IMG-LOGO

2023 නොවැම්බර් මස 29 වන බදාදා


යළි මෙලොව ඉපදී පෙම් රහස් හෙළිකරති

පෙර භවයේ ප්‍රබල සාක්කි

පෙම් සබඳතා පැවති ආදර වන්තයන්ගේ වියෝ වීම්වලදී අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම් ශෝක ජනකය. බොහෝ එවැනි පෙම්වතුන් සහ පෙම්වතියන් තම ආදරවන්තයා මතු භවයක දී හෝ දැක ගන්නට ලැබේවායි කරන පැතුම් ද හෝ දැක ගන්නට ලැබේවායි කරන පැතුම් ද අසන්නට ලැබේ. එවැනි පැතුම් ඉටුවන්නේ ද යන්න විමර්ශනය කිරීම අපහසුය. එහෙත් එවැනි අාදරවන්තයන් යළි උපත ලබා ඇති බැව් සනාථ කරන ප්‍රබල සාක්කි රැසක් පුනර්භව පර්යේෂණ අතර දක්නට ලැබේ.  

රටවල් කීපයකින්ම එවැනි පුනර්භව සාධක හෙළි වී ඇති අතර ඇමරිකාවේ වර්ජීනියා විශ්වවිද්‍යාල මගින් සිදු කළ එවැනි පර්යේෂණ කීපයක්ම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ පුනර්භව සාධක ද ඇතුළත් වේ.   


සිය පෙම්වතිය ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ දරුවෙක් උපත ලැබුවේ ගාල්ල ප්‍රදේශයෙනි. සොහොයුරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වූයේ ඔහුය. කුඩා කළ සිටම පවුලේ බාලය වූ මල්ලීට අක්කලා තිදෙනාට දැක් වූයේ අති මහත් ආදරයකි. සොහොයුරියන් තිදෙනා සමඟ නිතර ගැවසුණ සිඟිති දරුවා වැඩිමහල් සොහොයුරියට වැඩි ආදරයක් දක්වන බැව් දක්නට ලැබිණි.  


වැඩිමහල් සොහොයුරිය ඔහු වඩාගෙන සිටින බොහෝ අවස්ථාවලදී මෙම දරුවා ඇසිපිය නොහෙලා එම සොහොයුරියගේ මුහුණ දෙස බලා සිටීමට ද පුරුදුව සිටියේය. ඒ අයුරින් සොහොයුරියගේ මුහුණු දෑතින් හරවා බලන අයුරු දුටු සොහොයුරිය දිනක් සිගිති මල්ලීගෙන් ඒ පිළිබඳව විමසීමක් කළාය.  


මොකද මල්ලි ඔයා හැම  තිස්සේම මගේ මුහුණ දිහාම බලාගෙන ඉන්නේ? යයි ඇය ප්‍රශ්න කළාය. ක්ෂණයෙන් පිළිතුරු දුන් සිඟිති දරුවා.  


‘‘ඔයා හරිටම මගේ කෙල්ල වගේ’’ යයි පිළිතුරු දුන්නේය. තම මල්ලීගේ පිළිතුරෙන් මවිතයට පත්වූ සොහොයුරිය. ඔයාගෙ කෙල්ල කව්ද? යැයි නැවත විමසීමක් කළාය. නිහඬව සිටි දරුවා නැවතත් සොහොයුරියගේ ගෙල බදාගෙන ඇගේ මුහුණ දෙසම බලා සිටියේය.  


නැවතත් තම මල්ලි ඇමතූ සොහොයුරිය   


‘‘ඔයාගෙ කෙල්ල කව් ද? කොහේද ඉන්​ෙන්? යයි නැවත විමසුවාය.  


‘‘එයත් ඔයා වගේමයි. ඔයාට වැඩිය සුදුයි. මම යාළුවෙලා හිටියෙ එයත් එක්ක. දැන් එයා බැඳලත් ඇති’’ යනුවෙන් මල්ලී දුන් පිළිතුරෙන් ඔහු කිසියම් පෙරභවයක තොරතුරු හෙළි කරන බැව් සොහොයුරියට වැටහිණි.  
අනතුරුව ඔහු තව තවත් පෙරභව තොරතුරු හෙළි කරමින් දිනක් මව අමතා ‘‘අම්මේ මේ අපේ ගේ නෙවෙයි.’’ යැයි පැවසීය. මේ අපේ ගේ තමයි පුතේ’’ යයි මව පැවසූවාය.  


