IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බිත්තර දමන්න උපන් වෙරළටම ආපසු එන කැස්බෑ අම්මා

දෙලොවක් අතර ජීවිත

කොස්ටා රීකා රාජ්‍යයට අයත් වෙරළ තීරයේ නොගැඹුරු මුහුදට පැමිණ මුහුදු පතුළේ ගිමන් හරින ‘ඔලිව් රිඩ්ලි’ කැස්බෑවෙකි. මේ කැස්බෑවා ගැහැනු සතෙකි. අම්මා කෙනෙකි. ඇය මේ වෙරළ තීරය බලා පැමිණ ඇත්තේ සැතපුම් සිය ගණනක් දුර ගෙවා පිහිනමිනි. එය ඉතා වෙහෙසකර ගමනකි. ගමනාන්තයට පැමිණ සිටින ඇය දැන් මදක් විවේක ගනී. කොතරම් වෙහෙසකර වුණත්, ඇය මෙම චාරිකාව සම්පූර්ණ කළ යුතුය. ඊට හේතුව ඇය සිටින්නේ බිත්තර පුරවාගෙනය. ඇය මේ වෙරළ තීරයට පැමිණ ඇත්තේ බිත්තර දැමීමටය. ඇය බිත්තර දමන්නේ මුහුදු වෙරළේ වැලි අතරේ පමණි. මේ කැස්බෑ අම්මා, මෙසේ පැමිණ සිටින්නේ, මීට දස වසරකට පෙර ඇය උපන් මූදු වෙරළටය. 


ඉවෙන් දැනීම 


කැස්බෑවන් පමණක් නොව, සාගර ජීවීන් බොහෝ දෙනකු යළි බිත්තර දැමීමට යන්​ෙන් උන් උපත ලැබූ ස්ථානයටය. එම ස්ථානය ඔවුන් හඳුනා ගන්නේ කෙසේදැයි යන්න හරිහැටි පැහැදිලි කිරීමට විද්‍යාඥයන්ට හැකියාවක් නැත. එය ඉවෙන් මෙන් සිදුවන විස්මයජනක ක්‍රියාවලියකි. හුරුපුරුදු සාගරයේ ආරක්ෂාවෙන් මිදී කැස්බෑ අම්මා සෙමින් සෙමින් මුහුදු රළ අතරින් වෙරළට ඇදෙයි. තමන් දස වසරකට පෙර උපත ලැබූ වෙරළ වුවත් මේ වෙරළ ඇයට නුහුරුය. ආගන්තුකය. මෙහි අනතුරුවලින් ද අඩුවක් නැත. කැස්බෑ අම්මාගේ නිර්භීතකම ඒ සියල්ල පරදයි. ඇය රළ කපාගෙන සෙමින් සෙමින් වෙරළට ඇදෙයි. 


දහස් ගණනක් 


බිත්තර පුරවාගත් තවත් කැස්බෑ අම්මලා දස දහස් ගණනින් මේ වෙරළට පැමිණ සිටී. මුහුදු වෙරළ කැස්බෑ අම්මලාගෙන් පිරී ඉතිරෙයි. මෙය වසර මිලියන දහස් ගණනක් තිස්සේ සිදුවන අපූරු ක්‍රියාවලියකි. මුහුදු වැලි අතරේ වළක් හාරා බිත්තර දමා හොඳින් සුරක්ෂිතව වසා දැමීමෙන් පසු කැස්බෑ අම්මලා ආපසු මුහුදට ඇදෙයි. නියමිත දින ගණන සම්පූර්ණ වූ පසු පුංචි පැටව් බිත්තර පුපුරා එළියට පැමිණෙති. බිත්තර කටුවෙන් පමණක් නොව, වැලි තට්ටු අතරින් ද එළියට පැමිණීම පැටවුන්ට අභියෝගයකි. මතුපිටට පැමිණෙන පැටවුන් හැකි ඉක්මනින් මුහුදට යා යුතුය. එය කළ යුතු බව ඔවුන්ට ඉවෙන් වැටහෙයි. හේතුව, කුඩා පැටවුන් එක කටට ඩැහැ ගැනීමට මුහුදු ලිහිණියන්, කබරගොයින් ආදී නොයෙක් විලෝපිකයන් සූදානමින් සිටීමය. උපත ලබන පැටවුන් දහස් ගණනක් අතරින්, අතලොස්සක් පමණක් බේරී මුහුදට යති. සාගරය පමණක් නොව, ගොඩබිම ද ජයගත හැක්කේ, මේ අයුරින් සාගරයේත් ගොඩබිමත් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන ජීවීහු පමණි. මොවුන්ගේ ජීවිත දෙලොවක් අතරය.  

 

 



අදහස් (0)

බිත්තර දමන්න උපන් වෙරළටම ආපසු එන කැස්බෑ අම්මා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site