IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


MINETH RANAWANA


මේ පුංචි පුතාගේ නම ‘මිනෙත්’. මිහිරි නෙත් කියන තේරුම තමයි එහි අරුත වන්නෙ. මේ ‘පැංචා’ සමාජ මාධ්‍යයේ බොහොම ප්‍රසිද්ධයි. ඒකට හේතුව එයාගේ තාත්තා රංගන ශිල්පි  රොෂාන් රණවන නිසාම නම් නෙවෙයි. මේ වෙන කොට පුංචි මිනෙත්ගෙ වයස අවුරුදු 4යි. පසුගියදා මේ පැංචාට සම්මානයක් එහෙමත් ලැබුණා. 

ඒ එයාගේ ගායන හැකියාවට. ඉතින් අපේ අනාගත ලෝකයේ උරුමකරුවන් වන පැංචලා සහ පැංචිලා ලෝක ළමා දිනය සමරන්න (ඔක්තෝබර් 1 වැනිදා) සූදානමින් සිටින මොහොතක එයාගෙ වයසෙ පසුවන අනෙකුත් අයට වගේම නැන්දලා - මාමලා, හැමෝටම දැන ගන්නත් එක්ක පුංචි මිනෙත් ගැන හැඳින්වීමක් කළොත් හොඳයි කියලයි අපි හිතන්නෙ. අපි කිව්වනෙ මෙයා සමාජ මාධ්‍යයේ හරි ජනප්‍රියයි කියලා. ඒක වුණේ කොහොමද කියලා බලමු.!

‘‘මෙයාගෙ අම්මයි, තාත්තයි, ඒ කියන්නෙ කුෂ්ලානි සහ රොෂාන් රණවන  යුවළ ලංකාවෙ බොහෝ තැන්වල වගේම පිටරටවලත් නිතර සංචාරවල  යෙදෙනවා. ඒ වගේම විවිධ උත්සව  අවස්ථා ආදියටත් සහභාගි වෙනවනෙ. ඒ සෑම අවස්ථාවකදීම වගේ මේ පුංචි ‘මිනෙත්’ අම්මයි, තාත්තයි එක්ක තමයි ඉන්නෙ.

ඔන්න දවසක්, රණවන යුවළ මේ පුංචි පුතා එක්ක මංගල උත්සවයකට ගියා. එදා තරු චරිතයක් නිසා රොෂාන් රණවනට ඒ මංගල උත්සවයෙදි ගීත ගයන්න තිබුණා. ඉතින් එයා ගීත ගයමින් සිටියදී තාත්තා ළඟට ආව පුංචි මිනෙත් එයාටත් සිංදු කියන්න ඕනෑ කියලා ඇවිටිලි කරන්න පටන් ගත්ත ලු. ඒ පාර රොෂාන් පුතාවත් එකතු කරගෙන ගීතයක් ගැයුවා. විශාරද ජගත් වික්‍රමසිංහයන් ගැයූ රොඩ්නි විදානපතිරණයන් ලියූ  ‘සාගර තරංගා’ ගීතය එය එදා මේ  තාත්තයි-පුතයි ගැයුවා. ඊට පස්සේ ඉතින්  හැමෝගෙන්ම ලැබුණෙ ඉහළ ප්‍රතිචාර. හැබැයි රොෂාන්ට නෙවෙයි, මේ පුංචි මිනෙත්ට.

එදා මේ වැඩේ වීඩියෝ කළ අය පසුව එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තියෙනවා. ‘මිනෙත්’ගෙ දක්ෂතා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තෙ ඉන් පසුවයි. පුතාගෙ ගැයුම සහිත මේ  වීඩියෝව රොෂාන් එයාගෙ ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීමත් සමග ඔහුගෙ යූ- ටියුබ්  ගිණුම ඔස්සේ මිලියනයකට එහා පිරිසක් නරඹා තිබීම විශේෂත්වයක්. පුතාගේ ගායනා හැකියාව ගැන උනන්දු වෙච්ච රොෂාන් ඉන්පසු කළ දේ ගැන අපට කිව්වෙ මේ විදිහටයි.

‘‘ළමයාගේ ළමා කාලය නිදහසේ ගලා යන්න දෙන්නයි අපට  ඕනෑ. එහෙම නැතුව එයා තරඟකාරීත්වයට යවන්න අපට අවශ්‍ය  නැහැ. පුතාගේ ටැලන්ට් එහි දැකපු නිසා වොයිස් ට්‍රේනින්( හඬ පුහුණුවට) අපි එයාව වොයිස් ප්‍රින්ට් ඇකඩමියට දැම්මා. ඒ ඇකඩමියේ ශාඛාවක් අපේ ගෙවල් අසල තියෙන්නෙ. ඉරිදාට විතරයි පුතාට ඒ පංතියට යන්න තියෙන්නෙ. ඒ හැර අපට හිතෙන හිතෙන දේට පුතාව තල්ලු කරන්නෙ නැහැ.

  •  එතකොට පුතාට සම්මානයක් ලැබුණෙ?

