
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා. තිළිණ බොරලැස්ස මහතාගේ මං හොයන්නෙ ප්‍රේමයක්- සහ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ කපුටු කොහෝ ෆිල්ම් දෙක මේ මාසයේදී තිරගත වේවි. ඒ ෆිල්ම් දෙක එනකල් මම මග බලාගෙන ඉන්නෙ.
මෙහෙම කියන්නෙ තරුණයින් වැඩි දෙනෙකුගේ ආකර්ෂණයට නතුව සිටින නව යොවුන් රංගන ශිල්පිනී අභිලාෂි ශන්තුෂ්කිය. මෙවර සඳැල්ල කවරයේ කතාව හැඩ කරන්නේ ඇයයි.
අරමුණු ගොඩාක් තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. කොහොමහරි මගේ අරමුණ වෙනුවෙන් ඉගෙනීම් කරලා , ඒ වෙනුවෙන් කැපවෙලා ජීවිතයේ නිසි වයස් සීමාවලදී ජයග්‍රහණ ලැබීම තමයි අරමුණ. තාම අවුරුදු විස්සක ගැහැනු ළමයෙක්. රඟපෑම ගැන හදාරනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයට මම හදාරන්නෙ මනෝවිද්‍යා විෂය. ඒ වෙනුවෙන් උපාධිය නිම කිරීමට සූදානමින් ඉන්නෙ. අනාගතයේදී රංඟන ශිල්පිනියකට අමතරව, මනෝවිද්‍යා අංශයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්න ආසාවෙන් ඉන්නෙ. තමුන්ගෙ පාඩුවේ ලස්සනට වැඩ ටික කරගෙන – හැමෝටම ගරු කරමින් ජීවත්වන කෙනෙක් විදිහටයි මම මාව දකින්නෙ.
අභිලාෂි කියන්නෙ බලාපොරොත්තුව. ශන්තුෂ්කි කියන්නෙ සතුට. ඉතින් ඒ නාමයේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි. ඒ වගේම ඒ නම් දෙකටම මම හරිම කැමතියි. හැබැයි ගොඩාක් අය මට කතා කරන්නෙ අභි කියලයි. සමහර අය ශන්තුෂ්කි කියලා අමතන අවස්ථාත් තියෙනවා. මට ඒ නම් දාලා තියෙන්නෙ මගේ තාත්තා.
මගේ පවුලේ ඉන්නෙ අම්මයි- තාත්තයි මගේ අක්කයි- මල්ලියි. කලාවට සම්බන්ධ වුණේ පාසල් කාලයේදීම වගෙයි. මම ඉගෙන ගත්තෙ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයෙන්. කලාවට සම්බන්ධ වුණේ ඒ පාසල් කාලයේ ඉඳලමයි. ඉංග්‍රීසි ෂේක්ශ්පියර් ඩ්‍රාමා තරගාවලියේදී හැම අවුරුද්දේම වගේ වින් කළා. රඟපෑමට තිබුණ ආසාව නිසාම වැඩමුළුවලටත් සහභාගි වුණා. අනෝජා වීරසිංහ මහත්මිය යටතේ අභින රංග පාඨමාලාව ඇතුළු තවත් වැඩමුළුවලට යාමේ ප්‍රතිඵලයක් හැටියට තමයි සිංහබාහු සමග මට සිනමාවේ ගමනක් එන්න ලැබුණෙ.
පවුලේ අය එක්ක කාලය ගත කරන්න කැමතියි. බොහෝ වෙලාවට ෆිල්ම්ස් බලනවා. එක්කෝ කැමති කෑමක් කන්න යනවා. ඇක්ටින් ඉගෙන ගන්න නම් හොඳ ෆිල්ම්ස් බලන්නම වෙනවා.
මම වේදිකාවෙන් ආ කෙනෙක්. ඒ නිසා වේදිකාවේ වේවා, සිනමාවේ හෝ ටෙලි මාධ්‍යයේ ඕනෑම හොඳ නිර්මාණයක් නම් ඒක බාර ගන්නවා.
|
|
|
සඳුන් ගමගේ
2025 නොවැම්බර් මස 04
246
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2098
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1597
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි