IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත


සිරස වොයිස් ටීන් රියැලටිය  හරහා  ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය  ගායන  තරුවකි. ගායිකාවක් ලෙස මෙන්ම සිරස සජ්ජායනා වැඩටසටහනත් සමඟ නිවේදිකාවක් ලෙසින්ද ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඇය ආදිත්‍යා වැලිවත්තයි.

  • ආදිත්‍යාගේ ජීවිතේ  හැරවුම් ලක්ෂය වෙන්නේ කොතන ද ?

ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙන්නේ සිරස වොයිස් ටීන් රියැලටි වැඩසටහනත් එක්ක. ගායිකාවක් විදිහට  මාව ගොඩාක් දෙනා අඳුර ගත්තේ වොයිස් ටීන් නිසා . ඒ අත්දැකීම මගේ ජීවිතේට ලොකු වටිනාකමක් ගෙන දුන්නා. මම පොඩි කාලේ ඉඳලා සින්දු කියන්න ආසයි. පොඩි  කාලේ ඉඳලා මම ගොඩක් වොයිස් එක හදා ගන්න පුහුණු වීම් කරා  සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සංගීතයට සම්බන්ධ දේවල් ගොඩාක් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ ගමනට  පවුලේ අය ගොඩාක් උදව් කළා . ඒත්  ආපු ගමන ලේසි වුණේ නෑ. තාමත් මම මේ ක්ෂේත්‍රයට නවකයෙක්. මම තාමත් ගොඩාක් දේවල් ඉගෙන ගනිමින් තමයි මේ ගමන යන්නේ. මොකද්දෝ වාසනාවක්  තිබුණා ගායිකාවක් වෙන්න හැබැයි වාසනාව පිටිපස්සේ හාර්ඩ් වර්ක් ගොඩාක් තිබුණා.

  • වොයිස් ටීන් අමතක කරලා අපිට ආදිත්‍යා ගැන කතා කරන්න බැහැ.මතකද වොයිස් ටීන් වල ආදිත්‍යා ගැයූ ගී වලින් වැඩිපුරම වයිරල් වුන ගීතය.

වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණේ මම තරගයට මුලින්ම ගායනා කරපු සමන් ලෙනින් මහත්මයාගේ "නොමිලේ දුන් නිසා මගේ" කියන ගීතයට. ඒ ගීතය එක රැයකින් ලක්ෂ ගාණක් අතරේ වෛරල් වුනාම මාව එක්සයිට් වුණා. ඒක මම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණ දෙයක්.

  • නොමිලේ දුන් නිසා ගීතයත් එක්ක ෂා ඒ හඬ මරු කියපු,  ඔයාව ජනප්‍රිය කරපු  ආදරේ කරපු මිනිස්සුම ආපස්සට ගල් ගහන්න ගත්තාම එදා ඒ ජීවිතේ අකමැති මතක දරාගත්තේ කොහොම ද?

ඕනෑම දෙයක් කරද්දි අපට ඒකේ හොඳ නරක දෙකම බලාපොරොත්තු වෙන්න වෙනවා.  වොයිස් ටීන් කාලේ දුක හිතුණ  තැන් ගොඩාක් . බුලි වෙච්ච තැන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ආපු හොඳ වගේම විවේචන ගොඩාක් තිබුණා. කැපිලි කෙටිලිවලට මූණ දුන්න අවස්ථා ගොඩාක් වගේම.  නොමිලේ දුන් නිසා කියන සින්දුව එක රැයකින් වයිරල් ගියා කියලා මම දැනගත්තේ  පහුවෙනිදා. එදා ඉස්කෝලේ ඇරිලා ආවම තමයි මම දැනගත්තේ ඒකෙදි ගොඩාක් අය හොඳ වගේම මාව විවේචනය කරලා තිබුණා කියලා .මට ඒ විවේචන දරාගන්න බැරි වුණා. දවසක්ම ඇඬුවා. ඒ දේවල් එක්ක  ආයේ සින්දු කියන්නේ නැ කියන තැනට ආවා. අම්මා මට මුකුත් කිව්වේ නෑ.  බැන්නෙත් නෑ, හාර අවුස්ස අවුස්ස කිසිම දෙයක් ඇහුවෙත් නෑ .අම්මා කිව්වේ එක දෙයයි විවේචන දෙන මිනිස්සු නිසා ඔයා ඔයාගේ  හීනය නතර කරනවානම් ඒක මෝඩ තීරණයක්. ඒ හීනය කවුරුත් නිසා නතර කරන්න ඕන නෑ කියන දේ මම තේරුම් ගත්තා. මම බෑ කියලා අතාරින්න හදන හැම තැනකදිම හිත හැදුවේ මගේ අම්මා. එතකොට වයස අවුරුදු 14 යි.  හැබැයි තමන් කරන දේ හරියට කරනවානම් අද ප්‍රතික්ෂේප වුණත් හෙට ඔයාව  ඉහළින් පිළිගන්න පුළුවන්.  ඒ නිසා හැම දෙයක්ම මම ලොකු අත්දැකීමක් කරගත්තා. එදා ඉඳලා හැම දෙයක් ගැනම පොසිටිව් හිතන්න ගත්තා.

