පියා ජනතාවගේ ආදරය බෙහෙවින් දිනා සිටි චරිතයක් වීය. ජාතියේ පියා ලෙස හසීනා ගේ පියා හැඳින්වෙන්නේ පාකිස්ථානයෙන් මිදී බංග්ලාදේශය රාජ්‍යයක් කිරීමට මූලිකත්වය ගත් චරිතය වූ නිසාවෙනි. එදා පියා සිරගතව සිටි අවස්ථා සියැසින් දැක ගැනීමත් සමග  එසේ වූයේ  ජනතාවාදී චරිතයක් වූ නිසාම යැයි  හසීනා විශ්වාස කළාය.  හසීනා තුරුණු වියේදී සරසවි සිසුවියක ලෙස ශිෂ්‍ය අරගලවලදී පෙරමුණ ගත් චරිතයක් වූවාය. හමුදා කුමන්ත්‍රණයකින් ඇයගේ පියා ඇතුළු පවුලේ අය  ඝාතනය වීම නිසා ඇය දැඩි සේ කම්පනයට පත්ව සිටියාය.  එදා වාසනාවකට මෙන් හසීනා සහ ඇයගේ බාල සොයුරිය පමණක් දිවි ගලවා ගත්තේ විදෙස්ගතව සිටි බැවිනි. පසු කලෙක දේශපාලනයට ඒමට මූලික හේතුවක් වූයේ කුඩා කාලයේ සිට ඇය ලැබූ ඒ අත්දැකීම් නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නැගී සිටි චරිතයක් ලෙස ජනතාවගේ ආදරය දිනා සිටි හසීනා වරින් වර අගමැති තනතුරට පත් වූ පසු රටේ ආර්ථිකමය සහ සංවර්ධනය උදෙසා කටයුතු කළ නායිකාවකි. බලයට පත් වීමේ ගමන ඇය ආයේ මල් මාවතක නම් නොවේය. ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරේ ක්‍රියාකාරකම් නිසාත් බෝම්බ ප්‍රහාර සහ තවත් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ඇයගේ දිවි ගලවා ගත්තේ පෙර වාසනාවකට මෙනි.  පසුගියදා බංග්ලාදේශයේ ඇති වූ ශීෂ්‍ය අරගලයේදී ඇය හට පලා යාමට සිදු වූයේ දිවි ගලවා ගැනීම වෙනුවෙනි.  නමුදු අද බංග්ලාදේශයේ ජනතාවට එදාට වඩා ඇයගේ නායකත්වය අවැසි යැයි මධ්‍යස්ථ මතධාරී එරට දේශපාලන විචාරකයින්ගේ මතය වේ. එහෙත් සියල්ල සිදු වී අවසානය. හසීනාගෙන් තොර බංග්ලාදේශයට හෙට කුමක් වේද කියා අපි බලා සිටිමු. 

 ජෙනී ෂිප්ලි - නවසීලන්තය 

1997 දෙසැම්බර්  වැනිදා සිට 1999 දෙසැම්බර් 10 වැනිදා දක්වා අගමැතිවරිය ලෙස කටයුතු කළේ ජෙනී ෂිප්ලිය. ප්‍රෙස්බෙටේරියන් පූජකයකු මෙන්ම ඇමතිවරයකු  ලෙස කටයුතු කළ ලෙනාඩ් කැමරන් රොබ්සන් ඇයගේ පියාය. දේශපාලනයට ඒමට ජෙනී කටයුතු කළේ, ගුරුවරියක ලෙසය. ඊට අමතරව සමාජ සේවා කටයුතු වෙනුවෙන් ක්‍රියා කාරීව සිටි කාන්තාවකි. නවසීලන්තයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය වන්නේ ඇයයි. එමෙන්ම එරට ජාතික පක්ෂය මෙහෙය වූ ප්‍රථම දේශපාලන කාන්තාව වන්නේද ඇයයි. දරු දෙදෙනෙකුගේ මවකි. සමාජයේ විවිධ ජන කොටස් ගැන පූර්ණ අවබෝධයක් ඇය හට තිබුණේ, එකල ගුරුවරියක ලෙස ලැබූ අත්දැකීම් නිසාය. පූර්ව මැතිවරණ කටයුතු වලදී ඇය සමලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි චරිතයකි. අගමැතිවරිය වීමට පෙර ප්‍රවාහන, කාන්තා කටයුතු, සේ‍ඛය ඇමතිවරියක ලෙස කටයුතු කර තිබේ. 

