IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


දුටුගැමුණු රජු බලසම්පන්න වුණේ ජයකොන්තයේ බලයෙන්ද?

 

 

ජයකොන්තය යනු ජය සංකේතයයි. අතීතයේ සිට රජවරුන්, මහා බලවතුන් විසින් තම අධ්‍යාත්මික ශක්තිය විදහා දැක්වීම සඳහා අතැතිව සිටි කුඩා ආයුධයකි. කුන්තායුධය ලෙසද දැක්වෙන මෙය දුටුගැමුණු මහරජු සතුව පැවති අතර මිරිසවැටි දාගැබ ඉදිකරන ලද්දේ මෙය නිදන් කිරීමෙන් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම ආයුධයෙහි සර්වඥ ධාතුන් වහන්සේලාද අඩංගු බවද කියවේ. එතුමා සතුරන් පැරදවූයේ එහි ආශිර්වාදයෙනි.   


ජයකොන්තයේ තිබුණේ මොනවාද?   


මේ පිළිබඳ වැඩි විස්තර කතා කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු.   


පැරැණි ඉතිහාසයේ අනුරාධපුර, පොළොන්නරුව ගැන විමසා බැලීමේදී ඒ ඓතිහාසික යුගය ආරම්භ වූවායින් පසුව රජවරු අනුරාධපුර රාජ්‍යයේත්, පොළොන්නරු රාජ්‍යයේත් ඒ රජරට ශිෂ්ටාචාරයේත් පාලනය භාරගත්තා.   


මේ ඓතිහාසික යුගයේ රජෙක් රජ වනවිට පාලකයෙක් රාජ්‍යත්වයට පත්වූවාට පසු ඒ රාජ්‍යත්වය ස්ථිර කිරීම සඳහා අභිෂේක මංගල්‍යයක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. රාජ්‍යත්වය තහවුරු වන්නේ එවිටයි. රටවැසියා ඔවුන් පිළිගන්නේත් ඉන් අනතුරුවයි. මේ අභිෂේක මංගල්‍යය සිදු කිරීමේදී මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩි පසු රාජ්‍ය පාලනයට, දේශපාලනයට බුදු දහම තදින් බලපෑ බව සඳහන් වෙනවා. බුදු දහමට අනුකූලව ඉන්දියාවේ මෞරිය අධිරාජ්‍යයේ තිබුණු අභිෂේක මංගල්‍යය සහ අභිෂේක විධි එහිදී භාවිතා කළා.   
රජෙක් අභිෂේක වනවිට රාජ්‍යත්වය තහවුරු කිරීම සඳහා අභිෂේක උපකරණ කිහිපයක් අවශ්‍යයි. ඒවා නම් අනෝතත්තවිලේ පැන්, නෙල්ලි, මාහැඟි ඖෂධ, මාහැඟි පැන් කෙන්ඩියක්, මිරිවැඩි සඟලක්, කන්‍යාවන් හත් දෙනෙක් යනාදීන්.   


ඒවා අතර ඉතා වැදගත් අභිෂේක භාණ්ඩයක් වන්නේ ජයකොන්තයයි. පැරැණි අටුවාටිකාවල මෙම ජයකොන්තය පිළිබඳ සඳහන් වෙන්නේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙසටයි. මෙය රජෙක් අභිෂේක වන අවස්ථාවේදී නිල වශයෙන් භාවිතා කරන රාජ්‍යත්වය සංකේතවත් කරන උපකරණයක්. මෙහි ආකෘතිය ධාතු කරඬුවක ස්වරූපයෙන් පැවතුනු මැණික් ඔබ්බවන ලද රාජකීය භාණ්ඩයක් ලෙස මූලාශ්‍ර ගත කරුණු අනුව නම් කළ හැකියි.   


මේ රාජකීය භාණ්ඩයන් බොහෝ වේලාවට බාල ලෝහයෙන් තනන්නෙ නැහැ. රත්තරන් සහ මැණික් භාවිතයෙන් නිපදවෙන්නෙ.   
පෙර සඳහන් කළ උපකරණ අතර ජයකොන්තය රජෙක් රජ වූවාට පසුව රාජ්‍යත්වය සංකේතවත් කරන රාජ කකුධ භාණ්ඩයක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙනවා.   
නමුත් මහා වංශයේ මේ පිළිබඳව පළමුවෙන්ම අසන්නට ලැබෙන්නේ දුටුගැමුණු රාජ්‍ය කාලය තුළදී.   


