IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


යූරි ගගාරින් පිළිගත් කිරිවත්තුඩුවේ වීර මැගිලින්

ගැමි රසවිත

 

 

පාකිස්ථානයේදි ආගමික අන්තවාදීන් පිරිසක් පහර දී සහාසික ලෙස ශ්‍රී ලාංකිකයෙකු මරා පුළුස්සා දැමූ පුවත මේ වනවිට ලොවම කම්පාවට පත්කර ඇත. එසේම එම ලාංකිකයාට පහර දෙන අවස්ථාවේ ඔහු බේරාගැනීමට උත්සාහ කළ පාකිස්ථානු ජාතිකයාට එරට අගමැති ඉම්රාන් ඛාන් විසින් වීර සම්මානයක් ලබා දුන්නේය. 

 
මෙරටද මෙයට දශක කීපයකට පෙර ශ්‍රී ලංකාවේද ජීවිත 12ක් බේරාගත් වයස අවුරුදු 14 යෞවනියක්ද ලංකාවේ එවකට අගමැතිනි සිරිමාවෝ බංඩාරණායක මැතිනිය අතින් වීරවරියක් ලෙස සම්මානයට පාත්‍ර විය. ඒ 1961 වර්ෂයයේදීය. ඇය හෝමාගම කිරිවත්තුඩුවේ විසූ මැගිලින් නම් තරුණියයි.   


මැගිලින් යෞවනිය වීරවරියක ලෙස සම්මානයට පාත්‍ර වීමට හේතු වූ සිදුවීම සිදුවන්නේ 1961 වසරේ ජුලි 07 දිනය. එවකට ඇය පදිංචිව සිටියේ හෝමාගම - කිරිවත්තුඩුවේ දියගම ප්‍රදේශයේය. ඇය පසල් අධ්‍යාපනය ලබමින් සිටියේ දියගම කනිටු විදුහලේය. මැගිලින්ට පාසල් යාමට සිදුවූයේ දියගම ඔයෙන් එගොඩවීය. දියගම තෝරමුල්ලේ සිට පාසලට දිනපතා ගමන් කරනුයේ මෙම ඔය හරහා දමා තිබූ පොල් කොට ඒ දණ්ඩක් උඩිනි.   
මෙදින වැසි ඉතා අධික දිනයක් විය. ඔය පිරී ඉතිරී යන මට්ටමට පත්ව තිබුණි. එදා මෙන්ම වර්තමානයේද අධික වැසි දිනවලට මෙම ඔය උතුරා ප්‍රදේශයම ජලයෙන් යටවේ. මෙම දිනයේ මැගිලින් හා තවත් පාසල් දැරියන් පිරිසක් ඔයෙන් එගොඩවීමට ඒදණ්ඩට ගොඩවී ඇත. පිරිස දහතුන් දෙනෙකි. වෙනත් දිනවලද ඒදණ්ඩෙන් මෙම දරු පිරිස ගමන් කරනුයේ සුපුරුදු ලෙස පෝලිමේය. මෙසේ මෙම පිරිස ඒදණ්ඩ දිගේ පෝලිමේ පැමිණෙද්දී ඔය මැද්දේදී එක්විටම ඒදණ්ඩ කැඩී සියලුම දෙනා ඔයට වැටී ඇත.  


මෙම කණ්ඩායමෙන් පිහිනීමට හැකියාව තිබී ඇත්තේ මැගිලින් ශිෂ්‍යාවට පමණි. ඇය කෙසේ හෝ පීනා ඔය ඉවුරට ගොඩවී බලනවිට දැක ඇත්තේ අනෙක් දොළොස් දෙනා ඔයේ දිය පහරේ ගසා යන අයුරුයි. ඇය දෙවරක් සිතුවේ නැත. සිය ජීවිතය පරදුවට තබා එක් විටම සැඩ පහරට පැන ඒමේ අත පිහිනමින් දෙදෙනා බැගින් විටින් විට ඔය ඉවුරට ගෙනවිත් ඇත. ඇය එසේ නොකළා නම් දොළොස් දෙනෙකුගේ ජීවිත මෙලොව හැර යන්නට ඉඩ තිබුණි.   


මෙම වීරක්‍රියාව පිළිබඳව ගමෙන් එතරම් ඇගැයීමක් නොලැබුණද, ගමේ සමුපකාර වෙ​ෙළඳ සැලේ කළමනාකාරතුමා (මැනේජර් මහතා) මෙම ප්‍රවෘත්තිය එවකට ලේක් හවුස් ආයතනයේ අධිපතිතුමා වෙත දන්වන ලදී. එතුමා මෙම ප්‍රවෘත්තිය ඡායාරූප සහිතව ලේක් හවුසියෙන් පළකළ ජනතා පුවත් පතේ මුල් පුවත ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙම ප්‍රවෘත්තිය පළ වීමත් සමඟ මේ ගැන රටේම අවධානය යොමු විය. පුවත්පත ඇය හඳුන්වා තිබුණේ වීර මැගිලින් ලෙසය. ඒ අනුව ඇයට වීර පදක්කමක් ලබා දීමට එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තීරණය කළාය. 1961 වසරේදී වීර පදක්කම ඇයට හිමි විය.   


එතෙකින් ඒ කතාව නිමවෙන්නට තිබුණත් එය එසේ නොවිණි. එම වසරේ දෙසැම්බර් 07 දින ලංකාවට සුවිශේෂි දිනයක් විය. එනම් අභ්‍යාවකාශය දිනූ ලොව පළමු මිනිසා වන යූරි ගගාරින් ශ්‍රී ලංකා අගමැතිනියගේ ආරාධනාව පිට ලංකාවට පැමිණියේය.   
ගගාරින් මහතා පිළිගැනීමට සුදුස්සෙක් පිළිබඳ කතාබස් කරන අවස්ථාවේ ලේක්හවුස් අධිපතිතුමා ඒ සඳහා මැගිලින්ගේ නම යෝජනා කළේය. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් කැබිනට් මණ්ඩලයත් එකහෙලාම එම යෝජනාව පිළිගත්තේය.   


එදින ගගාරින් ලංකාවට සැපැත් වූයේ රත්මලාන ගුවන් තොටුපළිනි. එහිදී වීර මැගිලින් මල්මාලයක් පළඳා අභ්‍යවකාශය දිනූ වීර මිනිසා පිළිගත්තාය.   
අගමැතිතුමිය පවසා තිබුණේ වීරයෙක් පිළිගැනීමට අපෙන් වීරවරියක් යොදනවා යනුවෙනි. මැගිලින් ගැන අවධානය අගමැතිතුමිය වෙතින් එතකින් ගිලිහුණේ නැත. ඇය නැවැත කැඳවා ඇයට අවශ්‍ය දේ පිළිබඳව විමසුවාය.   


ඒ අනුව ඇගේ පියාගේ ඉල්ලීම වූයේ දරුවාට හොඳ ඉස්කෝලයක් දෙන්න යනුවෙනි. පළමුව ඇයට පිළියන්දල මධ්‍ය මහා විදුහල ලැබුණි. එහෙත් එවකට අධ්‍යාපන ඇමැති වූ බද්යුද්දීන් මොහොමඩ් මහතාගේ අනුදැනුම මත ඇයට කොළඹ විශාඛා විදුහලේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසුනි. සාමාන්‍ය පෙළ දක්වා ඇය එහි අධ්‍යාපනය ලැබුවාය. මෙම සිදුවීම සිදුවූ ස්ථානයේ වර්තමානයේ ඉදිකර ඇති පාලම වීර මැගිලින් පාලම ලෙස නම්කර ඇත.   


මෙම සිදුවීම පිළිබඳව පැවැසීමේදී පැවසිය යුතුම දෙයක් ඇත. එනම් කෙනෙකුගේ දක්ෂතාවයක් වීර ක්‍රියාවක් ඇගැයීමේදී වර්තමානයේ මෙන්ම අතීතයේද ඊට ඊර්ෂ්‍යා කරන්නන් අකුල් හෙළන්නන් සිටි බවය. වීර මැගිලින් ශිෂ්‍යාවට වීර පදක්කම ලබා දීමට සූදානම් වෙද්දී එය ඉවසා දරා ගැනීමට නොහැකි වූ පිරිසක් ඊට එරෙහිව පෙත්සම් පිට පෙත්සම් යවන ලදී. මැය වංචාවක් සිදුකළ බවත් දියට වැටුණු ළමයින් බේරාගත්තේ මැය නොවන බවත් පවසමින් අධ්‍යාපන ඇමැතිවරයාටත් පොලිසියටත් අගමැතිනිය වෙතත් පෙත්සම් යවා තිබුණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වුණු පොලිස්පති තුමා මේ කරුණ පිළිබඳව පරීක්ෂණයක් කර වාර්තාවක් සැපැයීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ගමට එවන ලදී. මේ ගැන තොරතුරු සොයා බැලීමට ඇගේ නිවසට පොලිස් කණ්ඩායම පැමිණෙනවිටදී ඇය සිටියේ එම සිදුවීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ගනිමිනි. ප්‍රතිකාර කළ හත්ලාහ වෙද මහතාගෙන්ද ඇසින් දුටුවන්ගේද සිදුවීමට භාජනය වූ සිසුවියන්ගෙන්ද විස්තර ලබාගත් පොලිස් කණ්ඩායම පොලිස්පතිවරයාට වාර්තා කර තිබුණේ පෙත්සම්වල ඇති කරුණුවල කිසිදු සත්‍ය තාවයක් නොමැති බවයි. ඒ අනුව 1961 නොවැම්බර් 05 දින අගමැතිනිය විසින් ඇයට වීර පදක්කම පළඳවන ලදී.   


කොත්මලේ   
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි 
 

 

 

 



අදහස් (6)

යූරි ගගාරින් පිළිගත් කිරිවත්තුඩුවේ වීර මැගිලින්

නිමල් Tuesday, 04 January 2022 11:06 AM

මමත් 1948 උපන් දා සිට දියගම. ජීවත්වන්නේ. කතාව ඇත්ත. ඔය ඇලේ ඒදණ්ඩ තිබූ ඉසව්වේ මම ද කුඩා කල පිහිනීමට පුරුදු උනා. වීර මැගිලින් ගැන දැන්නම් තොරතුරක් දන්නේ නැහැ. ලී ඒදණ්ඩ දැන් පාලමක් වී කූඩැල්ලන් ගහන අඩි පාර වෙනුවට තාර පාරක් ලැබී ඇත.

:       0       6

සෙනරත් Wednesday, 05 January 2022 07:35 AM

කිරිවත්තුඩුව කියන්නෙ දැන් දියුනු පලාතක් නොවැ.....එහෙ කොහෙද කූඩැල්ලො

:       0       0

තරිදු හෂාන් Wednesday, 05 January 2022 08:32 AM

ඒක නම් නියම කතාවක්

:       0       1

අසංක ප්‍රසාද් Wednesday, 05 January 2022 07:59 PM

තව තවත් උතුම් මිනිසුන් බිහි වේවා

:       0       0

Hashan Sachinthana Friday, 07 January 2022 02:18 PM

කලාත්මක පුවතක්

:       0       1

Dilani Hasanya Friday, 07 January 2022 04:41 PM

අපේ ගමේ කෙනෙක් වීම සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10976 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6229 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5971 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5334 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3261 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1742 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 716 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2244 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1926 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site