 හෙලන් එළිසබෙත් ක්ලාක් 
 - නවසීලන්තය 

නවසීලන්තයේ 37 වැනි අගමැති තනතුර හෙබවූයේ හෙලන් එළිසබෙත් ක්ලාක් ය. ගොවි පවුලකින් පැවත එන ඇය සහෝදරියන් හතරදෙනෙකු සිටින පවුලේ වැඩිමලාය. සරසවි සමයේදීම සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට වැඩි කැමැත්තක් දැක් වූ ඇය, එවකට පැවැති වියට්නාම් යුද්ධය නැවැත්විය යුතු යැයි හඩ නැඟූ අතර ඒ වෙනුවෙන් උද්ඝෝෂණ පවා කළ සරසවි සිසුවියක වූවාය. සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ ඇය නවසීලන්තයේ කම්කරු පක්ෂයට සම්බන්ධ වූයේ ඕක්ලන්ඩ් සරසවියේ දේශපාලන විද්‍යාව හැදෑරූ උපාධිධාරිනියක වීමෙන් පසුවය.  නවසීලන්ත කම්කරු පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන චරිතයක  ලෙස කටයුතු කරමින්, මැතිවරණයට ඉදිරිපත් වූවද පළමු වතාවේදී ඇය අසාර්ථක වුණි. දෙවැනි වතාවේදී පාර්ලිමේන්තුවට පත් වූ ඇය සෞඛ්‍ය, නිවාස, ඇමතිධූර හෙබවූ ඇය අගමැති තනතුරට පත් වූයේ, 1999 වසරේදීය. 2009 වසරේදි අගමැති තනතුරින් සමුගත් පසුව ඇය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මහ ලේකම්වරිය ලෙස කටයුතු කළාය. ඒ සියල්ලෙන් සමුගත් පසුව හෙලන් ක්ලාක් පදනම පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය.

 මරියා ඩස් නෙවස් - සාවෝ 
 ටොමේ - ප්‍රින්සිපේ 

සාවෝ ටොමේ - ප්‍රින්සිපේ රට ගැන ඔබ මීට පෙර අසා නැතැයි අපි විශ්වාස කරමු. මේ රට ඇත්තේ අප්‍රිකානු කලාපයට අයත් සාගර කලාපයේය. එනම් එය දූපතකි.  මුළු දිවයිනේ ප්‍රමාණය වර්ග කිලෝමීටර දහසකටත් වඩා අඩුය. සමස්ත ජනගහණය දෙලක්ෂ තිස් දහසක් පමණ වේ. මරියා ඩස් නෙවස් යනු මෙහි අගමැති තනතුර දැරූ ප්‍රථම කාන්තා චරිතය වන්නීය. 2002 ඔක්තෝබරයේ සිට 2004 සැප්තැම්බරය දක්වා ඇය එරට අගමැතිවරිය ලෙස කටයුතු කර තිබේ. ආර්ථික විද්‍යාව පිළිබඳ කියුබානු රාජ්‍යයේ සිට උසස් අධ්‍යාපනය ලැබූ ඇය, රට ණය ආගාධයක වෙළී සිටි අවස්ථාවක ඇය එයින් රට මුදවා ගැනීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළද, එවකට එරට ජනපති නොසිටි අවස්ථාවක හමුදාව සහ කුලී හේවායන් එක්ව ඇය සහ නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබුණි. නමුදු ජනපති මෙන්සෙස් පැමිණි පසු ඇය හට අගමැති තනතුරේ රැඳී සිටීමට නියෝග කළේය. පසුව ඔහු විසින්ම ඇයව 2004 දී තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළේය. අප්‍රිකානු කලාපයේ විෂම දේශපාලන රටාවේ හැටි එසේය. එරට අගමැතිවරිය වීමට පෙර ලෝක බැංකුවේ ළමා  අරමුදලේ සේවය කර තිබේ. ලෝක කාන්තා නායිකාවන්ගේ කවුන්සිලයේ  සාමාජිකාවක වන ඇය අගමැතිවරිය වීමට පෙර එරට ආර්ථික කටයුතු බාර ඇමතිවරිය සහ දෙස් විදෙස් වශයෙන් තනතුරු දැරූ කාන්තාවකි.


සඳුන් ගමගේ


 



අදහස් (0)

ලොව කාන්තා අගමැති භූමිකා - 03 කොටස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site