දුටුගැමුණු රජතුමා මාගම රාජධානියේ පාලකයා බවට පත්වූවාට පසු උතුර පාලනය කළේ එළාර නම් ද්‍රවිඩ රජෙක්.   


එළාර රජු සමඟ සටනට යෑමේදී දුටුගැමුණු රජතුමා පළමුවෙන්ම සිදු කළේ මාගම රාජධානියේ තිස්සමහාරාම විහාරයට ගොස් භික්ෂුන් වහන්සේලා 500ක් එළාරට විරුද්ධව කරන යුද්ධය සඳහා ඉල්ලා ගැනීමයි. ඒ යුද සේනාවක් සමඟ ගමන් කිරීමට. එහිදී එතුමාගේ ප්‍රධාන තේමාව වූයේ ‘මාගේ මේ සටන රජ සැප පිණිස නොව බුද්ධ ශාසනය නඟාසිටුවීමට’ යන්නයි. ඒ යුද සේනාවේ ඉදිරියෙන්ම ගමන් කළේ භික්ෂුන් වහන්සේලායි. උන්වහන්සේලා ඉදිරියෙන් ගෙන ගියේ ජය​කොන්තයයි. මේ ජයකොන්තය තුළ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කරන ලද බවද සඳහන් වේ.   


රජෙක් තම දින චර්යාවේදී තම වැඩ ආරම්භ කිරීමට පෙර මෙම ජයකොන්තය තුළ තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නමස්කාර කිරීම අනිවාර්යය අංගයකි. දුටුගැමුණු රජු එළාරට විරුද්ධව මාගම රාජධානිය නොහොත් තිස්සමහාරාමයේ සිට උතුරට අනුරාධපුරයට ගමන් කළ සටන් මාර්ගය දිගේ යුද සේනාවට ඉදිරියෙන් ගෙන ගියේද මේ ජයකොන්තයයි.   


රජු මේ ආකාරයට භික්ෂුන් වහන්සේලාගේ සහ බුදු දහමේ ආශිර්වාදය ඇතිව ඒ තුළින් ජයකොන්තය සංකේතවත් කළේ බුදුරජාණන් වහන්සේගේ සහ බුදු දහමේ ඒ ආශිර්වාදය රට බේරා ගැනීමටත් රට එක්සේසත් කිරීමටත් මේ තුළින් බලයක් ශක්තියක් පවතින බව විශ්වාස කළ නිසායි. 

 
සංඝයා වහන්සේලාත්, ජයකොන්තයත් දුටුගැමුණු රජුගේ හමුදාව නියෝජනය කරනවා කියන්නේත් ලොකු ආශිර්වාදයක්.   


ඉන් අනතුරුව දුටුගැමුණු රජු එළාරට විරුද්ධව සටන් කර රට එක්සේසත් කළා. රට එක්සේසත් කිරීමෙන් පසුව රජු සියලුම වැසියන්ට නියෝගයක් පැනෙව්වා. ඒ සතුරන්ගෙන් රට බේරා ගැනීමේ උද්ධාමය නිමිත්තෙන් දවස් හතක් සැණකෙළි පවත්වන ලෙසට එය මහා වංශයේ සඳහන් වෙනවා.   


දුටුගැමුණු රජු එසේ රට එක්සේසත් කර අවසන්ව සැණකෙළි පවත්වන 7 වන දිනයේ තමන්ගේ ඇමැති සමූහයාද සමඟින් ජල ක්‍රීඩා සඳහා පිටත්ව ගිය බව මහාවංශයේ වාර්තාවල සඳහන්. එහිදී දුටුගැමුණු රජතුමා සවස් වනතුරුම ජල ක්‍රීඩාවේ යෙදී තිබෙනවා.   


ඉන් ගොඩට පැමිණි පසු දුටුගැමුණු රජතුමාගේ සටන් ව්‍යාපාරයේ යෙදී සිටි දස මහා යෝධයන්ගෙන් ථෙරපුත්තාභය යෝධයා ඇතුළු පිරිස සඳහන් කර ඇත්තේ දුටුගැමුණු රජු තිසා වැවෙන් ස්නානය කර ගොඩට ඒමෙන් පසුව මෙම ජයකොන්තය ඇතුළු රාජ කකුධ භාණ්ඩ සිටවූ තැන සිට මේ දේවල් ආපසු භාරදීම සඳහා උත්සාහ කර ඇති බවයි.   


