ඇය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින්නේ මිලා නිසයි. මිලා නමින් ඇය ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සුපුන් රත්නායකගෙ ලලයි-ලිලයි-ලයි ටෙලි මාලාව සමගයි. මිලා වූ ඇය ගැන මේ වන විට අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ බොහෝ දෙනා ඇය ගැන දන්නා නිසයි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන්නේ මිලා වූ මිෂෙල් දිල්හාරාය.
පසුගියදා පැවැත් වූ 2024 කැලීන් පොපියුලර් සම්මාන උළලේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය මට ලැබුණා. ඒ තමයි මගේ පළවැනි ජනප්‍රිය සම්මානය. ඒ සම්මානය පිටුපස බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අයට මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. මට මේ සම්මානය ලැබුණෙ ඒ හැමෝම නිසයි. විශේෂයෙන්ම සුපුන් රත්නායක මහතා ඇතුළු ලලයි-ලිලයි-ලයි කණ්ඩායමට මගේ ස්තුතිය හිමිවිය යුතුමයි. මම ඒ නාට්‍යයට මිලා රාජරත්නම් ලෙස සම්බන්ධ වුණේ 19 වැනි කොටසේ සිට. මෙහි රඟපාන ප්‍රවීණ සහ ජනප්‍රිය සියලුම රංග ශිල්පීන් සහ ශිල්පිනියන්වත් ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි.
සමහර වෙලාවට මට ගෙදර අය එක්ක ඉන්නවත් වෙලාවක් ලැබුණෙ නැහැ. රූගත කිරීම් වලට අමතරව පාසල් වැඩ සටහන් සහ සරසවි වල සංවිධානය කෙරෙන වැඩ සටහන් වලටත් සහබාගී විමට නිරන්තරයෙන් මට ආරාධනා ලැබෙනවා. මේ සියලු දේට අමතරව වැන්සස් සර් සහ ශ්‍රියානි ප්‍රනාන්දු මිස් යටතේ සංගීතය හැදෑරීමත් කළා. ඒ එක්කම සංගීත විශාරද විභාග දෙකකටත් මුහුණ දුන්නා. ඉදිරියේදි තවත් සංගීත විභාග දෙකකට සුදානම් වෙනවා.
Adhiran ෆිල්ම් එක රූගත කළේ මිට මාස තුනකට විතර පෙරදී. එය අධ්‍යක්ෂණය කළේ තිනේෂ් කණගරාජ් සර්. මාත් එක්ක අනෙක් ප්‍රධාන චරිතය රඟපෑවේ සුදර්ශන් රවීන්ද්‍රන්. Adhiran මගේ පළමු දමිළ සිනමා රංඟනයයි. ඇත්තටම මේ ෆිල්ම්ස් දෙක මෙහි රිලීස් වෙනකල් මම මග බලා ඉන්නෙ. ඒ වගේම මගේ දෙවැනි පොතේ රිසර්ච් එකත් කරන ගමන් ඉන්නෙ.
|
![]() |
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මිලා වූ මිෂෙල් - MICHELLE Dilhara