
ඇය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින්නේ මිලා නිසයි. මිලා නමින් ඇය ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සුපුන් රත්නායකගෙ ලලයි-ලිලයි-ලයි ටෙලි මාලාව සමගයි. මිලා වූ ඇය ගැන මේ වන විට අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ බොහෝ දෙනා ඇය ගැන දන්නා නිසයි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන්නේ මිලා වූ මිෂෙල් දිල්හාරාය.

පසුගියදා පැවැත් වූ 2024 කැලීන් පොපියුලර් සම්මාන උළලේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය මට ලැබුණා. ඒ තමයි මගේ පළවැනි ජනප්‍රිය සම්මානය. ඒ සම්මානය පිටුපස බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අයට මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. මට මේ සම්මානය ලැබුණෙ ඒ හැමෝම නිසයි. විශේෂයෙන්ම සුපුන් රත්නායක මහතා ඇතුළු ලලයි-ලිලයි-ලයි කණ්ඩායමට මගේ ස්තුතිය හිමිවිය යුතුමයි. මම ඒ නාට්‍යයට මිලා රාජරත්නම් ලෙස සම්බන්ධ වුණේ 19 වැනි කොටසේ සිට. මෙහි රඟපාන ප්‍රවීණ සහ ජනප්‍රිය සියලුම රංග ශිල්පීන් සහ ශිල්පිනියන්වත් ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි.
සමහර වෙලාවට මට ගෙදර අය එක්ක ඉන්නවත් වෙලාවක් ලැබුණෙ නැහැ. රූගත කිරීම් වලට අමතරව පාසල් වැඩ සටහන් සහ සරසවි වල සංවිධානය කෙරෙන වැඩ සටහන් වලටත් සහබාගී විමට නිරන්තරයෙන් මට ආරාධනා ලැබෙනවා. මේ සියලු දේට අමතරව වැන්සස් සර් සහ ශ්‍රියානි ප්‍රනාන්දු මිස් යටතේ සංගීතය හැදෑරීමත් කළා. ඒ එක්කම සංගීත විශාරද විභාග දෙකකටත් මුහුණ දුන්නා. ඉදිරියේදි තවත් සංගීත විභාග දෙකකට සුදානම් වෙනවා.
කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා මිෂෙල් පසුගියදා ඉන්දීය චිත්‍රපටයක රඟපෑ අතර Adhiran වන එහි පෝස්ටරය එළි දැක්වීම පසුගියදා සිදුවිණ. ඊට අමතරව සොලෝ ටවුන් සිනමා පටය ඔස්ට්‍රේලියාවේදී මෙන්ම කැනඩාවේදී රිලීස් වූ වගත් ඇය සඳහන් කරන්නීය.Adhiran ෆිල්ම් එක රූගත කළේ මිට මාස තුනකට විතර පෙරදී. එය අධ්‍යක්ෂණය කළේ තිනේෂ් කණගරාජ් සර්. මාත් එක්ක අනෙක් ප්‍රධාන චරිතය රඟපෑවේ සුදර්ශන් රවීන්ද්‍රන්. Adhiran මගේ පළමු දමිළ සිනමා රංඟනයයි. ඇත්තටම මේ ෆිල්ම්ස් දෙක මෙහි රිලීස් වෙනකල් මම මග බලා ඉන්නෙ. ඒ වගේම මගේ දෙවැනි පොතේ රිසර්ච් එකත් කරන ගමන් ඉන්නෙ.
|
|
![]() |
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිලා වූ මිෂෙල් - MICHELLE Dilhara