IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ජ්‍යෙෂ්ඨයනි , ඉදිරියට එන්න


ඕස්ට්‍රේලියාව මේ තරගාවලිය පරාජය වෙන්නට පැමිණියේ නැත. ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට සුදුසුකම් ලැබ සිටින ඔවුන්, මේ තරගාවලිය ජයගෙන වඩාත් විශ්වාසයෙන් ලෝක ටෙස්ට් ශූරතාවයට යෑමට අපේක්ෂාවෙන් සිටියි. 


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ දී මේ සටහන ලියැවෙයි. පළමු දිනය අවසන්වෙනවිට ශ්‍රී ලංකාවේ තුරුම්පුවෙන් ඔස්ට්‍රේලියාව වැඩගන්නා ආකාරය දැක ගත හැකි විය. ට්‍රැවිස් හෙඩ් දවා ගැනීමට තිබූ අවස්ථාව පුනරූපණය නොසලකා හැරීමෙන් මගහැරගත් ශ්‍රී ලංකා කණ්ඩායම, එයින් පසු උස්මාන් කවාජා සහ ස්ටීවන් ස්මිත් ලබාදුන් උඩපන්දු අත්හැරීම නිසා දිනය අවසන්වෙන විට ඕස්ට්‍රේලියාවට වාසිය ලබාදුන්නේය.

මේ තරගයට නැවත පිවිසීම කිසිසේත්ම ලෙහෙසි නැත. මෙය බොහෝ විට 2023 ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉන්දෝර් හි පැවති ටෙස්ට් තරගය හෝ 2022 ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය මෙන් ඕස්ට්‍රේලියාවට වාසිය අත්කර දී අවසන් වෙන තරගයක් බවට පත්විය හැකිය. එහෙත් 2022 තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණියා සේ ඉදිරිපෙළ පිතිකරුවන්ගෙන් අයෙකු ද්විත්ව ශතකයක් කරා යෑම හෝ පිතිකරුවන් දෙදෙනෙකු ශතක ලබා ගැනීමෙන් මේ තරගය හරවා ගැනීමේ අවස්ථාවක් ඇති බව මතක් කළ යුතුය. 

අප මීට පෙර අවස්ථාවකදීත් කතා කළේ, තමන්ගේ ප්‍රතිවාදියාගේ දුර්වල ස්ථානයට තණතිලි සකස් කර ටෙස්ට් තරග සඳහා මුහුණදීමේ කිසිදු හානියක් නොමැති බවය. එසේ කීවේ, ඕනෑම කණ්ඩායමක් ඒ ආකාරයට ක්‍රීඩා කරන බැවිනි. එහෙත්, ප්‍රතිවාදියා අපේ තත්ත්වයන් සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක සිටී නම්, ඔවුන් වෙත ඉදිරිපත් කළ යුත්තේ වෙනත් තත්ත්වයකි. උදාහරණයකට, මේ තරගාවලිය ආරම්භයේ දීම ශ්‍රී ලංකාව දඟකැවෙන තණතිලි නිර්මාණය කරන බව පැහැදිලිවිය. ඔස්ට්‍රේලියාව එයට පිළිතුරු දුන්නේ ට්‍රැවිස් හෙඩ් ආරම්භක පිතිකරුවා කරමිනි. ප්‍රතිවාදියාගේ ඒ ප්‍රහාරයට ශ්‍රී ලංකාවට පිළිතුරක් නොවීය. අනෙක් අතින් ස්මිත්, කවාජා, ලබෂේන් වැනි පිතිකරුවෝ ඉතා හොඳින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙති. එවැනි පිතිකරුවන් ලබාදෙන ඉතා අසීරු අවස්ථාවක් පවා තමන්ගේ පැත්තට හරවා ගත යුතුව තිබේ. එසේ නොවූ විට ප්‍රතිවාදියාට වාසියක් අත්වෙයි. 

