IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


2024 ජපානයේ ශ්‍රී ලංකා රූ - රැජින - සජිනි හංසනී


ඇයගෙ නම සජිනි හංසනී. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය සුරූපිනියන් අතර, පසුගියදා පැවැත්වූ විවාහක රූ-රැජින තරගයේදී 2024 සඳහා විවාහක රූ-රැජින ලෙස කිරුළු පැලඳියේ හංස ධේනුවක් වගේම ලස්සන ඇයයි. ජපානයේ වෙසෙන සුන්දර කාන්තාවන් අතරින් එලෙසින් කිරුළු පැලැඳි මේ හංසනී කවුද?   

  •  හංසනී ඇයි ඔබට ඔමිනෝ කියලා කියන්නේ?

මගේ සැමියාගේ පවුලේ නාමය ඔමිනෝ. විවාහයෙන් පසුව මම භාවිත කරන්නෙ ඔමිනෝ ගමගේ සජිනි කියලයි.   ලංකාවේ මගේ යාළුවෝ හැමෝම මට කතා කරන්නෙ සජිනි හංසනී නමින්.

  •  මීට පෙර රූ රැජින තරග වලට සහභාගී වෙලා තියෙනව ද?

මේ ෆර්ස්ට් ටයිම්. අවුරුදු කුමරිය  තරගවලට ඒ දිනවල පෙනී සිටියා. ඒවගෙන් ජයත් ලැබුවා.

  •  ජපානයේ මේ රූ රැජින තරගයට කී දෙනෙක් විතර තරග කළා ද?

එකසිය ගාණක් විතර ඇප්ලයි කරලා තිබුණා. ඒත් අන්තිමට තරග කළේ 50-60 ත් අතර පිරිසක් විතරයි.

  •  ඇයි මේ තරගයට හංසනී ට ඉදිරිපත් වෙන්න හිතුණෙ?

මම ජපානයේ සිටින නිසා,  මේ තරගය සංවිධානය කරන සමන් රත්නායක මහතාගෙන් මට ඇරයුමක් ලැබුණා. ඉතින් පළමු වතාවට මේ වගේ රූ-රැජින තරගයකට ඉදිරිපත් වී බලන්න ආසාවක් තිබුණෙ. ඒකයි මේ තරගයට සහබාගි වෙන්න හිතුවෙ.

  •  සැමියා මොකද කිව්වෙ?

එයාට මම කැමති දේ ගැන හොඳ අවබෝධයක් තියෙන්නෙ.  එයාම තමයි ඇප්ලිකේෂන් එක පවා දැම්මෙ.

  •  අපි කොහොමද කතා කරන්න ඕනෑ, සජිනි කියන්න ද?- හංසි කියන්න ද?

හංසි කියලා තමයි හැමෝම කතා කරන්නෙ.

  •  හංසි ජපානයට ගියේ?

ජපානයට යාම පොඩි කාලයේ ඉඳලම මට තිබුණ හීනයක්. ඒත් පවුලේ එකම ගැහැනු ළමයා නිසා මම කොහේවත් යනවට ගෙදර අය කැමති වුණේ නැහැ.මගේ පවුලේ අම්මයි- තාත්තයි මගේ අය්යලා දෙන්නයි. ඒ අයගේ රැකවරණයෙන් පිට කොහේවත් ගිහින් හිටියෙ නැහැ. 2018 දී මම ජපානයට ආවෙ ඉගෙන ගන්න. ඒ විදිහට තමයි මගේ ජපන් සිහිනය ඉටුවුණේ.

  •  හංසනිගෙ ගම?

අගලවත්ත

  •  මොන වගේ පවුලක කෙනෙක් ද?

තාත්තා සේවය කළේ යුද්ධ හමුදාවේ. ලොකු අය්යා කොරියාවේ සේවය කරලා දැන් පදිංචිව ඉන්නෙ ඩුබායි රාජ්‍යයේ. පොඩි අය්යා මෝටර් රථ ධාවන ශූරයෙක්. ඊට අමතරව එයා මැණික් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වෙනවා. ඒ දෙන්නත් විවාහකයි.

  •  හංසිට ජපන් ප්‍රේමය හමු වූ හැටි කියමු?

එයා ජපන් භාෂාව උගන්වන්න වතාවක් ලංකාවට ඇවිත් ඉඳලා තියෙනවා. හැබැයි මම එයාව හඳුනා ගත්තෙ ඒ ජපන් භාෂාව ඉගැන්වූ පාසලේ එයාගේ අම්මාගෙන්. මම ජපන් භාෂාව ඉගෙන ගන්න ගියේ එතුමිය ළඟට. ඒ පාසලේ ප්‍රින්සිපල් විදිහට හිටියෙ එතුමිය. වැඩිදුර ජපන් බස ඉගෙන ගන්න ජපානයට ගිහින් සිටියදී යෝජනාව ගෙනාවෙත් එයාගෙ අම්මා. අපි මාස හයක් විතර යාළුවො විදිහට ඇසුරු කළා. එයා ඇත්තටම හරිම හොඳ කෙනෙක්. අපි විවාහ වෙන්න තීරණය කළේ ඒ නිසයි. අපි විවාහ වුණේ 2021 දී. මගේ සැමියා මාව ඉතා හොඳින් බලා ගන්නවා.

