ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ තරග ඊයේ (9) සහ අද (10) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී 2026 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කරගැනීමේ සැලැස්මට මෙම තරග දෙක වඩාත් වැදගත් වනු ඇත.
නවසීලන්තය ක්‍රිකට් කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස ටෙස්ට් තරගාවලියට පමණක් සහභාගිවීමෙන් පසුව විස්සයි 20 සහ එක්දින තරගාවලි දෙකකට සහභාගිවීම සඳහා පසුගිය බදාදා ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාව හමුවේ 2-0 ක ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ නවසීලන්තය ඉන්දියාවට ගොස් 3-0 ක ජයක් ලබමින් ඉන්දියාවට අමතක නොවන පරාජයක මතකය ඉතිරි කිරීම කැපී පෙනුණි.
ලෝක විස්සයි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ සිටින නවසීලන්තයට එරෙහිව තරග දෙකකට ක්‍රීඩා කිරීමට ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට ලැබීම වඩාත් ප්‍රයෝජනවත් අවස්ථාවක් ලෙස සැලකිය යුතුය.ආසියානු කළාපයේ පරිසරය තුළ නවසීලන්ත විස්සයි 20 කණ්ඩායමේ හැසිරීම හඳුනාගැනීමට මෙය මහගු අවස්ථාවකි. ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු එකතු කරගැනීමට ද මෙම තරග දෙක හොඳ අවස්ථාවක් වී තිබේ.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන විස්සයි 20 තරග දෙකෙන් පසුව දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය ලබන බඳාදා (13 වැනිදා) දඹුල්ලේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එක්දින තරගාවලියේ දෙවැනි සහ තුන්වැනි එක්දින තරග මේ මස 17 සහ 19 දෙදින මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට එක්දින ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට මෙම එක්දින තරගාවලිය වඩාත් වැදගත් වී තිබේ. නවසීලන්තය ප්‍රසාද ලකුණු 101 ක් ලබා පස්වැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු 96 ක් ලබා හයවැනි ස්ථානයේ ද, පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය 3-0 ක් ලෙස ජය ලැබුවහොත් පහසුවෙන්ම ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීමේ අවස්ථාව හිමිවේ. ඒ හේතුවෙන් මෙම තරගාවලිය රටවල් දෙකටම වඩාත් වැදගත් තරගාවලියක් බවට පත්ව තිබේ. මිචෙල් සෑන්ට්නර්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත එක්දින කණ්ඩායම ද මෙම තරගාවලිය ජය ලබා පස්වැනි ස්ථානය රැක ගැනීමට සැලසුම් සකස් කර ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවාට සැක නැත.
මෙම තරගාවලි දෙකටම සහභාගි වන සංචිත පසුගිය බදාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.චරිත් අසංලක එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වයේ තවදුරටත් කටයුතු කරයි.
වසරකට වැඩි කාලයක් එක්දින කණ්ඩායමේ අවස්ථාව හිමි නොවූ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාෂ්, එක්දින සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.
යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ එක්දින සහ විස්සයි 20 යන කණ්ඩායම් දෙකේම තුන් ඉරියව් ක්‍රීඩක ස්ථානය තවදුරටත් ආරක්ෂා කරගැනීමට සමත්ව සිටියේය.
ටෙස්ට් කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස පසුගිය නවසීලන්ත සංචාරයේදී කැපී පෙනෙන වෙනසක් කළ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් විස්සයි 20 සංචිතයට කැඳවීමට ද තේරීම් කමිටුව පියවර ගත්තේය. චන්දිමාල් 2022 වසරෙන් පසුව විස්සයි 20 සංචිතයට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.
නායක චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිදු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම සහ ජනිත් ලියනගේ එක්දින පිලේ ප්‍රතිකරු ලැයිස්තුව නියෝජන කරති.
වනිඳු හසරංග, දුනිල් වෙල්ලාලගේ, මතීෂ පතිරණ සහ ජෙෆ්රි වැන්ඩසේ එක්දින පිලට ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙස ඇතුළත්ව සිටිති.
ළහිරු මධුසංඛගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් කණ්ඩායම හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම පසුගිය සතියේ වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්වුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් පාකිස්තානය පරාජය කළ අතර ඒ අනුව පාකිස්තානයට පිට පිටම තෙවැනි වරටත් අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් ශූරතා දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2007 වසරේ ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටියේය. වර්තමාන ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික ඉන්දික ද සේරම් 2007 වසරේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය.
හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 90 දශකයේ ලොව ප්‍රසිද්ධ ක්‍රිකට් තරගාවලියක්ව තිබූ අතර එම තරගාවලියට එවකට ලොව ප්‍රබල ක්‍රීඩකයෝ සහභාගි වූහ. 1992 වසරේ ආරම්භ කළ මෙම තරගාවලිය 2017 වසරෙන් පසුව වසර හයකින් පසුව මෙවර පැවැත්වීය.
දෑතින්ම දඟ පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙකු ලෙස ප්රසිද්ධයක් උසුලා සිටින තරිඳු රත්නායක තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. තරිඳු මෙහිදී වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා බවට පත්විය.
ඉතාලියේ පැවැත්වෙන Tour Music Fest [TMF} ගායනා තරගයේදී ලක්ෂ ගණනක තරගකරුවන් අතරින් දෙවන තරග වටයේ Live Music Auditionහිදී හතළිස් දෙනා අතරට තේරී පත් වූයේ සාරා පීරිස්් ශ්‍රී ලාංක
විවිධ අංශ කෙරෙහි විහිදී ගිය දක්ෂතා ඇති මිනිසුන් අපට හමුවන්නේ කලාතුරකිනි. ඔහු එවැනි මිනිසකු විය. නිර්මාණශීලීත්වයේ ධාරිතාවය වැඩි නිසාම දෝ ඒ අපූරු කලාකර
‘අසම්මත පෙම’ මියුසික් වීඩියෝවෙන් මුළු රටම හැඳිනගත් ඇය නිපුණි පූජිතාය. ඉන්පසු ඇය නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ‘සංවර්ධන මිස්’ ලෙසද තවත් අලුත් ප්‍රේක්ෂක ප
විකාශය කෙරෙන අහස් නාට්‍යයේ රවීෂා, විසේකාරී - නාට්‍යයේ - ඉෂාරා සහ අලුතින්ම විකාශය වන ජුරාලියා නාට්‍යයේ - ගරු විහාරා ඉද්දමල්ගොඩ නමින් චරිතයක් රඟපාන, සඳනි
“මම බයිසිකල්, කාර්, බස්, ලොරි ඕනම වාහනයක් පැදලා තියෙනවා.. කරත්තවල ගිහිල්ලත් තියෙනවා.. ඒත් කවදාවත් කරත්තයක් පැදලා තිබුණේ නෑ.. ඒ හින්දම කරත්තකාරයෙක් ගෙ චරිත
විකාශය වන ‘පිරිමි ළමයි’ නාට්‍යයේ උක්කු බබා හෙවත් දේවින්ද කියන දෙබසකි ඒ. දේවින්ද හෙවත් උක්කු බබාට ගමේ අය කතා කරන්නේ පුංචි හාමු යනුවෙනි.
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ක්‍රිකට් වසන්තය නැවතත්