ඔබ මේ සටහන කියවන විට, පළමු ටෙස්ට් තරගයේ අවසානය ආසන්න වී තිබිය හැකිය. ඒ අනුව, දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව මීට වඩා කල්පනා කළ යුතුව තිබේ. විශේෂයෙන්ම, ඕස්ට්‍රේලියාව පිතිකරුවන් තෝරාගන්නා ආකාරය අධ්‍යයනය කළ යුතුය. ඔවුන් පළමු ටෙස්ට් තරගයට වමත් පිතිකරුවන් 6 දෙනෙකු කැඳවා තිබේ. ඒ පසුගිය සංචාරයේ දී ප්‍රභාත් ජයසූරියගෙන් එල්ල වූ පීඩනය දන්නා නිසාය. මේ අනුව ඔවුන් සූදානමින් පැමිණ තිබෙන බව පැහැදිලිය. ශ්‍රී ලංකාව මේ තත්ත්ව යටතේ නිෂාන් පීරිස්ගෙන් උපරිමයක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුව තිබේ. එය නවකයෙකු වශයෙන් ලෙහෙසි කාර්යයක් නොවේ. මේ තත්ත්වය යටතේ, ධනංජය ද සිල්වාගේ පිට දඟපන්දු යැවීම ශ්‍රී ලංකාවට අවශ්‍ය කර තිබෙන බව පැහැදිලිය. පළමු ටෙස්ට් තරගයේ දී කෙසේ වෙතත්, දෙවැනි ටෙස්ට් තරගයේ දී එය ලබාගැනීම අත්‍යවශ්‍යය. 

ඕස්ට්‍රේලියාව මේ තරගාවලිය පරාජය වෙන්නට පැමිණියේ නැත. ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට සුදුසුකම් ලැබ සිටින ඔවුහු, මේ තරගාවලිය ජයගෙන වඩාත් විශ්වාසයෙන් ලෝක ටෙස්ට් ශූරතාවයට යෑමට අපේක්ෂාවෙන් සිටිති. එහෙත් ශ්‍රී ලංකාව තමන්ට හිතකර තත්ත්ව යටතේ වඩාත් කල්පනාවෙන් ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍යය. අනෙක් අතින්, මේ  වසරේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඇත්තේ ඉතාම අල්ප ප්‍රමාණයකි. මේ නිසා බොහෝ විට මේ වසරේ දී ඇන්ජලෝ මැතිව්ස්ගේ ටෙස්ට් සමුගැනීම සිදුවෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. දිමුත් කරුණාරත්න මේ තරගාවලියේ දී දස්කම් නොදැක්වුවහොත් ඔහුගේ ස්ථානය ද අනතුරේය. මේ නිසා ජ්‍යෙෂ්ඨයන් මේ තරගාවලියේ බර ඇදිය යුතු තත්ත්වයක් තිබේ. 

මේ තරගාවලියෙන් පසුව ඇරඹෙන්නේ තරග දෙකකින් යුතු එක්දින තරගාවලියයි. එය ඔස්ට්‍රේලියාවට පුහුණු තරගාවලියක් වුවත්, ශ්‍රී ලංකාව පැත්තෙන් අවධානය යොමු කළ යුතු තරගාවලියකි. හේතුව ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් නොලැබූ කණ්ඩායමක්වීමයි. පාකිස්ථානයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් නොලබා සිටින ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව හමුවේ එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීම වටී. එසේ කියන්නේ, 2022 තරගාවලිය ශ්‍රී ලංකාව 3-2 ක් ලෙස ජයගත් නිසාය. එහිදී ද ශ්‍රී ලංකාව යොදාගත්තේ දඟපන්දු යැවීමයි. මෙවර  ඕස්ට්‍රේලියාවේ ඉල්ලීම කෙසේ වේදැයි කිව නොහැකිය.

ඕස්ට්‍රේලියාවට පුහුණුවක් ලෙස පැවැත්වෙන තරගාවලියක් නිසා, මේ තරගාවලිය පනහට පනහ තණතිලිවල පවත්වා ශ්‍රී ලංකාවේ මට්ටම උරගා බැලීමට ශ්‍රී ලංකාව යොමු වෙන්නේනම් වඩාත් වැදගත් වෙයි. එය කණ්ඩායමක් ලෙස ලබන හොඳ පුහුණුවකි. එහෙත් මේ තරග, දිවා තරග ලෙස පැවැත්වීමට මේ වෙනවිට තීරණය කර තිබීම කණ්ඩායම් දෙකටම කිසිදු වාසියක් අත්වේයැයි සිතිය නොහැකි තත්ත්වයකි. 

මේ වෙනවිට, ලෝක එක්දින ශ්‍රේණිගතකිරීම් අතර, ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිටියි. එහෙත් පසුගිය ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය හැරුණුවිට ඉදිරියෙන් සිටින කණ්ඩායම් 7 ට ඇතුළුවීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම නිසා මෙවර ශූරයන්ගේ කුසලානයේ සහභාගීත්වය ශ්‍රී ලංකාවට අහිමි විය. ශූරයන්ගේ කුසලානය දිනා ඇති කණ්ඩායමක් ලෙස, ශ්‍රී ලංකාව මේ තරගාවලියෙන් ඉවතට වීසි වූයේ පළමු වතාවටය. මෙය ශ්‍රී ලංකාව පැත්තෙන් රිදෙන්නට ඕනෑ වීසිවීමකි. ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සැලකිය යුතු දස්කම් දැක්වූ බව සැබවි. 