  •  ඉතින් අද කොහොමද ජපානයේ ගෙවන ජීවිතය?

ඉතා සතුටින්. මගේ සැමියා තොරතුරු තාක්ෂණ අංශයේ ඉංජිනේරුවරයෙක්. මම මෙහේ ජාත්‍යන්තර පාසලක පෙර පාසල් අධ්‍යාපනය ගැන  උගන්වන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. දැන් ලැහැස්ති වෙන්නෙ ඒ කටයුතු වෙනුවෙන්.  ඊට අමතරව සති අන්තයේ මගේම  සැලෝන් ආයතනයක් පවත්වාගෙන යනවා.

  •  හංසනී ජීවිතේ ගත කරන්න කැමති විදිහ?

නිදහසේ ජීවිතය ගත කරන්න කැමතියි. ලැබෙන සෑම අවස්ථාවකදීම අම්මා සහ තාත්තා එක්ක කතා කරන එක තමයි කරන්නෙ.  ජීවිතේ මගේ තේමාව කාටවත් කරදරයක් නැතිව ජීවත් වීමයි. ලොකු ප්ලෑන්ස් ගොඩක් නැහැ. ඒත් ලස්සනට ඉන්න කැමතියි. අනාගතයේදී දරුවන් ලැබුණාම එයාලට හොඳ මවක් වේවි. ජීවිතේ ලැබෙන දේට උපරිම ගරු කරන කෙනෙක් මම. ජීවිතේ බොහොම විවෘත කෙනෙක් .

  •  ලස්සන පෙනුමක් ඇති කාන්තාවක වීම ගැන හැඟෙන්නෙ කොහොම ද?

ඇස් දෙකෙන් බාහිරව දකින ලස්සනට වඩා මම අගය කරන්නෙ  යමෙකුගේ ඇතුළාන්තයේ ඇති ලස්සනයි. මොකද බාහිරින් පෙනෙන දකින ලස්සන තාවකාලිකයි. මම ලස්සනයි ද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මම මගේ ඇතුළාන්තයෙන් ලස්සනයි කියලා නම් දන්නවා.

  •  මොන වගේ දේට දක්ෂ ද කියලා ඇහුවොත්?

මට හොඳට චිත්‍ර අඳින්න පුළුවනි. සිදු කියන්නත් පුළුවන් කියලා හිතෙනවා.

  •  කොහොමද ටෝකියෝවේ ගෙවන ජීවිතය?

හරිම බිසි තමයි. ඒ වුනාට හරිම ලස්සනයි. මුලින්ම නම් ටිකක් නුපුරුදු බවක් දැනුණා. ඒ වගේම ලංකාවෙදී මම ගෙදර වැඩ කළ කෙනෙක් නෙවෙයි. අම්මයි-තාත්තයි තමයි ඔක්කොම කරලා දුන්නෙ. තනියම කොහේවත් යැව්වෙ නැහැ.

  •  ජපානයේ දකින හොඳම දේ මොකක්ද කියලා ඇහුවොත්?

මෙහේ මිනිස්සු හරිම හොඳයි. අනෙක් අයට ගරු කරන්න දන්නවා. අපිව කොන් කරන්නෙ නැහැ.  පාරක් ගැන හරි ඇහුවොත් ඒ ළඟටම ගිහින් පෙන්වීමට තරම් කරුණාවන්තයි. ඕනෑම දෙයක් විශ්වාස කරනවා. ඒ වගේම ඒ විශ්වාසය කඩකරනවට කැමතිත් නැහැ. ඒ වගේ දේ නිසාත් මේ රට පාරිසරිකව හරිම ලස්සන නිසාත් මම මේ රටට හරිම කැමතියි.

  •  විවේකය ගත කරන්නෙ කොහොම ද?

මගේ සැලෝන් එකේ වැඩ නැත්නම් අපි ඇවිදින්න යනවා. ලස්සන තැන් බොහෝමයිනෙ. ගීත එහෙමත් අහනවා. නදීමාල්ගෙ ගීත අහන්න හරිම ආසයි.

  •  ජපානයේදි රඟපෑමට අවස්ථාවක් ලැබුණොත්?

වතාවක NHK ටී වී එකේ ප්‍රෝග්‍රෑම් එකක සිංදු කියන්න ලැබුණා. කිමොනෝ එක ඇඳලා හිටියෙ. කොහොමටත් මම නිරූපණ කටයුතු වලට කැමති නිසා අවස්ථාවක් ලැබුණොත් හිතලා බලනවා.

  •  ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න ඔබට අවස්ථාවක් ලැබුණොත්?

ලංකාවයි ජපානයයි අතර. හොඳ බැඳීමක් ඇති කරන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම ව්‍යාපාරික අවස්ථා  වගේ දේ ඇති කරන්න මගේ අරමුණක් තියෙනවා.


සඳුන් ගමගේ


 



අදහස් (0)

2024 ජපානයේ ශ්‍රී ලංකා රූ - රැජින - සජිනි හංසනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1004 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site