මේ  ඇකඩමියෙ පොඩිම අයගේ වයස් සීමාවේ අය අතර තරගයක් තිබිලා තියෙනවා ළමයින් 300කින්. අන්තිම 30 දෙනා අතරට ඇවිත් අන්තිම දෙදෙනා අතරින් තමයි ‘මිනෙත්’ තේරිලා තියෙන්නෙ. අපේ ජනප්‍රියත්වයට හෝ කිසිම දැනහැඳිනීමක් නිසා නොවෙයි එයාට සම්මානය ලැබුණෙ. එයාගෙම දක්ෂතාවට.

මෙන්න මේ විදිහට  සම්මානයකටත් හිමිකම් කියන පුංචි මිනෙත් හට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයකුගෙ ෆිල්ම් එකක ගීතයක් ගයන්නත් මේ වන විට අවස්ථාව ලැබී තිබෙනවා. දකුණු ඉන්දීය ජනප්‍රිය ගායන ශිල්පියකු වන ‘ක්‍රිෂ්’ සමග මිනෙත්ට ඒ අවස්ථාව ලැබුණේ. my simba නමැති චිත්‍රපටය වෙනුවෙනුයි.

එහි තාත්තාගේ චරිතය වෙනුවෙන් ගීතය ගයන්නෙ ක්‍රිෂ් ගායන  ශිල්පියා වන අතර, පුතාගෙ කොටස වෙනුවෙන් ගයන්නෙ මිනෙත්.

පේනවා නේද පුංචි මිනෙත් මේ වෙනකොට ගිහින් තියෙන දුර. මේ විදිහට ගායනයට ආසා කරන මිනෙත් ගෙදර දි වැඩිපුර කරන්නෙත්, ගීත අහන එක වගේම ගීත ගයන එකම තමයි. අම්මයි තාත්තයි ගෙදර  කරන වැඩවලදී එයාවත් හවුල් කරගන්න ඕනෑලු.

පසුගිය කාලයේදී ටී.වී. වැඩසටහනක් වෙනුවෙන් ගීතයක් ගයන්න තිබුණු නිසා රොෂාන් ඒ වෙනුවෙන් දිලීප පොඩි පුතු ගීතය ගෙදර පුහුණු වෙද්දි, මිනෙත්ටත් එය ගයන්න ඕනෑ වුණාලු. හැබැයි එක දෙයක්, මිනෙත් පුංචි වුණාට එයාට කරන දේ හරියටම තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් එයාට එ්ක හිතට මදි. එකම ගීතය වාර කීපයක්ම නරඹමින්, ගයමින් සිටීම මිනෙත්ගෙ පුරුද්දක් වෙලා.

‘‘අපි එයාට කිසිම දෙයක් බලහත්කාරයෙන් පුරුදු කරලා නැහැ. අපි කරන කියන දේ බලා ඉඳලා ආව ආභාසයක්.’’

රොෂාන් එයාගෙ පුතාගෙ දක්ෂතා ගැන කියන්නෙ ඒ විදිහටයි. ටී.වී. එක බලන්න ඕනෑ වුණාම මිනෙත් කියන්නේ සින්දු යන වැඩසටහනක් දාලා දෙන්න කියලා ලු. කාටුන්වලට අමතරව එයා වැඩිපුරම බලන්නෙ සංගීත වැඩසටහන් ලු. විශේෂයෙන්ම  ‘භාතිය සහ සන්තුෂ්’ ගෙ ගීතවලට තමයි මිනෙත් වැඩිපුරම  ආසා කරන්නෙ.

පුංචි මිනෙත් හරිම මිත්‍රශීලි දරුවෙක්. ඒ ගැනත් අප කියන්නම ඕනෑ. මේ වෙනකොට මොන්ටිසෝරි අධ්‍යාපනය ලබන මිනෙත් එයාගෙ අම්මටයි-තාත්තටයි එක වගේ ආදරෙයි. සංගීතයට හැර එයා සංචාරයටත් බෙහෙවින්ම කැමති ලු. ඇවිදින්න යාම එයාගෙ ප්‍රියතම  විනෝදාංශ කියලා තමයි එයාගෙ තාත්තා රොෂාන් අපට කියන්නෙ.

 එයාගෙ සෙල්ලම් බඩු තියෙන කාමරයට ගියොත්, ගුවන්යානා, බොහොමයක් දැකගන්න පුළුවනි. අම්මයි-තාත්තයි එක්ක නිතර ට්‍රැවල් කරන නිසා ගුවන් යානා දැකලා ඒ ආසාව නිසා මේ විදිහට ගුවන් යානා සෙල්ලම් බඩු එකතු කරන්න ආසා වෙන්න ඇති කියලයි රොෂාන් කියන්නෙ. ප්ලේන්වලට කලින් එයා වැඩිපුරම අාසා කලේ කෝච්චි එකතු කරන්න ලු. ඉතින් අපට නම් කියන්න තියෙන්නෙ පුංචි මිනෙත් හට උපතින්ම රැගෙන ආ අපූරු දක්ෂතාවක් තියෙන බවයි. ඉතින් අපි හැමෝම එකතුවෙලා එයාගේ අනාගතයට සුබපතමු!


සඳුන් ගමගේ


 



අදහස් (0)

MINETH RANAWANA

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 156 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site