ඉන්දියාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම් දෙකටම පරාජය වීම නිසා ශ්‍රී ලංකාව පල්ලම් බැස්සේය. එයින් පසුව පැවති තරග 21 කින් 13 ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. එහෙත් බංග්ලාදේශය හමුවේ 2-1 පරාජයක්ද නවසීලන්තයේ දී නවසීලන්තය හමුවේ 2-1 ක පරාජයක් ද ශ්‍රී ලංකාව ලැබීය. මේ නිසා තම රටින් පිටතදී ඔවුන්ගේ එක්දින දස්කම් එතරම් උසස් මට්ටමක නැත. විශේෂයෙන් අවසන්වරට පැවති නවසීලන්ත සංචාරයේදී, එක්දින තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණ ද ශ්‍රී ලංකාව එය අත්හැර ගත්තේය. මේ නිසා එක්දින කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් සංවිධානය විය යුතුය. හේතුව, 2027 ලෝක කුසලානය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව මූලික කරගෙන වීමයි. මේ තරගාවලියට යද්දී, ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම මදවේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සමග ක්‍රීඩා කළ යුතු බව අපේ හැඟීමයි. ඒ ක්‍රීඩකයා කවුරුන්ද යන්න ඉක්මනින් සොයාගත යුතුය. 1999 දී අවසන් මොහොතේ හතුරුසිංහ තෝරාගත්තා වැනි වැඩ කරන්නට දැන් කාලයක් නැත.  ඒ වෙනුවට, චමිඳු වික්‍රමසිංහ, මිලාන් රත්නායක, ළහිරු සමරකෝන් වැනි හොඳ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දෙස අවධානය යොමු කර ගැළපෙන ක්‍රීඩකයා තෝරා ගත යුතුය, යන්න අපේ අදහසයි. ඒ හරහා කණ්ඩායමේ සමබරතාව රැකගත යුතුය.නොඑසේ නම්, ශ්‍රී ලංකාවට සිදුවිය හැකි පාඩුව බරපතළය.  මේ කියන්නේ මුහුද හත්ගව්වක් තබා අමුඩය ගස්සන්නට කියා නොවේ. එහෙත් මෙම තරගාවලියට පළමු අංක 10 තුළ සිටින කණ්ඩායම් 9 කටම අවස්ථාවක් ඇති නිසා ශ්‍රී ලංකාවට වඩාත් පහසුවෙන් අවස්ථාවක් හිමිවෙයි. එහෙත් එහි තරගකාරීත්වය වැඩි බව අප මතක තබා ගත යුතුය. ඕස්ට්‍රේලියාවට එරෙහි තරගාවලිය මේ ලෝක කුසලානයට යන පළමු පියවර ලෙස සැලකුවාට වරදක් නැත. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සමග පනහට පනහ තණතිල්ලක එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව හිත හදා ගන්නේ නම් මැනවි. 


කාංචන දසනායක


 



අදහස් (0)

ජ්‍යෙෂ්ඨයනි , ඉදිරියට එන්න

ඔබේ අදහස් එවන්න

 

Recommended News

මේ කාලය තමයි සූර්ය බල විදුලියට යන්න තියෙන හොඳම කාලය
2025 මාර්තු මස 19 9 0

වසර 2023 වෙනවිට ලංකාවේ සමස්ත විදුලිය නිෂ්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයයි.


සැමියා නිවෙසට යවා බිරිඳ බංකරයට
2025 මාර්තු මස 19 7 0

ජාත්‍යන්තර කාන්තා දිනය ගෙවී සතියක් ගත විය. එම දිනය නිමිත්තෙන් ඉකුත් සතිය පුරා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ගේ හැකියාවන්, ක්‍රියාකාරකම


මාර ඔරලෝසුව
2025 මාර්තු මස 19 11 0

දැන් “කෘත්‍රිම බුද්ධිය” එසේත් නැති නම් “ඒ.අයි.” නැති තැනක් නැත. ලොව රටවල් බොහොමයක ජනතාව හැම දේකටම කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම පුරුද්දක් කරගෙන තිබේ.


ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 334 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 272 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 62 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 952 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 335 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site