පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරාගේ චරිතයට දායක වන සුජානි මධුවන්ති
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පීඩාවට පත්ව ආදරය, දුක, පළිගැනීම යන සියල්ලට මුහුණ දෙන අතරේ ඊළඟට කුමකින් කුමක් වේ ද යන්න ඉදිරියේදි මේ නාට්‍යය නැරඹීමෙන් ඔබට දැන ගත හැකිය. පිරිමි ළමයින්ට අමතරව ජුරාලියා සමග රංගනයේ යෙදෙන ඇය කවුද?
සම්පූර්ණ නම සුජානි මධුවන්ති. ගම ගිරිඋල්ල. පවුලේ ඉන්නෙ මගෙ අම්මයි මායි විතරයි. රඟපෑමේ ක්ෂේත්‍රයට මම මුලින්ම එන්නෙ සද්ධාමංගල සර් සහ සිවගුරුනාදන් සර්ගෙ කෝලම් කුට්ටමෙන්. සද්ධා සර් සහ චේතනී විජේතුංග මිස් තමයි මාව ඒකට ගත්තෙ. රඟපාන්න එහෙම කියලා ආසාවක් මට තිබුනෙ නැහැ. මියුසික් අංශයේ වැඩ කළත්, රඟපාලා තිබුණෙ නැහැ. සද්ධා සර්ගෙ රංගන ආයතනයට ඇවිත් පූර්ව පරීක්ෂණයකට පෙනී හිටියා. නර්තනය පුළුවන් නිසා තමයි මාව කෝලම් කුට්ටමට තෝරා ගත්තෙ. ඉන් පසුව මගේ හැකියාව දැකලා එහි චරිතයක් ලැබුණා. ඒ අතරේ ඉන්පාස් ආයතනයේ වගේම තවත් වැඩමුළුවලට සහබාගී වුණා. රංඟනය කියන්නෙ හදාරලා ඉවර කරන්න බැරි අංශයක්. රංගනය ගැන නිතරම හදාරන්න උත්සාහ ගන්න කෙනෙක්. එහෙම නොවුණොත් ක්ෂේත්‍රයේ රැඳෙන්න බැහැ.
නැටුම් ගුරුවරියක වීමේ ආසාව තිබුණෙ. ඒ අතරෙදි සංගීතයට ඇති හැකියාව එක්ක සංගීත කණ්ඩායමට සම්බන්ධ වී ගායිකාවක ලෙසත් කටයුතු කළා. ඒ විදිහට කටයුතු කරන අතරේ දී තමයි, සද්ධා සර් දාලා තිබුණ දැන්වීම ගැන මට යාළුවෙක් කිව්වේ. කෝලම් කුට්ටමට ආවේ එතැනින්. මිනිස්සු මාව හඳුනා ගත්තෙත් කෝලම් කුට්ටමෙන්. ඉන්පසුව සඳුන් රාජකරුණා මහතාගේ නීල පබළු නාට්‍යයේ රඟපෑවා. රනිල් කුලසිංහ අය්යාගෙ දෙවරක් චක්කරේ සහ විකාශයට නියමිත නාට්‍යය කීපයක දැනට දායක වෙලා තියෙනවා. මේ දිනවල මම රංගනයෙන් දායක වෙන්නෙ සුපුන් රත්නායකගෙ ජුරාලියා සහ සද්ධා සර්ගෙ පිරිමි ළමයි නාට්‍යයේ චරිත සමගයි.
අද වන විට මම රංගන ශිල්පිනියක්. රඟපෑමට ඒමට කලින් පෙර පාසලක ගුරුවරියක ලෙස ඉගැන්නුවා. සංගීත කණ්ඩායම්වල වැඩ කරගෙන ගියේ ඊට අමතරවයි. සංගීත කටයුතුවලදී ගමේදී විතරයි බොහෝ වෙලාවට සහභාගී වුණේ. රංගනයට අමතරව ගායන වැඩ සටහන්වලටත් ආරාධනා ලැබෙනවා. බොහෝ වෙලාවට ඇරයුම් ලැබෙන්නෙ අවුරුදු කාලයේදීයි. ඊටත් අමතරව නිරූපණ වැඩවලටත් ආරාධනා ලැබෙනවා. රූපවාහිනි දැන්වීම්වලටත් දායක වෙනවා.
රංගනය මට ලැබුණෙ හරිම අහම්බයකින්. ඉතින් ඒ අහම්බයට අරුතක් දීමට උත්සාහ ගන්නවා. අහම්බයකින් ලැබුණ ඒ අවස්ථාවට මම දැන් හරිම ආදරෙයි, හරිම ලෝබයි. ඉතින් එයින් ඉදිරියට යන්න තමයි කැමති. රංගනයේදී බාහිර ලස්සන විතරක් පෙනෙන චරිත විතරක් නෙවෙයි ඕනෑම විදිහෙ චරිතාංග රංගනයකට ආසයි. මේ දිනවල දිල්හාරා නිසා මම හොඳටම බැනුම් අහනවා. ඒ බැනුම් වලට මම ආසයි. කෝලම් කුට්ටමේ චරිතයට අදත් හොඳ කියනවා.
