IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


කළු තොප්පිකාරයෝ

 

පුද්ගලයන් තොප්පි පළඳින්නේ හිසේ ආරක්ෂාවට සහ දැඩි අව් රශ්මියෙන් සහ වැස්සෙන් බේරීමට යැයි සිතුව ද තොප්පි පැළඳීමට වැඩිම බලපෑමක් ඇති කළේ  තොප්පියෙන් සමාජ තත්ත්වය පෙන්වීමයි.


ආගමික හේතු, විලාසිතාවක් ලෙස මෙන් ම ජාතිකත්වය, තම සේවා ස්වභාවය පිළිබිඹු කිරීමට ද තොප්පි පළඳිති. අතීතයේ පටන්ම විවිධ ආරක්ෂක හමුදාවල ඒ එ් තනතුරු පිළිබිඹු කරමින් තොප්පි පැළඳීම සිදුවිය. ඒවා වර්තමානයේ හඳුන්වන්නේ පීක් තොප්පිය හෝ ක්වාන් තොප්පිය නමිනි. 


මේ තොප්පි විවිධාකාරය, ඇතැම් තොප්පි හිසෙහි ආරක්ෂාවට වැදගත් වන අතර, කැප් තොප්පිය සාදා ඇත්තේ ඇස්වලට අව් ආවරණයක් ද ලැබෙන ආකාරයෙනි. එමෙන්ම හැට් යනුවෙන් හඳුන්වන තොප්පි හිස වටා වක්‍රයක් ආකාරයෙන් පිහිටි තොප්පි හිසට අමතරව මුහුණත් උරහිසත් අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කරයි. කව්බෝයි තොප්පිය ද ලෝකයේ ම ජනප්‍රිය එවැනිම වූ තොප්පි විශේෂයකි. කව්බෝයි තොප්පි වැස්සෙන් සහ හිරු රෂ්මියෙන් ආරක්ෂා කරයි.


ඇතැම් තොප්පි චාරිත්‍රානුකූල අරමුණු සඳහා යොදා ගනී. විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවවල දී පළඳින තොප්පි ඒ අතරින් එකකි. සූපවේදීන් විසින් පළඳින තොප්පිය ද එවැනි ම ස්වභාවයක් ගනී. පාප් වහන්සේ සහ බිෂොප්වරුන් පළඳින තොප්පි ආගමික අවස්ථාවන් නිරූපනය කරයි. එමෙන්ම ඉස්ලාම් ලබ්ධිකයෝද යුදෙව් ජාතිකයෝද තම ආගමට අනුව තොප්පියක් පළඳිති. ඔවුන්ගේ ද සමාජ තරාතිරම අනුව විවිධ තොප්පි වර්ග ඇත. සික් ජාතිකයෝ තම ජාතිකත්වයට ම ආවේණික තලප්පාව නමින් හඳුන්වන හිස් වැස්මක් පළඳින අතර එමගින් ලොව කොතැනක සිටිය ද සික් ජාතිකයකු හඳුනාගැනීමට හැකියාව පවතී.


දැනට හඳුනාගෙන ඇති පැරණිතම තොප්පි ලෝකඩ යුගයේ විසූ මිනිසා විසින් පළඳින්නට ඇති බවට විශ්වාසයක් පවතී. ක්‍රිස්තු පූර්ව 3300 දි පමණ ජීවත් වූ බවට තහවුරු කරගෙන ඇති මිනිසකුගේ සිරුරක නිකට පටිය සමඟ වලස් සමෙන් නිර්මාණය කළ තොප්පියක් හමුවී තිබේ. එය හම් කීපයක් එකට තබා මසා නිමවා තිබූ එකකි. 


තොප්පියක් සහිත පළමු සිතුවම හමුවන්නේ ඊජිප්තුවේ සොහොන් ගැබකිනි. එය ක්‍රිස්තු පූර්ව 3200 දී පමණ සිතුවම් කරන ලද්දකි. කේතුකාකාර තොප්පියක් පැළඳි මිනිසකු ඉන් නිරූපනය කර ඇත. දැනට ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පෙනී යන්නේ මිසරයේ ඉහළ පැළැන්තියේ ජනතාව තම හිස් මුඩුකර හිස් පළඳනාවකින් එය ආවරණය කරගෙන සිටි බවයි. 


මධ්‍යතන යුගයේ දී තොප්පිය යනු සමාජ තත්ත්වය පිළිබිඹු කරන දෙයක් බවට පත්විය. 


මෙලෙස විවිධ ආකාරයෙන් භාවිතයට පැමිණ තිබූ තොප්පි ඇමෙරිකානු විප්ලවයේ දී, රුසියානු විප්ලවයේ දී සහ ප්‍රංශ විප්ලවයේ දී රාජාණ්ඩුවට එරෙහි නිදහස සඳහා අරගලයේ සංකේතයක් ලෙස භාවිතා කර තිබේ. 
19 වැනි සියවසේ මුල් භාගයේ දි, කාන්තාවන්ගේ තොප්පි සහ එහි නිකට ආවරණය ක්‍රමයෙන් විශාලවන අතර කුරුළු පිහාටුවල සිට මල් සැරසිළි දක්වා විවිධ දෑ තොප්පියට එකතු වී තිබිණි. ඒවා 1920 මැද භාගය වනවිට කාන්තාවන්ගේ කොණ්ඩය වඩාත් කෙටි වීම නිසා තොප්පිය ඔවුන්‍් ආදේශ කරගත්තේ හිස් ආවරණයක් ලෙසිනි. 


1980 දශකයේ දී විශාල තොප්පි ජනප්‍රිය වූ අතර 21 වැනි සියවසේ මුල් භාගයේ දී විවිධ විලාසිතා සහිතව ජනප්‍රිිය විය. මෙය තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රචලිත වූ අතර ඇතැම් විට ඒවා තරඟකාරී මෝස්තර රටාවලින් ද නිර්මාණය වී තිබිණි. බොහෝ ජනප්‍රිය පොප් ගායකයෝ ද මේ තොප්පි පැළඳි අතර ඔවුන්ගේ තොප්පි විලාසිතාව ලෝකය පුරාම තරුණ තරුණියන් අතර ‍බෙහෙවින් ජනප්‍රිය විය. 


තොප්පි නිර්මාණය කිරීමේ දී වැඩිම ජනප්‍රිය වර්ණයක් බවට පත්ව ඇත්තේ කළු වර්ණයයි. බොහෝ දෙනකු සඳහන් කරන්නේ කළු වර්ණය සම්භාව්‍ය හා විශ්වීය බවක් නිරූපනය කරන බවකි. නමුත් කළු වර්ණය භාවිතයට ආවේ කළු පැහැතිි කොණ්ඩයට වැඩි දෙනකු ඇළුම් කිරීම හේතුවෙන් විය හැකියැයි සමාජ විශ්ලේෂකයෝ පවසති. 


කළු වර්ණයෙන් යුතු තොප්පිවල ප්‍රධානතම වාසිය වන්නේ පෙනුමේ ස්වභාවයයි. එය සැහැල්ලු සහ ආකර්ශනීය බවෙන් යුක්තය. අඳුරු හිසකෙස් සමඟ සංයෝජනය වීම මෙන්ම තඹ පැහැති හිස කෙස් සමඟ කළු පැහැ තොප්පියට අමුතු ආකර්ශනයක් ලැබීම ද මෙලෙස කළු තොප්පිය වඩාත් ජනප්‍රිය වීමට හේතුවක් වන්නට ඇත. 


1950 දශකයේ දි තොප්පිය පිරිමි ඇඳුම්වල අනිවාර්ය අංගයක් වී තිබිණි. නමුත් එහි අවශ්‍යතාව වූයේ හිසේ ආරක්ෂාව තහවුරු කිරීම, හිස ආවරණය කරගැනීම නොව විලාසිතාමය අලංකාරයක් ලබාගැනීමයි. 
කළු පැහැති උසැති තොප්පි මේ කාලයේ බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි. එය මැජික් තොප්පියට සමාන ආකාරයෙන් දිස්වන අතර තොප්පිය සමඟ සැරයටියක් ද අතින් ගැනීම යුරෝපයේ ප්‍රභූවරුන් අතර ජනප්‍රිය විලාසිතාවක් විය. 


තොප්පියේ උස ඒ ඒ පුද්ගලයන්ගේ උස වැඩියෙන් හුවා දැක්වීමට ද හේතුවක් වූ බැවින් එකළ මේ උසැති තොප්පිය වඩාත් ජනප්‍රිය විය. නමුත් දැන් ඒවා භාවිතා වන්නේ කලාතුරකිනි. නමුත් මේ තොප්පි තවමත් නිෂ්පදානය වෙයි. ඒවා විශේෂ උත්සව අවස්ථාවල දී පමණක් භාවිතයට ගනු දක්නට ලැබෙන්නකි. ඇතැම් මංගල උත්සවවල දී මෙන්ම ප්‍රිය සම්භාෂණවල දී ද දක්නට ලැබෙයි. 


ෆෙඩෝරා තොප්පිය ද පිරිමින් අතර ජනප්‍රිය වූ විලාසිතාවකි. මේ විලාසිතාවේ විශේෂත්වයක් වන්නේ තොප්පිය වටා පීත්ත පටියක් සවිකර තිබීමයි 


1894 වර්ෂයේ දී ජෝර්ජ් ඩු මොරියර්ගේ නවකතාවක විස්තර කිරීම හේතුවෙන් ජනප්‍රිය වූ ට්‍රිල්බි තොප්පිය අළු පැහැති හෝ කළු පැහැයෙන් සාදන ලද්දකි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල ද මේ ආකාරයේ තොප්පි භාවිතා වෙයි. 


ජර්මනියේ හත්වැනි එඩ්වඩ් රජු විසින් පැළඳ කළු පැහැති තොප්පිය ද ඉතාමත් ජනප්‍රිය වූළුකි. එය වින්ස්ටන් චර්චිල් සහ ඇන්තනි ඊඩන් වැනි අගමැතිවරුන් විසින් පවා භාවිතා කර ඇත. මෙය හඳුන්වන්නේ හොම්බර්ග් තොප්පිය යනුවෙනි. 


ලෝකයේ නිහඬ සිනමාවේ අද්විතීය නළුවා ලෙස පිළිගැණෙන චාලි චැප්ලින් භාවිතා කළ තොප්පිය ද යුරෝපීයයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූවකි. විශේෂයෙන් ම යුරෝපයේ ව්‍යාපාරික ප්‍රජාව මේ තොප්පි පැළඳීමට කටයුතු කර තිබිණි. 


වගාබිම් ආශ්‍රිිතව වැඩිපුර භාවිතා කරන ලද තොප්පි විශේෂයක් කව්බෝයි චිත්‍රපට හේතුවෙන් සමස්ත ලෝකයේ ම ජනප්‍රිය වූයේය. පුළුල් වටකුරු ආවරණයක් සහිත මේ තොප්පිය අදටත් බොහෝ දෙනකු අතර ජනප්‍රියය. එය කළු වර්ණයෙන් මෙන්ම කාකි වර්ණයෙන් ද බහුලව දක්නට ලැබේ. 


අතීතයේ තොප්පි භාවිතයෙන් සමාජ තත්ත්වය ‍ප්‍රදර්ශනය කළ ද වර්තමානය වනවිට එවැනි භාවිතයක් දක්නට නැත. තමන්ට කැමති විලාසිතාවකට කැමති ආකාරයේ තොප්පි භාවිතා කිරීම තරුණ තරුණියන් අතර මෙන්ම වැඩිහිටි මහළු අය තුළ ද දක්නට ලැබේ. පිරිමි තොප්පි විවිධ හැඩයන් සහ මෝස්තර ගත හැකිය. ඔහුගේ ස්වර්ණමය යුගයේදී ඇඳුමකට අනුපූරක වීම සඳහා එක් හෝ වෙනත් තොප්පියක් ඔට්ටු ඇල්ලීමෙන් පෙනුමේ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය.  


තොප්පිය 1950 දශකයේ අග භාගය වන තුරුම පිරිමි ඇඳුම්වල ප්‍රධාන අංගයක් විය.එතැන් සිට එය භාවිතා කර ඇත්තේ ඊට වඩා අඩුවෙන්, නමුත් එය හිස ආවරණය කිරීමට වඩාත්ම අලංකාර උපාංගය ලෙස පවතී.

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර

 



අදහස් (0)

කළු තොප්පිකාරයෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10974 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6226 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5970 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5330 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3261 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1742 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 706 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2230 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1919 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site