‘‘නැහැ අපේ ගේ මීට වැඩිය ලොකුයි. එ් වත්තත් මීට වැඩිය ලොකුයි. යනුවෙන් කීවේය. තම පුත්‍රයා නියත වශයෙන්ම පෙරභව තොරතුරු හෙළි කරන බැව් මවටද පැහැදිලි විය. සොහොයුරියෝද තම මල්ලීගේ පෙරභව තොරතුරු එතැන් සිට නිතර නිතර විමසන්නට වූහ.  


‘‘මල්ලි ඔයාගෙ කෙල්ලට මොකද වුණේ? යයි සොහොයුරිය නැවත දිනෙක සිය සොහොයුරාගෙන් විමසීමක් කළාය.’’  


‘‘බඳින්න ඉන්න කෙනා තමයි මැරුණෙ’’ ඔහුගේ පිළිතුරු විය. ඒ පිළිබඳව තවත් තොරුතුරු විමසීමට මල්ලී ඇමතූ සොහොයුරිය.  


‘‘මක්වෙලාද එයා මැරුණේ?’’ යි විමසුවාය.  


‘‘මට කව්ද පිහියෙන් ඇන්නා. පපුවට තමයි ඇන්නේ.’’යයි ඔහුගේ පිළිතුර විය.  


මෙම දරුවා පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට අප යන විටත් ඔහුට සිය පෙර භවය පිළිබඳව ඉතා හොඳ මතකයක් තිබිණ. පෙර භවයේදී ඔහු විවාහ වීමට සිටි තරුණියගේ නමද ඔහු හෙළි කළේය. තරුණ වියේ සිට ඇය සමග තදබල පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඇය විවාහ කර ගැනීමට බලාපොරොත්තුව සිටිය දී ඔහු පිහි ඇනුමකින් ඝාතනයට ලක් වූ බවත් මෙම දරුවා ප්‍රකාශ කළේය. මෙම දරුවා හෙළි කළ තොරතුරු අනුව ඔහුගේ සිරුර භූමදානය කළ ස්ථානය පවා පෙන්වා දීමටද ඔහුට හැකිවිය.  


දරුවා අනාවරණය කළ පරිදි පෙරභවයේ නිවස හමුවීමෙන් පසු ඔහුගේ පෙම්වතිය හමුවීමටද එම දරුවාට අවස්ථාව ලැබිණි. ඔහු හෙළි කළ පෙම්වතිය ඒ වන විට විවාහක කාන්තාවකි. පෙම්වතා ලෙස සිටියදී පෙර භවයේදී ඔහු මියගොස් ඇත්තේ 1972 වසරේදී වූ අතර පෙර භවය හෙළි කළ දරුවා උපත ලබා ඇත්තේ 1979 වසරේදීය. ඔහු අනාවරණය කළ විශේෂ සිදුවීමක් ද විය.  


පෙර භව නිවස අසල සොහොන් දෙකක් ඇති බැව් එම දරුවාට මතක තිබිණි. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී සොහොන් තුනක් එම නිවස අසල දක්නට ලැබිණි. තෙවැනි සොහොන පෙර භවයේ පුද්ගලයා ගේ වීම එම විශේෂත්වය විය. මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් බවට එය පිළිගනු ලැබීය.  


පෙම්වතුන් ලෙස සිටියදී මෝටර් රථ අනතුරුවලින් මරණයට පත් වූ බැව් හෙළි කළ දරුවන් කීප දෙනෙක්ද සිටිති. එවැනි අනතුරක් පිළිබඳව දිගු විස්තරයක් අනාවරණය කළ තුෂාරි නම් දැරියක් මීට වසර ගණනකට උඩදී උපත ලැබුවේ කෑගල්ල ප්‍රදේශයේදීය.  