සුජානි හරිම සරලයි ඒ වගේම තමයි, සුජානිට රියැක්ට් කරන විදිහට තමයි අනෙක් අයට රියැක්ට් කරන්නෙ. අසාධාරණයක් කළොත් ඒ වෙනුවෙන් කෙළින්ම කතා කරන කෙනෙක්. මම අහිංසකත් නැහැ, නපුරුත් නැහැ. එන අවස්ථාවට අනුව ඒ ඒ කෙනා අනුව සුජානි වෙනස් වෙනවා. ප්‍රතිචාර අනුව ප්‍රතිචාර දක්වන කෙනෙක්. මම මොනවා කතා කරන්න ගියත් හිනාවෙලාම ඉන්න කෙනෙක්. කා එක්කත් සතුටින් විහිළුවෙන් ඉන්න කෙනෙක්.
මටම දාගත්ත වාරණ එක්ක තමයි ජීවිතය ගෙවන්නෙ. ඒ සීමා මායිම් එක්ක වැඩ කරන එයාගෙ හීන පසුපස යන 2024 ළඟා කරගන්න බැරි වූ දේවල් 2025දී ළඟා කර ගන්න උත්සාහ ගන්න කෙනෙක්.
ආදරයක් තිබුණා. දැන් නැහැ. මම ආදරණීය චරිතයක්. අපි මිනිස්සුන්ට ආදරේ නම් මිනිස්සු අපට ආදරෙයි. මට ආදරේ කරන අයට මම ආදරෙයි. මටම වෙන් වු ආදරයක් නම් තවම නැහැ. ආදරේ කියන්නෙ හරිම සුන්දර දෙයක්. අපි ආදරේ කරන විදිහටම අපට ආදරේ ලැබුණොත් ඒ ආදරය හරිම සුන්දරයි. හරි ආදරයක් නොලැබුණොත් ජීවිතය අපායක් වේවි. හරි කෙනා හමු වු දාට ආදරේ සුන්ඳරම වේවි.
ආදරයේදි මම හිතන්නෙ මම ටිකක් ආත්මාර්ථකාමීයි. මම ආදරේ කරන කෙනා වෙනත් අය එක්ක වැඩිපුර සමීප වෙනවට මම කැමති නැහැ.ඒක මට දරාගන්න ටිකක් අමාරු වේවි. එයාට යෙහෙළියන් හිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නොදන්නා අය එක්ක හාදකම් වලට මම අකමැතියි. මම පටු විදිහට බලන කෙනෙක් නෙවෙයි. මගේ ආදරවන්තයාට මම ලෝබයි. මට කවුරුහරි ආදරේ කරද්දී මගේ මුළු ලෝකයම කර ගන්නෙ ඒ ආදරයයි. ඉතින් සමාජයට වැරදි ආදර්ශ දෙන්න මම අකමැතියි. මොකද මම විදිහටම සමාජයේ අනෙක් අයත් ජීවිතයම ආදරය කර ගත යුතු නැහැ. මම මගේ විදිහ ගැනයි කිව්වෙ. ආදර කතාවලදි මගේ හීන මට මග හැරිලා තියෙනවා. මම හිතන්නෙ සමහරවිට ආදරයේදී මම බොළඳ ඇති. ඒත් සමාජයේ අනෙක් තරුණියන් මම වගේ විය යුතු නැහැ.
2025 ඉලක්ක කීපයක් සටහන් කරගෙන තියෙන්නෙ. ඒවා සඵල කර ගන්න මට හදිස්සියක් නැහැ. ඒ වගේම කා එක්කවත් මම තරගයට යන කෙනෙක් නෙවෙයි. මට තරගෙ තියෙන්නෙ මා එක්කමයි. කාටවත් මම වගේ වෙන්න බැහැ වගේම මටත් තව කවුරුවත් වගේ වෙන්න ඕනෑ නැහැ. මගේ දක්ෂතා අනෙක් අයට ගන්න බැහැ වගේම අනෙක් අයගෙ දක්ෂතා මට ගන්නත් බැහැ. නිතරම මම හිතන්නෙ කරන දේ වෙනුවෙන් කැප වී කටයුතු කළොත් ප්‍රතිඵල ගන්න පුළුවන් වේවි කියලයි.
සඳුන් ගමගේ
“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.
ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිම සහ ලකුණු 242 ක දැවැන්ත පරාජයක් ලැබීම
ඉන්දියාවෙන් ලැබෙන අලුත්ම ආරංචිය මෙයයි. මේ පුවතට අදාළ ව පළවන රූපවල කොටා ඇති අකුරු කියවීමට සමත් වුවහොත් - ඉන්දීය රජයෙන් ඔබට මුදල් ත්‍යාගයක් හිමිවෙයි.
“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.
ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.
මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි