2018 අගෝස්තු මස 05 ඉරිදා දින පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වන දරු දැරියන්ගේ යහපත සඳහා නිවසින් පිටත් වීමට අවශ්‍ය ශුභ නැකත් පහත දක්වා ඇත.
මෙදින නිවසේදී උදේ 6.00 - 7.00 අතර ත්‍රිවිධ රත්නය වැඳ පුදා ශ්‍රී විෂ්ණු දෙවිඳුට, ශ්‍රී කතරගම දෙවිඳුට, ශ්‍රී ගණ දෙවිඳුට, සරස්වතී දේව මාතාවට, මහා බ්‍රහ්මයා ඇතුළු සියලුම දෙවියන්ට පින් දී සෙත් පතා මව් පිය වැඩිහිටි නැමැඳ ගමන් අරඹන්න එසේම
බුද්ධො තිලොක සරණො, බුද්ධො සුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං බුද්ධො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මය්හං භයං සදා
ධම්මෝ තිලොක සරණො ධම්මො සුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං ධම්මො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං නත්ථි මය්හං භයං සදා
සංඝො තිෙලාක සරණො සංඝො සුරියො තමො නුෙදා
එවං තං සරණං ඛෙමං සංඝො ෙම සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං නත්ථි මහ්යං භයං සදා
ජයො මුනින්දස්ස සුබෝධි මූලෙ අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝොසයුං දෙව ගණා පසන්නා එතෙන සච්චේන ජයස්සු මය්හං
යන ගාථා කියා
නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එස්වාහඃ යන පාඨය තෙවරක් කියා මට ජයක්ම වේවායි අධිෂ්ඨානයෙන් ගමන් අරඹන්න.
විභාග ශාලාවේදී ලිවීමට පෙර
විභාග ශාලාවේදී ලිවීමට පෙර නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එස්වාහඃ යන පාඨය තෙවරක් කියා පිළිතුරු ලිවීම ආරම්භය ශුභයි.
ශුභ නැකැත් 2018 අගෝස්තු 05 ඉරිදා
පෙරවරු 06.19 - 06.43, 07.05 - 07.15, 07.43 - 08.07 සහ 08.18 ශුභ දිශාව දකුණ
ඔබට ජයක්ම වේවා.....
පී.ඇම්. මුදලිගේ
හප්පාවක, වංචාවල.
2025 නොවැම්බර් මස 21
116
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
198
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1060
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට නිවසින් පිටත් වීමට සුබ නැකත්