IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ජාලිය දුටු ස්වර්ග රාජ්‍යය

කෙටි කතාව

 

 

මත්පැන් නරක දෙයක් යැයි බොහෝ දෙන කියති. එහෙත් ජාලිය මහතා එය පිළි නොගනී. එය නිසි ප්‍රමාණයට පාවිච්චි කළහොත් වරදක් සිදුවිය නොහැක. ලේ ගමන ක්‍රමවත් වීම, කුසගිනි ඇතිවීම, ආහාර දිරවීම, මානසික සුවයක් ඇතිවීම, අලුත් අදහස් ගලා ඒම ආදී බොහෝ යහපත් දේ මත්පැන් පානයෙන් ලබාගත හැකි බව ඔහුගේ අත්දැකීමයි.


ජාලිය මහතා, දිවයිනටම බලපාන පරිදි පත් කෙරුණු සාම විනිසුරුවරයෙකි. ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ‘ධම්මෝදය’ නම් සමාජ සේවා සංවිධානයක නිර්මාතෘවරයා ද විය. කල එළියට උජාරුවට වැඩ කළ ඔහුගේ බඹරය කාලයක් වැල්ලේ වුව ද කරකැවුණේය.


දැන් ඒ සියල්ල අවසන් වී ඇත. කූඨ ජාවාරම්-යටි අගුල් ඇදීම් - අනුන් රැවටීම් තුළින් හරි හම්බ කළ ධනය නඩුහබ, කරදර, අසනීප වලටම දියවී ගොස්, ගොඩ ආ නොහැකි අගාධයකට දැන් ඔහු ඇදවැටී සිටි. ඒ අන් කිසිවක් නිසා නොව ‘කාලය’ නරක් වීමෙනි.
ජාලිය නොඉවසිල්ලෙන් මිදුලේ එහාටත් මෙහාටත් සක්මන් කරමින් සිටියේය. ජෙමිස් තවමත් පැමිණියේ නැත.
කලින් ජාලිය මහතා සතුව නගරයේ සිවුමහල් ගොඩනැගිල්ලක් ද, දේපල රාශියක් ද තිබූ නමුත්, දැන් ඉතිරිව ඇත්තේ කුඩා නිවසක් පමණි. පදිංචිව සිටි සුපිරි නි​ෙවසක බැංකුවට සින්නවීමත් සමඟ බිරිය ඇයගේ මහ ගෙදරට ගියාය. පසුව ඇය දරුවා ද රැගෙන ඕස්ට්‍රේලියාවේ නිත්‍ය වාසයට ගියේ, එහි සිටින ඇයගේ ඥාතීන්ගේ උදව්වෙනි.
එ්කි නිකමටවත් මං උන්න ද මලාද කියලා හොයා බැලුවේ නෑ. තුඃ! මෙහෙමත් ගෑනු! ජාලිය අසල වූ මල් පඳුරකට කෙළ ගැසුවේය. ‘කෝ මේ ජේමිසා තවම නැහැනේ? දැන් හොඳටම හවස් වුණා !’’


නෑයින්, හිතවතුන්, හිතවතියන්, ගෝල බාලයන් සියලු දෙනාටම ජාලිය අමතකව ගොස් බොහෝ කල්ය. ඔහු ළඟ සිටි මහලු මෑණියන් කළුරිය කළ පසු, කුස්සියේ වැඩ කළ කුසුමලතා ද වැටුප් නොලබාම ගමට ගියේ මෑතකදීය.
එහෙත් ඔහු තනිවී නැත. දිගු කාලයක් ජාලිය ළඟ වැඩ කළ ජේමිස් ඔහුගේ රැකවරණයටත්, උදව්වටත් තවමත් රැඳී සිටී. ඒ ජාලියට ඇති ආදරයටම නොව, යන්නට තැනක් නැති තනිකඩ අසරණයකු වූ නිසාය.


පදිංචි ඉඩම බැංකුවට අයත් වනතුරු ඔවුන්ට තව කල් ඇත. විකිණීය හැකි සියලු දේ විකුණා හමාරය. යමක් උපයාගන්නට ජේමිස් කුලී වැඩට ගියේය. ඒ අතර හොරකමට ද පුරුදු විය. මොනවා කළත් ලැබෙන දෙයක් ගෙන හැන්දෑ කෙරේ ආපසු ආවේය.
අවරෝහණ සමයේ හටගත් හෘදයාබාධය තවමත් පවතී. තමා ‘චුට්ටක් ගැනීම’ ආරම්භ කළේ වෛද්‍ය උපදෙස් අනුව බව ජාලිය නිතර කියයි. කෑම කෙසේ වෙතත්, බීම නැතිව ජීවත් වීම දැන් ඔහුට අමාරුය. එදා ඔහු දහ අතේ කල්පනා කර තීරණයක් ගත්තේය.
‘ජේමිස් ...!’


‘ඇයි සර්?’