එම දැරිය ප්‍රකාශ කළේ පෙරභවයේදී ඇගේ නම රේණුකා බවය. පෙර භවයේදී ඇය කතෝලික කන්‍යාරාමයක ඉගෙනීම ලැබූ බව ඇයට මතක තිබිණි. ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශය පානදුර ලෙස හැඳින්වූ බවද හෙළිකළ එම දැරිය ඇගේ පෙරභවයේ පෙම්වතා හඳුන්වනු ලැබුවේ ‘‘මගේ බෝයි ප්‍රෙරෙන්ඩ්’’ යනුවෙනි.  

 

 

පෙර භවය පිළිබඳව තොරතුරු හෙළිකිරීම ආරම්භ කළ ඇගේ පළමු වදන වූයේ ද ‘‘බෝයිප්‍රෙරෙන්ඩ්’’ යනුවෙන් ප්‍රකාශ කිරීමය. ඒ වන විට තෙහැවරිදි වියේ පසුවූ තම සිඟිති දියණියගේ මෙම වදන මටම ඇදහිය නොහැකි විය.‘‘ඔයාගේ බෝයිෆෙරෙන්ඩ් කොහේද? යැයි මව ඇගෙන් විමසූවිට ඇය පැවසුවේ ‘‘එයාට රතුපාට කාර් එකක් තියෙනවා. සමහර දාට​ එයා අපේ ඉස්කෝලෙ ළඟටත් එනවා. එයා (සන්ග්ලාස්) උපැස් යුවලක් ද‌ානවා යනුවෙන් සිය පෙම්වතාගේ හැඩ රුව පිළිබඳවත් ඇය මතකයෙන් හෙළි කළාය.  


සිය පෙම්වතා සොයා දෙන ලෙස ඇය සිය මවගෙන් ඉල්ලා සිටීමද ඇගේ වි​ෙශ්ෂත්වයක් වී තිබිණි. දිනක් ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරකට පත් වී මරණය සිදුවූ බවද මෙම දැරිය පෙර භව මතකයෙන් අනාවරණය කළාය. එහෙත් එම අනතුර සිදුවූ ප්‍රදේශයක් පිළිබඳව ඇගේ මතකයේ නොතිබිණි. ඇගේ මතකයේ තිබූ පුද්ගල නමක් තිබිණි. ඇය ඒ බැව් සදහන් කළේ මහින්ද කියල අයියා කෙනෙක් හිටියා යනුවෙනි.  
1969 ජුලි මාසයේ දී උපත ලද මෙම දැරිය පැවසූ පරිදි පෙම්වතා ඇය අමතන ලද්දේ රේණු යන කෙටි නමින් බව ද ඇය ප්‍රකාශ කළාය. ඇය පැවසූ තොරතුරු අනුව පෙර භවයේ දී පොහොසත් ජීවිතයක් ගත කළ තරුණියක ලෙස කරුණු අනාවරණය විය.   


මෙම දැරිය හෙළි කළ තොරතුරු අනුව පෙර භවය සොයා ගැනීමට දෙමාපියෝ මහත් පරිශ්‍රමයක් ගත්හ. බර්ජීනියා විශ්වවිද්‍යාලය මගින් ද මෙම පුණර්භව සාධකය සියුම් පර්යේෂණයකට ලක් කළේය. මහචාර්ය ස්ටීවන්සන් විසින් ප්‍රකාශයට පත් කළ (ANALYSIS OF UNSOLVED CASES OF REINCARNATION TYPE) යන වාර්තාවට ඒ පිළිබඳ ඇතුළත් කර ඇත්තේ.   


SHE SAID THAT A SHE HAD BEEN CALLED RENUKA (WITH THE SHORT FORM RENU) IN THE PREVIOUS LIFE AND SHE GAVE THE NAMES OF TWO OF HER BROTHERS AND A SERVANT SHE SAID SHE HAD GONE TO A CHURCH AND ATTENDED A CONVENT SCHOOL) යනුවෙන්   


අලුත විවාහ වූ යුවලක් ලෙස ආදරයෙන් ජීවත්ව සිටියදී තම බිරිය මරණයට පත් වූ බැව් හෙළි කළ තවත් දරුවෙක් කොළඹ දී උපත ලබා තිබිණි. එම දරුවා පවසන ලද්දේ බිරිය ඔහුගේ මවගේ හැඩරුවින් යුක්තව සිටි බවකි.  