නමුත් එතැනින් සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කළ මේ ජයකොන්තය ස්ථිර වශයෙන්ම ඉවතට ගත නොහැකිව මුල් අල්ලාගෙන තිබෙනවා. එය ගලවා ගන්නට නොහැකි වුණා.   


මේ ආශ්චර්ය දැක බලා ගැනීමටද බොහෝ පිරිසක් පැමිණ තිබෙන බව සඳහන්.   


මේ සිදුවීම ජයග්‍රහණයේ සංකේතයක් ලෙස පෙන්නුම් කිරීමක් බැවින් මේ ජයකොන්තය යටකොට චෛත්‍යයක් බැඳ ඇති බව වාර්තා වෙනවා. මහාවංශයට අනුව එදා යුද සේනාව ඉදිරියෙන් ගෙන ගිය ජයකොන්තය නිධන් කර රට එක්සේසත් කර ගොඩ නැගූ පළමු චෛත්‍ය දුටුගැමුණු රජු ගොඩනැගූ මිරිසවැටි චෛත්‍යයයි.   


පැරැණි මූලධර්මයක් ලෙස විශේෂයෙන් සඳහන් වන කාරණාවක් තිබෙනවා. එනම් පාලකයෙක් සතුරු සේනාවක් පරාජය කළ පසු අනිවාර්යයෙන්ම චෛත්‍යයක් ඉදි කෙරෙන බව. මෙම මිරිසවැටි චෛත්‍යය සඟසතු කළ දිනයේ භික්ෂුන් වහන්සේලා ලක්ෂයකුත් භික්ෂුණින් වහන්සේලා අනූ දහසකුත් පැමිණි බව මහා වංශයේ වාර්තාවල සඳහන්.   


මේ ආකාරයට ජයකොන්තය යනු රජ කෙනෙක්, ලංකාවෙ පාලකයෙක් භාවිතා කරන ලද රාජකීය සංකේතයක්. එය බෞද්ධාගම නියෝජනය කරන සංකේතයක් ලෙසත් රාජ කකුධ භාණ්ඩයක් ලෙසත් සඳහන් කළ හැකියි. ජයකොන්තය නම් මේ රාජ කකුධ භාණ්ඩය ලංකාවේ රාජ්‍යත්වයට පත්වූ බොහෝ රජවරුන් භාවිතා කර ඇති බව මේ කරුණු කාරණා අනුව සිතන්නට පුළුවන්. අනෙකුත් පාලකයන්ද මෙවැනි ජයකොන්තයක් භාවිතා කරන්නට ඇති. නමුත් වංශ කතාවලින් පැහැදිලිවම ජයකොන්තයක් ගැන වාර්තා වන්නේ දුටුගැමුණු රාජ්‍ය සමය තුළයි.   


එම ජයකොන්තය රජු බොහෝ විට වැදගත් චාරිකාවල යෙදෙද්දි ගෙන යන්නට ඇති බවද විශ්වාස කෙරෙනවා. අදත් ජනී ජනයා අතර ප්‍රසිද්ධ මතයක් තිබෙනවා. ඒ විවිධ මැණික් වර්ග පැළඳීමෙන් තමන්ට මුහුණදීමට සිදුවන අපල උපද්‍රව, කරදර, බාධා දුරුවී ජයග්‍රහණයක් කරා යාමට හැකි වන බවට.   


රත්‍රන් සහ මැණික් අඩංගු පළඳනා එදා සිට අද දක්වාම පාලකයන් මැති ඇමැතිවරුන් සහ සාමාන්‍ය ජනතාව භාවිතා කරන වටිනාකමින් වැඩි ලෝහයන් ලෙස සඳහන් කළ හැකියි. විශේෂයෙන්ම අද ජනාධිපතිවරුන්ද දිව්රුම් දීමේදී තමන්ටම ආවේණික කොඩියක් නිර්මාණය කරයි. එයත් ජයකොන්තයක් ලෙස සඳහන් කරන්නට හැක. මේ තුළින් යම්කිසි ආගමික ආශිර්වාදයක්, යම් බලවේගයක් ඇති බව විශ්වාසයක්ද පවතී. 

 

 

සටහන
ධනු විජේරත්න  



අදහස් (0)

දුටුගැමුණු රජු බලසම්පන්න වුණේ ජයකොන්තයේ බලයෙන්ද?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10988 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6234 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5976 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5349 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3266 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1742 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site