ඔන්න ඔය කාමරේ ගොඩ ගහලා තියෙන පොත් ටික බෝතල් කඩේට දෙන්න බලනවා! ඕවා තියාගෙනත් කරදරයි. නිකම් දුවිලි වහනවා විතරයි.
‘සර්.... මේ ධම්මෝදය පොත් ටික...?’
’ඔව් බං... එක අතකට මේවයෙන් වැඩක් ඇතැ? එන්.ජී.ඕ. එක කරන කාලෙ මේවයෙන් ඇති තරම් හෙව්වා! එ් ටික දීලා දානවා!
මේ ගොඩ නම් තුන් හතර පාරකටවත් ගෙනියන්න වෙයි සර්....
අද අරක්තු බෝතලයක් නම් ගේන්ට ඕනෑ. හරක් මස් ටිකකුත් එක්ක ඉතුරු එකේ හාල් තුනපහ ටිකක් ගේනවා.
ස්වාමියා සමඟම අරක්කු කට ගෑමට පුරුව සිටි ජේමිස් මහත් උනන්දුවෙන් කාරිය බාර ගත්තේය. ඔහු පිටත්ව යාමත් සමඟ නොඉවසිලිමත් වූ ජාලිය මිදුලේ සක්මන් කරන්නට විය.
අරක්කු බෝතලයත්, හරක් මස් හත්සිය පනහකුත් ගත් පසු ඉතිරි වූයේ සොච්චම් මුදලකි. හාල් පොල් කළමනා ද යන්තමින් පිරිමසා ගත් ජේමිස් නොපමාව ආපසු පැමිණියේය. ‘අද හොඳ දවසක්!’ යි ඔහුට සිතිණි.


ජේමිස් මිදුලට පය තබනවාත් සමඟ ජාලිය මහතාගේ සක්මන නැවතිණි. ඔහු ගෙතුළට ගොස් පුටුවක ඉඳ ගත්තේය.
මස් පිසෙන සුවඳ දැනේ. බෝතලය මුල්ලක සඟවා ඇත. ජේමිස් හෙමින් ජාලිය ළඟට කිට්ටු කළේය.
වැඩේට මැච් වෙන දේකුත් හොයාගත්තා සර්
මොනව ද බං?


එහා වත්තෙන් මයියොක්කා ගස් දෙකකුත් උගුල්ල ගත්තා.
උඹත් යමර වැඩ නෙව කරන්නේ? කී මුත් ඒ ආරංචියෙන් ජාලියගේ ද සිත සතුටින් ඉපිළ ගියේය.
සියල්ල කාමරයට වැඩම වූ පසු ජාලිය මහතා ඉනිම ආරම්භ කළේය.
මස් පොඩ්ඩනෙ බං...?


සල්ලි මදි වුණා සර්... ගේන්නම කියපු නිසා දෙසීය පනහක් ගත්තා. මට ඕන නෑ... සර් කන්න ?
ජේමිස් බෝතලය අහකට ගෙන නොපෙනෙ සේ ටිකක් වත් කර ගත්තේය.
මස් කෑල්ලකුත් කටේ දාගනින් කෝ. ඔය මයියොක්කා පිඟාන ළං කරන්න තැම්බිලා මදි වගේ නේ ද?
ඔය මයියොක්කාවල හැටි සර් ටිකක් හයියයි.
බෝතලයෙන් බාගයක් හිස් වූ පසු ජාලිය මහතාගේ කතා බහ වැඩිවිය. පරණ කියුම් කෙරුම් ප්‍රතිවාදනය වන අතර, ඔහුගේ ඇස වසා ජේමිස් කාලක්ම කටේ වත්කර ගත්තේය. පසෙක තිබූ වතුර ජෝගුවෙන් අඩුව පිරවීය.
පදමට වැදී සිටි ජාලිය මහතාට අරක්කුවල සැර මදිකම තේරුණේ නැත. ගනින් පේමිස් තව ටිකක් ! කී පමාවෙන්ම ජේමිස් ජලය මිශ්‍ර අරක්කු විදුරුවක් ද ගත්තේය.
කුස පිරී තිබුණු නිසාදෝ ජේමිස්ට අපහසුවක් දැනිණි. සැනින් ඔක්කාරය ඇති විය. නැගිට ගන්නටවත් ඉඩක් නොවීය. කාමරය මැද වමනය කරන්නට විය.
ටික වේලාවකට පෙර කලබලයෙන් ගිල දැමූ යමක් වමනය ගොඩ පුරා දක්නට ලැබුණි.
මොනවද බං මේ? අපි ඒ හැටි කෑවායැ?


ඔ... ඔය මයියොක්කා වෙන්නැති සර්


මයියොක්කා? වෙන්න බෑ? ජාලිය මඳක් නැඹුරුව පරීක්ෂා කළේය.
මේ හරක් මස් කෑලිනේ


නෑ.. නෑ.. සර්


‘ඉඳින් බලන්න’ ජාලිය ඉන් එක කැබැල්ලක් අතට ගත්තේය. නාසයට ළං කර ඉව කළේය.
‘මේ හරක් මස් තමයි!’


නෑ සර්!


ජාලිය එම කැබැල්ල කටේ දමා තලු මැරුවේය. යකෝ උඹ තමයි මිනිහා!


ජේමිස් පුදුමයෙන් බලා සිට, වහා නැඹුරුව තව කැබැල්ලක් තෝරන්නට විය.

 

 

කළණ මිතුසඳ



අදහස් (0)

ජාලිය දුටු ස්වර්ග රාජ්‍යය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10978 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6229 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5971 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5336 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3261 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1742 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 721 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2248 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1929 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site