එහෙදී මට අම්මයි තාත්තයි හිටියා. මට කියන්නෙ ගවේෂ කියලා. මට කාර් එලවන්න පුළුවන්. නෝන ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා යනවා. එයා හරි සුදුයි. අපේ ගෙදරට යන කොට පාලම් දෙකක් පහුවෙනවා. එද‌ා නෝන දිලිසෙන සාරියක් ඇදගෙන හිටියා. අපි මඟුල් පොටෝ එකකුත් ගත්තා. මම පාර අයිනේ කාර් එක නැවැත්තුවා එයා පාර හරහා පනින කොට වාහනයක හැපුණා’’ යනුවෙන් පැවසූ එම දරුවා තම ආදර බිරිය සොයා දෙන ලෙස ඉල්ලා සිටියේය.  


කළුතර ප්‍රදේශයේ දී උපත ලද තවත් දැරියක් පෙර භවයේදී ඇගේ පෙම්වතා හඳුන්වන ලද්දේ දිලිප් යනුවෙන් බැව් අනාවරණය කළාය. කුමාරි නම් වූ එම දැරිය ඇතැම් විට වැසි දිනවල දී නිවසින් ඉවතට පැමිණ මග බලමින් සිටීම ඇගේ සිරිත වූවාය. දියණියගේ මෙම හැසිරීම ඇගේ මවට ද බලවත් ගැටලුවක් වීය.   


දිනක් මග බලමින් සිට වැසි දිනයක දී මව වෙත පැමිණි දැරිය,  


‘‘අනේ! වෙනද නම් ​ෙම් වෙලාව වෙන කොට දිලිප් ඇවිල්ලනේ. අද තමත් නෑ’’ යයි පැවසුවාය. දිලිප් ඇගේ පෙම්වතා ලෙස සිටි බවත් පසුව ඔවුන් විවාහ වූ බවත් මෙම දැරිය පැවසුවාය. ඒ වන විට ඇය බලංගොඩ ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කළ බවක්ද අනාවරණය කළ ඇය පෙර භවයේදී ඇයට සිටි මිතුරියන් ලෙස මුතු මැණිකේ යනුවෙන් නමක් ද අනාවරණය කළාය.   


‘‘එද‌ා දිලිප් හයියෙන් ගිය නිසානේ මට මෙහෙ එන්න වුණේ යයි මතකයෙන් හෙළි කළ ඇය එදා සිදුවූ අනතුර පිළිබඳව අනාවරණය කළේ දිලිප් කාර් එක අයින් කරන කොට රෝදයක් ගැලවුණද? මොකක්ද වුණා. එතකොට එයාගේ කකුල් දෙක කැඩුණා. ඉතින් මම මෙහෙට ආවා.’’ යයි ද ඇය එදා අප සමඟ පැවසුවාය.  


මෝටර් රථ අනතුරකින් මියගිය බැව් හෙළි කළ තවත් දරුවෙක් ඔහු පෙරභවයේදී ජීවත්ව සිටියේ කෑගල්ලේ බැව් හෙළි කළේය. ඔහු පැවසුවේ ගුවන් හමුද‌ාවේ සේවය කරමින් සිටිය දී ඔහුට පෙම්වතියක් සිටි බවය. පෙම්වතියගේ නම දීපිකා ලෙස වරෙක ඔහු සඳහන් කර තිබේ. තිස්ස විද්‍යාල නමින් හැඳින්වූ විදුහලක අධ්‍යාපනය ලැබූ බවක්ද ඔහුගේ මතකයේ තිබිණි.  


දිනක් ඔහු සිය මාපියන් සහ පෙම්වතිය සමග කාරයකින් ගමන් කරමින් සිටියදී රිය අනතුරක් සිදුවූ බැව් හෙළි කළේය. මහනුවර කොළඹ මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී එම රිය අනතුර සිදු වූ බැව් එම දරුවා ප්‍රකාශ කළේය.  


මෙම දරුවා පැවසූ පරිදි ඔහුගේ පෙර භවයේ නම රෝහණ ලෙස හඳුන්වා ඇත. කොඩිකාර යනුවෙන් පුද්ගල නමක්ද ඔහුගේ මතකයේ තිබිණි. කිත්සිරි සහ නීල් යනුවෙන් හැඳින්වූ සොහොයුරන් දෙදෙනෙක් සිටි බවක්ද ඔහුගේ මතකයේ තිබිණ. වයස අවුරුදු තුනේ පමණ සිට පෙර භවයේ පෙම්වතිය ගැන හෙළිකිරීම මෙම දරුවාගේ සිරිත වීය.  


පෙරභවය පිළිබඳ අනාවරණය කළ මෙම දරුවාගේ තොරතුරුද තවමත් පරීක්‍ෂණ මට්ටමේ පවතී. මෙම පුනර්භව සාධකය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ඒ දිනවල ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ස්ටීවන්සන්ද උතුවන්කන්ද ප්‍රදේශයට ගොස් එවැනි රිය අනතුරකින් මරණයට පත් වූ සිදුවීමක් පිළිබඳව සොයා බැලීමට දැඩි පරිශ්‍රමයක් ගනු ලැබීය.  

 

 

මෝටර් රථය ලිස්සා ගොස් උතුවන්කන්ද ප්‍රදේශයේදී ගසක වැදුන බැව් මෙම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි.  


පෙම්වතියක් පිළිබඳව බිහිසුණු අත්දැකීමක් අනාවරණය කරමින් පෙම් රහසක් හෙළි කළ පුනර්භවයක් මීට වසර ගණනකට උඩ දී බලංගොඩ ප්‍රදේශයෙන් අනාවරණය විය.  


එම පෙම් සබඳතාව අනාවරණය කළ දරුවාගේ උපත සිදුවී තිබුණේ දකුණු අතේ සහ පපුව ප්‍රදේශයේ ආබාධිත තත්ත්වයක්ද ඇතිවය. ශ්‍රී ලංකාවෙන් අනාවරණය වූ අතිශය වැදගත් ප්‍රබලතම සාක්කි සහිත පුනර්භව සාධකය වූ එම පර්යේෂණ සිදුකරන ලද්දේ හැටේ දශකයේදීය.  


බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් විසින් දැනුම් දීමෙන් පසු පුනර්භව පරීක්‍ෂකයන් වූ ප්‍රැන්සිස් ස්ටෝරි සහ මහාචාර්ය ස්ටීවන්සන් මෙම පර්යේෂණය මෙහෙයවීය. එම දරුවාගේ පර්යේෂණයට සහාය වීමට අපටද හැත්තෑවේ දශකයේදී අවස්ථාව ලැබිණි.  


ඔහු පැවසුවේ පෙර භවයේදී තම පෙම්වතිය ඔහුව පිළි නොගැනීමක් නිසා ඇයට පිහිපහර එල්ල කළ බවය. පොඩි මැණිකේ නම් එම තරුණිය ඝාතනය කිරීම නිසා පෙම්වතා වශයෙන් සිටි ඔහු එල්ලා මරා දැමූ බවද එදා එම දරුවා ප්‍රකාශ කළේය. ඔහු උපත ලබා තිබුණෙ පෙර භවයේ සොහොයුරාගේ දරුවකු ලෙසය. ඔහුගේ දකුණු අතේ ඇඟිලි කීපයක් එකට බද්ධ වී පිහිටා තිබූ අතර පපුවේ එක් පැත්තක වළගැසුණු ලෙසටද උපතින් දක්නට ලැබිණි.  


බර්ජීනියා විශ්ව විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථ කීපයකම මෙම පුනර්භව සාධකය ඇතුළත් කර තිබේ. මහාචාර්ය ස්වීවන්සන්ගේ ග්‍රන්ථයක ඒ පිළිබඳ සඳහන් කර ඇත්තේ.  


"HE SAID THAT HIS HAND WAS MALFORMED BECAUSE IN THE PREVIOU LIFE, HE HAD KILLED HIS WIFE WITH HIS HAND ALSO SEEMED TO HAVE AN EXPLANATION FOR THE BIRTH DEFECT OF HIS CHEST HE SAID THAT IN THE PREVIUS LIFE HE HAD STABBED PODI MENIKE IN THE RIGHT BREST") යනුවෙනි.   

 

 

 

 

 

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

යළි මෙලොව ඉපදී පෙම් රහස් හෙළිකරති

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10446 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 5997 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5553 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 4632 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 2927 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1526 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 760 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 587 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4413 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site