IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


සිතුවිලි පිවිතුරු නම් මන බඳිනා පෙන්වයි රේඛාවක් එය සොමිනා

සියල්ලමට මුල් වන්නේ සිත බව අප ගෞතම බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේක. පුද්ගලයා හොඳ හෝ නරක පුද්ගලයෙකු ලෙස සමාජය විසින් හඳුනාගනු ලබන්නේ ඔහු හෝ ඇයගේ සිත මුල් කරගෙන කරනු ලබන ක්‍රියාවන් හේතුකොට ගෙනය. නරක්වූ සිතකින් කරනු ලබන ක්‍රියා පාප ගණයට අයත්වන අතර යහපත්වූ සිතකින් කරනු ලබන ක්‍රියා පින් හෝ කුසල් ගණයට අයත්වේ.

එබැවින් පුද්ගලයෙකුගේ ජීවිතය මෙහෙයවන ප්‍රධානතම බලවේගය වන්නේ සිතයි නමුත් කෙනෙකුට තවත් කෙනෙකුගේ සිතක් හඳුනාගැනීම ඉතාම අපහසුය. එය නිවැරදිවම හඳුනා ගැනීමට ලැබෙන්නේ සිත වැඩූ උතුමෙකුට පමණය. කෙසේ වුවත් ජ්‍යෝතිෂයේදී සිතට කාරක වන්නේ සඳුය. හස්ත රේඛාව ශාස්ත්‍රවේදී සිත පිළිබඳ කරුණු සෙවීමේදී ප්‍රධාන තැනක් හිමි වන්නේ ශිර්ෂ රේඛාවටයි. මේ අතර ශිර්ෂ රේඛාවම හස්ත රේඛා විද්‍යාවේදී ප්‍රධානතම රේඛාව වශයෙන් පිළිගැනීමට ලක්වී ඇතිබවද කිව යුතුය. ඊට හේතුව පුද්ගලයාගේ සමස්ත ජීවිතයම සිත මුල්කරගෙන ක්‍රියාකරන බැවිනි. මේ අනුව පුද්ගලයාගේ අත්ල මත දිස්වන ශිර්ෂ රේඛාවේ ආධාරයෙන් ඔහු හෝ ඇයගේ සිත කියවීමේ යම් හැකියාවක් ලබා ගැනීමට පුළුවන. මෙම රේඛාවේ සාමාන්‍ය ගමන් මාර්ගය වන්නේ ගුරු මණ්ඩලයටත් මහපට ඇඟිල්ලටත් අතරින් පටන්ගෙන අල්ල මැදින් හෙවත් කුජ තලාව හරහා ගොස් දෙවන කුජ මණ්ඩලය හෝ  චන්ද්‍ර මණ්ඩලය මතින් කෙළවර වීමයි.


මෙම රේඛාවේ සාමාන්‍ය ලක්ෂණය වන්නේ ජීවන රේඛාවත් සමඟ එක්වී පටන්ගෙන ගුරු මණ්ඩලය දක්වා මඳ දුරක් පැමිණ අනතුරුව ස්වාධීනව ගමන් කිරීමයි. මේ ආකාරයෙන් මෙම රේඛාව පිහිටා ඇත්නම් එවැනි පුද්ගලයෙකු ලෞකික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද දියුණුවන්නකු බව කිව යුතුය. මෙම රේඛාව මුල පටන්ම ස්වාධීනව (ජීවන රේඛාව හා සම්බන්ධ නොවී) පිහිටා ඇත්නම් එම පුද්ගලයා කපටිකම් දන්නා ලෞකික දියුණුව කෙරෙහිම සිත් බැඳීගිය පුද්ගලයෙකු වනු ඇත.


ශීර්ෂ රේඛාව හර්ද රේඛාවට ඉතා ළංව පිහිටා ඇත්නම් එවැනි පුද්ගලයා තම දෙමාපියන්ට දරුවන්ට හා සහකරුවාට ඉතා ළෙන්ගතු අයෙකි. මෙවැනි අයගේ පපුවේ සෙම්ගතිය වැඩිය. සෙම අධික රෝගාබාධ වැලඳීමේ අවදානමක්ද පවතී. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලය වෙත ගමන් කරයි නම් බොහෝ විට එම පුද්ගලයා මනෝ ලෝකයක ජීවත්වන්නෙකුවේ. සංවේදීතාව වැඩිය. නමුත් ආත්ම විශ්වාසය ඇත. ඇතැම් විට අන්ධ ආගම් භක්තියකින් කටයුතු කරන්නෙකු වීමටද පුළුවන. ශීර්ෂ රේඛාව මේ ආකාරයෙන් පිහිටා සිකුරු වක්‍රයද දක්නට ලැබේනම් එවැනි පුද්ගලයා දක්ෂ කවියෙකු හෝ සාහිත්‍යකරුවෙකු වීමට පුළුවන. නමුත් අධික කරුණාව අනුකම්පාව හේතුකොට ගෙන තීරණ ගැනීමේදී දැඩි බවක් නොපෙන්වයි. එනිසා ඇතැම්විට කරදරවලට මුහුණ දෙයි. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව ආරම්භ වන ස්ථානයේ තරමක පරතරයක් පවතී නම් එවැනි පුද්ගලයා කුකුල් කේන්තිකාරයෙකු හා නොහික්මුණු පුද්ගලයෙකි. ශීර්ෂ රේඛාව ජීවන රේඛාව සමඟ එකට එක්වී ශනි මණ්ඩලය තෙක් ගමන් කර අනතුරුව ස්වාධීනව ගමන්          ගන්නේ නම් එම තැනැත්තා ඉක්මනින් කලබලයට පත්වන, අපිළිවෙළ කිසි කටයුත්තක් සිහි බුද්ධියෙන් කිරීමට අපහසු අයවේ. මේ අතර ක්‍රමානුකූලව ගමන්කර අවසානයේ තරමක් පහළට නැමුණු ශීර්ෂ රේඛාවක් සහිත පුද්ගලයා නිවැරදිව යමක් අවබෝධ කරගැනීමේ හා සන්සුන් මනසකින් කටයුතු කරන්නෙකි. මෙය සියලු කරුණු අතින් යම් වර්ධනයක් පෙන්වන පිහිටීමකි. මේ අතර ව්‍යාපාරිකයන්ගේ අත්වල ශීර්ෂ රේඛාව ඍජුව පිහිටා ඇති ආකාරයක් දක්නට ලැබේ. මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී එය යහපත් පිහිටීමකි. තීරණ ගැනීමට පසුබට නොවේ. නායකත්වයට සුදුසුවේ. නමුත් මෙවැන්නන්ගේ ආධ්‍යාත්මික වර්ධනය ඉතා සෙමිනි.


ශීර්ෂ රේඛාව කෙළවර දෙකට බෙදී යා නම් බොහෝ විට අංශ දෙකකින් දක්ෂතා දක්වන්නෙකු වේ. ශීර්ෂ රේඛාව කරුවක් ආකාරයෙන් ආරම්භ වී කරුවක් ආකාරයෙන්ම කෙළවර වන්නේ නම් එවැන්නන්ගේ මානසික මට්ටම ප්‍රබලය. ශීර්ෂ රේඛාව ගුරු මණ්ඩලයෙන් ආරම්භ වන්නේ නම් එයද පුද්ගලයාගේ වාසනාවන්ත බව පිළිබිඹු කරයි. එවැන්නෝ ධනවත් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ද වන්නෝය.


ශීර්ෂ රේඛාව මැදින් කැඩී ඇත්නම් හිසේ තුවාලයක් හෝ වැටීමකින් වන අනතුරක් පෙන්නුම් කරයි. යම් පුද්ගලයෙකුගේ අත්ලේ ශීර්ෂ රේඛා දෙකක් දර්ශනය වීම බලවත් පිහිටීමකි. එවැනි අයද අංශ දෙකකින්ම තම දියුණුව සලසාගනු ඇත. මෙය ඉතා දුර්ලභ පිහිටීමකි. 


ජ්‍යොතිෂවේදිනී සහ හස්ත රේඛා ශාස්ත්‍රඥ,
උපුලි පෙරේරා,
නො. 7, ද මැල් පාර, ලක්ෂපතිය, 
මොරටුව.



අදහස් (0)

සිතුවිලි පිවිතුරු නම් මන බඳිනා පෙන්වයි රේඛාවක් එය සොමිනා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10978 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6229 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5971 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5337 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3261 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1742 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 721 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2249 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1931 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site