  • ආදිත්‍යා නිවේදනයට එන්නේ සජ්ජායනා වැඩසටහනත් එක්ක ඒ ආකෘතිය දැක්කාම බයක් හිතුනේ නැද්ද. ?

ලොකු බයක් දැනුණා.  මම කවදාවත් සිංහලෙන් නිවේදන කටයුතු කරලා තිබුණේ නැහැ. සජ්ජායනා කියන අභියෝගය මට දුන්නේ  චන්දන සුරියබණ්ඩාර සර්. ඒ වැඩසටහනේ කතා කරන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ පැරණි ලෙජන්ඩ්ලාගේ සංගීත ජීවිතයේ  සුමිහිරි මතක. මට මුල් කාලේ ඉංග්‍රිසි  භාෂාව පුළුවන් වුණාට සිංහල භාෂාව ටිකක් අමාරු වුණා.  මොකද මම පොඩි කාලේ ඉඳලා ඉගනෙ ගත්තේ ඉංග්‍රීසි  මාධ්‍යයෙන් නිසා. නමුත් චන්දන සර්ගේ උනන්දුව නිසාම අද මට මව් භාෂාව හොඳින් හසුරවන්න පුළුවන් වුණා. සිංහල සමහර බර වචන ඉගෙන ගන්න සජ්ජායනා වලට අදාළව  නිවේදන ශෛලීන් හදාගන්න ගොඩාක් අය උදව් කළා.  මම පොත් පත් කියවලා භාෂාව ඉගෙන ගත්තා. මේ වෙනකොට වෙනම ම ප්‍රේක්ෂක පිරිසක් සජ්ජායනා නිසාම මගේ ගීත අහන්න ගත්තා. මගේ නිවේදන කටයුතුවලට ඉහළ ප්‍රතිචාර දැක්වූවා. මම මේ වැඩසටහනට යන්න කලින් එන කලාකරුවාගේ මුළු ජීවිත කතාවම අධ්‍යයනය කරන්න ඕන. ඒ කරුණු කාරණා වරද්දන්නේ නැතුව මතක තියාගන්න ඕන. මුලින්ම මම සජ්ජායනා කරනකොට මට කිසිම තේ්රුමක් තිබුණේ නැහැ. ඒක හරිම අමාරැ වැඩක්. එ්ක හරිම මහන්සි ඔළුවට බර වැඩක්. නමුත් මම ඒ අභියෝගය භාරගත්තා.

විදග්ධ කලාකරුවන් වටා තමයි ඒ වැඩසටහන කෙරෙන්නේ ඒ නිසා ප්‍රවීණ අයගේ අතීත කතා අත්දැකීම්  මාත් එක්ක බෙදා ගත්තා. ඒ අත්දැකීම්වලින් මගේ ජීවිතේටත් එකතු කර ගන්න ගොඩාක් දේවල් තිබුණා. ඒ ප්‍රවීණයින් අපිව අගය කරන්නේ ඔවුන්ගේ හදවතින්මයි. මට දැන් අවුරුදු 20 යි වගේ වයසට ඒ වගේ රටක් ලෝකයක් ආදරය කරපු චරිත එක්ක වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්.

  • 2025 මොනවද අලුත් ප්ලෑන්ස්?

ප්ලෑන්ස් නම් කිහිපයක්ම තියෙනවා. 2024 කියන්නේ ගොඩාක් දේවල් ජීවිතේ ලබාගන්න හැකිවුණ අවුරුද්දක්.  ගොඩාක් මහන්සි වුණ අවුරුද්දක්.  2024 අවසාන වෙනකොට මගේ ගීත දෙකක් ආවා. තව ගීතයක් කරගෙන යනගමන් තමයි තියෙන්නේ. හැබැයි මට කොච්චර දේවල් ලැබුණත් මගේ එකම සතුට තියෙන්නේ පවුල සහ පවුලේ අය මගේ ළඟින් ඉන්න එක.

  • මේ වෙනකොට අධ්‍යාපන කටයුතු අවසන්ද?

තාම නැහැ .මම දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. ඒ අතරතුර සංගීතය පැත්තෙනුත් අලුත් දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා.


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1248 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site