IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


කුඩු ආශාගේ සෙල්ලම් එළියට

පාතාල දඩබිම

සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ආකාරයෙන් උපයාගනු ලැබූ වත්කම් සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ආරම්භ කර ඇත. ජීවත්ව සිටින මෙන්ම පරලොව ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයන මේ විමර්ශකයින් මේ වන විට එවැනි සිද්ධීන් සියකට අධික සංඛ්‍යාවක් විමර්ශනය කරමින් සිටින බව පොලිසිය පවසයි.   


සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් මේ දිනවල ඉහළින්ම නම් කියැවෙන “හරක් කටා”,“අංගොඩ ලොක්කා”, “දෙමටගොඩ චමින්ද”, “දෙමටගොඩ රුවන්”, “චමී”, “කුඩු ආශා”යන අය සම්බන්ධයෙන් මේ වන විට නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් එවැනි පරීක්ෂණ ආරම්භ කර අදාළ අධිකරණවලට කරුණු වාර්තා කර ඇත.   


පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ආරම්භ කළ තවත් විමර්ශනයකට අනුව සංවිධානාත්මක අපරාධකරුවකු වූ එදිරිසූරිය ආරච්චිලාගේ එදිරිසූරිය නොහොත් “චමී” නමැත්තා පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ වැරදි සිදුකර තිබීම සම්බන්ධයෙන් විමර්ශකයින්ගේ අවධානය යොමු කර තිබිණි. මේ කියනා ‘චමී’ ඉකුත් 2020 අගෝස්තු මස 23 වැනිදා ගම්පහ ඔරුතොට ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මෙලොව හැර ගියේය. හිටපු යුද හමුදා සෙබළකු වූ චමී, එක්දරු පියෙකි. මොහු ගැන මුලින්ම කරළියට එන්නේ කඩුවෙල අධිකරණ භූමියේදී පාතාල ක්‍රියාකාරිකයකුව සිටි රණාලේ සමයං යන අයට පිස්තෝලයකින් වෙඩි තැබීමේ සිද්ධියෙනි. මේ සිදුවීමත් සමග ‘චමී’ යනු අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයකු බවට පොලීසිය හඳුනාගත්තේ රණාලේ සමයං සහ අංගොඩ ලොක්කා අතර එකල පැවැති සීතල බල අරගල යුද්ධය හේතුවෙනි. 1999 වර්ෂයේදී පුද්ගලයකුට පිහියෙන් ඇණ මනුෂ්‍ය ඝාතනයක් කිරීම, 2004 වර්ෂයේදී රුවන්වැල්ල පොලිස් වසමේදී වාහනයක් සොරකම් කිරීම මෙන්ම හෙරොයින් මිලි ග්‍රෑම් 2400ක් සන්තකයේ තබාගෙන සිටීම මොහුට පැවැති පෙර වැරදි බවට පොලිසියට කරුණු අනාවරණය කරගැනීමට හැකි වී තිබිණි. එමෙන්ම පසුකලෙක සමයං ඝාතනය සඳහා අංගොඩ ලොක්කා කළුතර එතනමඩල බන්ධනාගාර බස් රථයට ප්‍රහාරය එල්ලකරන අවස්ථාවේදී මේ කියනා ‘චමී’ ද රැගෙන ගොස් ඇති බවට පොලීසිය තොරතුරු හෙළිකරගත්තේය. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබිණි. 

 
අංගොඩ ලොක්කාගේ සුවච කීකරු ගෝලයකු ව සිටි ‘චමී’ ලොක්කාගේ ඥාති සහෝදරියක වන දිල්ශානි ප්‍රියදර්ශනී හතුරුසිංහ නොහොත් ‘කුඩු ආශා’ යන අය සමග සමීප ඇසුරක් පවත්වමින් කටයුතු කළ බවට මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන තිබිණි. ඒ අනුව, “චමී” සතුව විශාල වශයෙන් චංචල සහ නිශ්චල දේපළ ප්‍රමාණයක් ඇති බවත් මේ දේපළ ඔහුගේ අනියම් බිරිය සතුව ද පවතින බවට පොලීසියට බුද්ධි තොරතුරු ලැබෙන්නේ ය. එතැන් පටන් මේ විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය.   


චමී නමැත්තා මියගොස් ඇති නමුත් මොහු විසින් යම් නීති විරෝධී ක්‍රියාකාරකමින් ලබාගත් මුදල් වෙනත් පාර්ශ්වයක් විසින් සන්තකයේ තබා ගැනීම හෝ බැහැර කිරීම හෝ යන වැරදි සිදුව ඇති බවට කරුණු සොයාගත් විමර්ශකයින් මේ සම්බන්ධයෙන් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 03 සහ 04 වගන්ති ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර ඇති බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස “අංගොඩ ලොක්කා”නොහොත් මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරාගේ ඥාති සහෝදරියක වන දිල්හානි ප්‍රියදර්ශනී හතුරුසිංහ නොහොත් ‘කුඩු ආශා’ පොලිස් අත්අඩංගුවට පත්වූවාය.   


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යකෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මේ වන විට මෙම සැකකාරිය ඇප මත නිදහස්ව සිටින අතර, ඇය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව ඇගේ බැංකු ගිණුම් තුනක තිබී රුපියල් කෝටි 04කට අධික මුදලක් සැක සහිත ආකාරයෙන් සංසරණය වීම සම්බන්ධයෙන් වූ තොරතුරු රහස් පොලීසිය විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරනු ලැබ ඇත. 

 
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ වාර්තාවලට අනුව, ගිරිහාගම හතුරුසිංහ ඩිල්හානි ප්‍රියදර්ශනී සතුරුසිංහ නොහොත් කුඩු ආශා” නමැත්තිය අතුරුගිරිය ප්‍රදේශයේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකු තුනක පවත්වාගෙන ගිය ගිණුම් තුනක මෙම මුදල සංසරණය වී ඇත්තේ 2019 සහ 2020 යන වර්ෂවල දී බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.   


සැකකාරියට අයත් බැංකු ගිණුම්වල ඉකුත් 2019 වර්ෂයේ දී රුපියල් දෙකෝටි විසිහත්ලක්ෂ පනස් නවදහස් එකසිය පනහක (22,759,150.00) මුදලක් ද, 2020 වර්ෂයේදී රුපියල් දෙකෝටි එක්ලක්ෂ දහඅටදහස් නවසිය හැටක (20,118,960.00) මුදලක් ද, තැන්පත් වී ඇති අතර මෙකී මුදල් කිනම් කරුණක් මත තැන්පත් වූවාද සහ නැවත ආපසු ලබාගෙන ඇත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.   


මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම සැකකාරියට හෝ ඇයගේ පවුලේ සමීපතමයන්ට පරම්පරාගත උරුමයෙන් හෝ නීත්‍යානුකූලව උපයාගත් යම් චංචල හෝ නිශ්චල දේපළක් හෝ ප්‍රකට ආදායමක් හෝ නොමැති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.   
මැය මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් හෝමාගම, නුගේගොඩ සහ කොළඹ අලුත්කඩේ අධිකරණයේදී නඩු පවතින බවත්, සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් දේපළ මිලදී ගැනීම් ද සිදුකර ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.   
ඒ අනුව, මෙම සැකකාරිය මල්වතුහිරිපිටිය මහවත්ත ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි කඩකාමර දෙකක් ද සකස් කර ඇති බවත්, ඇයගේ නමින් මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ තුනක්ද මිලට ගෙන ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.   


ඒ අනුව, මෙතෙක් සිදුකරන ලද විමර්ශන ප්‍රකාරව මෙම සැකකාරිය 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 (1) (අ) සහ 4(අ) (ආ) වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදවල් සිදුකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.   


අපරාධ සම්බන්ධයෙන් කතා කිරීමේදී ඉතිහාසයේ සිටම පිරිමි චරිතවලට අභියෝග කරමින් සිටි කාන්තා චරිත කිහිපයක් ද හමුවෙයි. කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ‘ජිනා මැඩම්’ සමාජයේ කවුරුත් හොඳින්ම දන්නා කුප්‍රසිද්ධ චරිතයකි. ඒ හා සමගාමීව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කියැවුණේ කොළඹ ජම්පටාවීදියේ එඩ්වඩ් මේරි සෙල්වි නොහොත් ‘කුඩු සෙල්වි’ ය. මුස්ලිම් පාතාලය ගැන කියැවෙද්දී මාලිගාවත්තෙන් ඇසුණේ මාමාස්මිගේ ‘අම්මා’ වූ කාන්තාවක ගැනය. කොටහේන මැල්වත්ත ප්‍රදේශයෙන් ඇසුණු තවත් නමක් වූයේ කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිය වූ ‘ආශා ෆාරි’ නොහොත් “කුඩු චූටි’ ගැනය. සංවිධානාත්මක අපරාධකරුවන්ට සහ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කතා කිරීමේදී ඔවුන්ගේ බිරින්දෑවරුන් මෙන්ම අනියම් පෙම්වතියන් ද ඥාතීන් ද ගැන මේ ආකාරයෙන් කරුණු හෙළිවෙමින් පැවතිණි.   


කෙසේ වුවද දැන් එළැඹී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම සංවිධානාත්මක කල්ලි සාමාජිකයන්ට අභාග්‍ය සම්පන්න කාලයකි. නීතිවිරෝධී ආකාරයෙන් ඉපැයූ දේපළ සම්බන්ධයෙන් දැන් විමර්ශකයින්ගේ දැඩි අවධානය යොමුවී අති අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණවලින් ලබාගත් නියෝගවලට අනුව ඒවා තහනම් කිරීමද සිදුවෙමින් පවතී.   

 

 

නිමන්ති රණසිංහ   

 



අදහස් (0)

කුඩු ආශාගේ සෙල්ලම් එළියට

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10972 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6225 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5970 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5330 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3261 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1742 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 699 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2224 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1913 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site